• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මිනිසුන්ට ටෙලිනාට්‍ය එපා කරවන්නෙ TV චැනල්

December 20, 2020
in Heart
Reading Time: 2 mins read
A A
මිනිසුන්ට ටෙලිනාට්‍ය එපා කරවන්නෙ TV චැනල්
Share on WhatsAppShare on Facebook

අද ඉන්න නළු නිළියන්ගේ පැවැත්මක් නැහැ…

ගාන හොයනවා – ඊට පස්සෙ නවත්වනවා…

නර්තන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට පිවිසි ඇය ලාංකේය ප්‍රේක්ෂකයන්ගේ තවමත් මතකයේ රැඳෙන වසුදා, කාව්‍යා, ගෞතමී වැනි ජනප්‍රිය ටෙලිනාට්‍ය සඳහා සිය රංගන ප්‍රතිභාව එළිදැක්වූ අපූරු රංගන ශිල්පිනියකි. කාලයක් රංගනයෙන් ඈත්ව සිටියද මෑතකදී විකාශය අවසන් වූ ‘සිහිනි’ ටෙලිනාට්‍යයේ මේඛලාගේ චරිතයට පණපෙවූ ඇය පිළිබඳව යළිත් ප්‍රේක්ෂකයන්ගේ කතාබහට ලක්විය. ඇය නමින් අනුරාධා උදයංගනීය.
ඉතින් අනුරාධා කොහොමද මේ දවස්වල කාලය ගතවෙන්නේ?
මේ දවස්වල නම් මුළු රටටම ඇතිවෙලා තිබෙන තත්ත්වයක් එක්ක ගෙදර තමයි ඉන්නෙ. නමුත් ‘සිහිනි’ නාට්‍යයේ රූගත කිරීම් නොවැම්බර් මාසේ මුල් සතිය වෙනකම්ම තිබුණා. රූගත කිරීම් කරන අතරතුරේම තමයි නාට්‍ය විකාශනය වුණෙත්. ඉතින් සෑහෙන කාලෙකින් යමක් කරන්න පුළුවන් චරිතයකට දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම රූපලාවණ්‍ය ශිල්පිනියක් හැටියට මම ඒ වැඩකටයුතුත් කරගෙන යනවා. හැබැයි ඉතින් හැම පැත්තෙන්ම කලා කටයුතු නම් මේ දවස්වල අඩාළ වෙලා තමයි තියෙන්නෙ.
‘සිහිනි’ ටෙලිනාට්‍යයේ මේඛලාගේ චරිතය ගැන කතා කළොත්?
මෙය මහේෂ් සත්සර මද්දුමආරච්චිගේ රචනයකට දායක වුණු පළමු අවස්ථාවයි. ඉතාමත් දැවැන්ත, හිතට කාවදින විදිහට, සාමාන්‍යයෙන් එදිනෙදා භාවිතා කරන වචන වෙනත්ම ආකාරයට ප්‍රේක්ෂකයන්ගෙ ආකර්ෂණය දිනාගන්න පුළුවන් විදිහට රචනා වෙලා. ඒ තුළින් අපේ අදහසුත් එකතු වෙලා ආපු චරිතයක් හැටියට තමයි මම මේඛලා මිහිඳුකුල කියන චරිතය දකින්නෙ. ‘සිහිනි’ කියලා කියන්නෙ පවුලේ කතාවක්. මං හිතනවා ප්‍රේක්ෂකයන් එය ආදරයෙන් වැලඳගන්නට ඇති කියලා.
ඔබ කාලයක් මෙගා ටෙලිනාට්‍ය කිහිපයක් තුළින් ප්‍රේක්ෂකයන් හමුවට ආ චරිතයක්. හැබැයි දැන් මෙගා ටෙලිනාට්‍යවල ඔබව දකින්න ලැබෙන්නෙ හරි අඩුවෙන්. ඒ ඇයි?
