මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ අද (14)ට යෙදී ඇති උපන්දිනය නිමිත්තෙන් අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා විසින් ඒ මහතාගේ රුව සහිත සිතුවමක් ලබා දී තිබේ.
මෙම සිතුවම හෙට්ටිගේ මහතාගේ දියණිය විසින් සිතුවම් කරන ලද්දකි.
ඒ සම්බන්ධයෙන් හෙට්ටිගේ මහතා සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබූ සටහන මෙසේය.
‘මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ උපන්දිනය අදට (14)යෙදී තිබුණා. ඔහු හොඳ මිනිසෙක්. ආඩම්බර වෙන්න බොහෝ සාධක තිබුනත් ඔහු එහෙම නෑ. දයාව – කරුණාව වැනි උතුම් ගුණ ධර්ම වලින් පෝෂණය වූ මිතුරෙක් .හඳුනා ගත් දිනයේ සිට ඔහුගේ උදාර ගති ගුණ වෙනස් වුනේ නෑ .මුල අමතක නැති මිතුරෙක් .ධනය – බලය සමඟ බොහෝ මිනිසුන් වෙනස් වෙනවා .ඒ අතර මිනිස්කමට මුල් තැන දී හැසිරෙන මිනිසුන්ගේ ගුණ සුවඳ දසත පැතිරෙනවා .ඒ සත් පුරුෂයන්ගේ ඇසුර ලැබීම ද වාසනාවකි .අජිත් නිවාඩ් කබ්රාල් මහතා එවැනි සත් පුරුෂයෙකි .එවැනි උදාර මිනිසුන් සොබා දහම විසින් ද ආරක්ෂා කරනු ලබයි .කබ්රාල් මහතා සතුන් කෙරෙහි ද දක්වන්නේ ඉමහත් ආදරයකි. ඔහු ඔහුගේ සුරතලා සමඟ ගෙවන මොහොත ද මොන තරම් ආශ්වාදජනකද යන්න දන්නේ ඒ නිවසට යන එන අයයි. මාගේ දියණිය එය සිතුවමට නැගුවා. එම සිතුවමින් ඔහුගේ මිනිසත්කම මනාව පිළිබිඹු වෙයි. කළණ මිතුරාණනි! ඔබට සුබ උපන් දිනයක්!










