ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වයිරසය සම්බන්ධයෙන් මයික්‍රොසොෆ්ට් ආයතනයේ ප්‍රධානී බිල් ගේට්ස් මහතා භයානක අනතුරු ඇගවීමක් සිදු කොට තිබේ.
හෙතෙම පෙන්වා දී ඇත්තේ ඉදිරි මාස 4 සහ 6 ඇතුළත කොරෝනා වසංගතය ඉතා දරුණු තත්ත්වයකට පත්විය හැකි බවකි.
තවත් ලක්ෂ 2කට අධික ජනතාවක් එම කාලය ඇතුළත මියයා හැකි බව පෙන්වා දෙන බිල් ගේට්ස්, මුව ආවරණ පැළදීම සහ නිවැරදි සෞඛ්‍ය ක්‍රම අනුගමනය කිරීම මගින් මෙම තත්ත්වය අවම කරගත හැකි බවද සදහන් කොට ඇත.