මෙහෙමයි. මං හිතන්නෙ මෙගාද ඒකාංගිකද එහෙමත් නැත්නම් කොටස් විස්සකට, විසි පහකට සීමාවුණු ටෙලිනාට්‍යයකද මම රඟපාන්නෙ කියනෙක නෙවෙයි වැදගත් වෙන්නෙ. ඒ කියන්නෙ යමක් කරන්න පුළුවන්, ප්‍රේක්ෂකයන් අතරට යන්න පුළුවන් අපිටත් දැනෙන චරිතයක් තුළින් පුංචි තිරයට යන එක තමයි වැදගත් වෙන්නෙ. සමහරුන්ගෙ මතයක් තියෙනවනෙ කොටස් කීපයකට පමණක් සීමා වුණු නිර්මාණවල මිස මෙගා ටෙලිනාට්‍යවල වැඩ කරන්නෙ නැහැ කියලා. නමුත් මගේ නම් එහෙම බේදයක් නැහැ. මම කිව්ව වගේම මම දැනට අවුරුදු පහකට හයකට කලින් පුංචි තිරයේ බොහෝ ජනප්‍රිය වුණු වසූදා, කාව්‍ය වගේ අවුරුදු 3ක් පමණ දීර්ඝ කාලයක් විකාශය වූ ටෙලිනාට්‍යවලට දායක වෙන්න අවස්ථාව ලැබුණා.
අද පවතින රැල්ලට යන දීර්ඝ ටෙලි නිර්මාණ පිළිබඳව ඔබ මොකද හිතන්නෙ?
මං හිතන්නෙ ඔය ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නෙ බොහොම සීමිත ටෙලිනාට්‍ය කිහිපයකට. මම රංගන ශිල්පිනියක් වුණාට ගොඩක් අවස්ථාවලදී ටෙලිනාට්‍ය නරඹන්නෙ ප්‍රේක්ෂිකාවක් හැටියට. මෑතක විකාශය වුණු කොටස් පනහකින් හැටකින් අවසන්වුණු ඉතාමත් හරවත් නිර්මාණ කීපයක් තිබුණා. ඇත්තම කිව්වොත් ඒ නිර්මාණ හරි ආසාවෙන් රසවිඳින්න පුළුවන්. නමුත් ඒ අතරෙ ප්‍රේක්ෂකයන්ට එපාම වුණු ටෙලිනාට්‍ය කීපයකුත් විකාශනය වෙනවා. ඉතින් මම දකින විදියට නම් මේ ප්‍රශ්නයට බොහෝ වෙලාවට වගකිව යුත්තේ සමහර නාළිකායි. මොකද අදාළ නාළිකාව තුළින් ඒ අධ්‍යක්ෂවරයාට ඒ ටෙලිනාට්‍ය තවදුරටත් කරන්න කියල ඉල්ලන නිසානෙ එම ටෙලිනාට්‍ය එම නිළිකාව තුළ විකාශනය වෙන්නෙ. ඉතා දීර්ඝ වශයෙන් ඇදි ඇදී යන්න ගියහම තමයි ප්‍රේක්ෂකයන් වුණත් ප්‍රතික්ෂේප කරන්නෙ. ඉස්සරම ටෙලිනාට්‍ය කොටස් විසිපහයි, තිහයි. කොටස් සීයක් වුණත් කමක් නැහැ. ඉතින් ඒ නාළිකාවලින් තීරණය කරනවා නම් යම් ටෙලිනාට්‍යයක් කොටස් 100ක් ඇතුළත විකාශනය කරලා ඉවර වෙන්න ඕනෙ කියලා. ඒ අධ්‍යක්ෂවරයා සිට පිටපත් රචකයා සමඟ මුලින්ම යම්කිසි සාකච්ඡාවකට ඇවිත් එකඟතාවයකට එනවා නම් මේ ප්‍රශ්නය ඇතිවෙන්නෙ නැහැ. නමුත් දැන් වෙලා තියෙන්නෙ කතාව පටන් ගත්තෙ කොහෙන්ද දන්නෙ නැහැ. ඉවර වෙන්නෙ කොහෙන්ද කියල දන්නෙ නැහැ. ඉතින් මෙහෙම දේවල් ඇතිවුණාම ප්‍රේක්ෂකයන්ට ටෙලිනාට්‍ය නැරඹීමට එපා වෙනවා. මං හිතන්නෙ එහෙම මට්ටමකට ටෙලිනාට්‍ය කලාව වැටෙනවා කියන්නෙ ලොකු අභාග්‍යයක්.
ටෙලිනාට්‍ය කලාවෙන් ඔබ්බට වේදිකාවට සහ සිනමාවට සම්බන්ධ නොවන්නේ ඇයි?
