මහර බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ කලහකාරි සිද්ධියෙන් මියගිය රැඳවියන් සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවේදී ඔවුන්ගේ මරණවලට හේතුව වෙඩි වැදීම බව අනාවරණය කොට තිබේ.
මෙම මරණ සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ කමිටුව විසින් අද (16) වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
පසුගිය නොවැම්බර් මස 29 සහ 30 දිනවල බන්ධනාගාරයේ ඇති වූ කලහකාරි තත්ත්වය පාලනය කිරිමට ගත් ක්‍රියාමාර්ගවල දී බන්ධනාගාර රැඳවියන් 11 දෙනෙකු මියගොස් තිබුණි.
ඔවුන්ගෙන් සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තා මගින් අධිකරණයට පෙන්වා දී ඇත්තේ මරණවලට මූලික හේතුව වෙඩි වැදීම් බවය.
ඒ අනුව අදාළ මරණ ආදාහනය කිරීමෙන් තොරව භූමදානය කිරීමට අවසර දෙන ලෙසට මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් සහ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.










