• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ASPට කෝල් කරපු කතාව අලි බොරුවක්: රිෂාඩ් පාස්කු කොමිසමට ලියුමක් එවයි

December 15, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
ASPට කෝල් කරපු කතාව අලි බොරුවක්: රිෂාඩ් පාස්කු කොමිසමට ලියුමක් එවයි
Share on WhatsAppShare on Facebook

රිෂාඩ් බදියුදින් මහතා තමාට දුරකථනයෙන් කථා කළා යයි කුරුණෑගල, හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතා විසින් දෙනු ලැබූ සාක්ෂිය සම්ර්‍පූර්ණයෙන්ම අසත්‍යයක් බව රිෂාඩ් බදියුදින් මහතා සදහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා ඔහුගේ නීතිඥ රුෂ්ඩි හබීබ් මහතා මගින්  පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂමට දන්වා සිටින්නේ කුරුණෑගල හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරී, මහින්ද දිසානායක මහතා විසින් ජනාධිපති කොමිෂම ඉදිරියේ සාක්ෂි දෙමින්, රිෂාඩ් බදියුදීන් දුරකථන මාර්ගයෙන් හෝ වෙනත් ආකාරයකින් කථා කරන ලදැයි කියන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයක් බවයි.

ජනාධිපති කොමිෂන් සභාවට ලිපියක් යවමින් රිෂාඩ් බදියුදින්ගේ නිතිඥවරයා සදහන් කරන්නේ, මහින්ද දිසානායක මහතා සදහන් කරන පරිදි ඔහු සමග තම සේවාදායකයා දුරකථනයෙන් හෝ වෙනත් ආකාරයෙන් කතා කර නොමැති බවයි.

ඔහු සදහන් කරන්නේ කුරුණෑගල රජයේ රෝහලට අනුයුක්තව සිටි රජයේ වෛද්‍යවරයෙක් වන දොස්තර ෂාපි ඇප මත මුදා හැරීමෙන් පසු රිෂාඩ් බදියුදින් ඔහුට දුරකථනයෙන් කථා කළ බව “සම්පූර්ණයෙන් අසත්‍යයක්” බවයි.

නිතිඥවරයා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින්නේ දිසානායකගේ දුරකථන සංවාද තහවුරු කර ගන්නා ලෙසයි.

එමගින් “දිසානායකගේ අසත්‍ය සාක්ෂි තහවුරු කර ගත හැකි බව මාගේ සේවාදායක විශ්වාස කරන බවද” ඔහු සදහන් කරයි.

එසේම නීතිඥවරයා කොමිෂමට අවධාරණය කර සිටින්නේ “මාගේ සේවාදායකට එරෙහිව කොමිෂම හමුවේ සිදු කරනු ලබන ප්‍රකාශ සම්බන්ධයෙන් පුඵල්ප්‍රචාරයක් මාධ්‍ය මගින් ලබා දුන්නද මාගේ සේවාදායකට වාසි වන ආකාරයේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් ලැබෙනුයේ ඉතා සුඵ මාධ්‍ය ආවරණයක් හෝ ඇතැම් විට කිසිදු ආවරණයක් නොලැබෙන බවයි”.

නිතිඥවරයා අවධාරණය කර සිටින්නේ ඔහුගේ සේවාදායක අඛණ්ඩව වසර 20 ක් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයකු බවයි. ඔහුගේ සේවාදායක විසින් කොමිෂමට ඉදිරිපත් කරන ලද දිවුරුම් පෙත්සම මගින්, කොමිෂම විසින් ඉදිරිපත් කරන ලද සියලු කරුණු සදහා, ඇතැම් කරුණු නීතිමය නොවන ආකාරයට ඉදිරිපත් වුවද, උත්තර සපයා ඇති ඇති අතර, එම දිවුරුම් පෙත්සම සදහා කිසිදු මාධ්‍යයකින්ආවරණයක්ලැබී නොමැති බවයි.

පක්ෂපාතී ලෙස මාධ්‍ය මගින් දිගින් දිගටම සිදු කරනු ලබන වාර්තා කිරීම් මගින් මාගේ සේවාදායක සම්බන්ධයෙන් මහජනතාව අතර වැරදි මතයක් ගොඩනැගෙන බවද ඔහු ප්‍රකාශ කරයි.

දුරකථන සංවාද ආදි අසත්‍ය කරුණු සම්බන්ධයෙන් මාධ්‍ය මගින් සිදු කළ පුඵල් ප්‍රචාර මගින් තමාගේ සේවාදායකට මානසික පීඩාවක් හා හානියක් සිදු වූ බවද නීතිඥවරයා කොමිෂමට කියා සිටී.

SendShareShare
Previous Post

කොරෝනා ගැන බිල් ගේට්ස්ගෙන් භයානක අනාවැකියක්

Next Post

අගමැති ලේකම් කබ්රාල්ට දුන් තෑග්ග

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.