නැහැ. මම සම්බන්ධ වුණා. මං ක්ෂේත්‍රයට ආ මුල්ම කාලෙදි වේදිකා නාට්‍ය තුනකට දායක වුණා. නමුත් ඇත්තම කතාව තමයි මම දායක වුණු වේදිකා නාට්‍ය තුනේම සිදුවුණේ ඒ නිෂ්පාදකවරයාට ඒ නාට්‍ය ඉදිරියට ගෙනියන්න, දීර්ඝ කාලීනව ප්‍රේක්ෂකයො අතරට ගෙනියන්න කිසිම උවමනාවක් තිබුණෙ නැහැ. මාස හයක් හතක් තිස්සෙ පුහුණුවීම් කරනවා. ඊට පස්සෙ මංගල දර්ශනය පවත්වනවා. වේදිකා දර්ශන එකක් හෝ දෙකක් හෝ තියෙනවා. ඊට පස්සෙ මං හිතන්නෙ තමන්ගෙන් වැයවුණු මුදල හොයා ගත්තට පස්සෙ නිෂ්පාදකතුමාට ඒ නිර්මාණ ඉන් ඉදිරියට ගෙනියන්න අවශ්‍යතාවයක් තිබුණෙ නැහැ. ඔන්න ඔය කියන හේතුව මත වේදිකා නාට්‍ය ඇත්තටම මගෙන් අතහැරුණා. ඒ වගේම මම සිනමා නිර්මාණ හතරකට සම්බන්ධ වුණා.
ඔබ කලා ක්ෂේත්‍රයට පිවිසි මුල් කාලය හා වර්තමානය අතර දැනෙන වෙනස?
මම ක්ෂේත්‍රයට ආවේ 1999 වසරෙදි. දැනට මේ වෙද්දි අවුරුදු 20ක් වෙනවා. ඇත්තටම ඒ කාලෙයි මේ කාලෙයි බලද්දි ලොකු වෙනසක් තියෙනවා. මොකද අද කාලේ වගේ මේ තරම් අවස්ථාවන් අපිට තිබුණෙ නෑ. අද නවක ශිල්පීන්ට වැඩියෙනුත් එක්ක අවස්ථාව තිබෙනවා. එකම දේ ඔවුන් ඒ හරි මාර්ගය නිවැරැදි ලෙස තෝරා ගැනීමක් කරන්නෙ නැති එක තමයි තියෙන අභාග්‍යසම්පන්න දේ. එහෙම එන පිරිසට රඳාපැවැත්ම කියන දේ හරි අඩුයි. ස්ථාවර වෙන්න හරිම අමාරුයි. අවුරුද්දක් දෙකක් ඇතුළත තමන්ගෙ හැකියාවත් පෙන්වයි. නමුත් කවදාමත් මිනිසුන්ගෙ ආකර්ෂණය දිනාගෙන ප්‍රේක්ෂකයන්ගෙ හිත්වල ඉන්න පුළුවන්ද කියන තැන ඉන්නවා.
රංගන ක්ෂේත්‍රය හැරුන විට ඔබ කටයුතු කරන අනෙකුත් ක්ෂේත්‍ර ගැන කතා කළොත්?
මම නර්තන ශිල්පිනියක් හැටියට ක්ෂේත්‍රයට ආවා. ඊට පස්සෙ රංගන ශිල්පිනියක් වුණා. ඒ වගේම රූපලාවණ්‍ය ශිල්පිනියක් හැටියටත් කටයුතු කරනවා. ඒ වගේම මම නිවේදිකාවක් විදියටත් නාලිකා කීපයකම වැඩ කළා. විවිධ වැඩසටහන් ඉදිරිපත් කළා. ලැබෙන අවස්ථාවන්වල විවිධ වැඩසටහන්වලට ගායන ශිල්පිනියක් හැටියටත් දායක වෙනවා. ඉතින් ක්ෂේත්‍ර පහක් මේ වන විට මම නියෝජනය කරනවා.
ජෙහානි සිල්වා

SendShareShare
Previous Post

සල්ලාල පෙම්වතාට මම හරි ප්‍රියයි

Next Post

ජ්‍යෙෂ්ඨ පුරවැසි විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් “ජීවිත සහතිකය” ඇඟිලි සලකුණු ක්‍රමයට

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.