යුරෝපීය වාහන මෙරටට ගෙන්වීමේ ප්‍රමුඛතම සමාගමක් වන අයිඩියල් ඔටෝ මොබයිල් පුද්ගලික සමාගම විසින් නවිල් එන්ටර්ප්‍රයිසස් ආයතනය වෙත DAF ප්‍රයිම් මුවර් රථ 6ක් පසුගියදා අලෙවි කරනු ලැබීය.
හම්බන්තොට වරායේ ඉදිකර තිබෙන ලාෆ් ගෑස් අංගණයේ සිට කොළඹට ගෑස් ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රවාහන කටයුතු වෙනුවෙන් නවිල් එන්ටර්ප්‍රයිසස්, අයිඩියල් ඔටෝමොබයිල් පුද්ගලික සමාගම වෙතින් මෙම DAF ප්‍රයිම් මුවර් රථ මිලදී ගැනීම සිදුකෙරිණි.
අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලින් වෙල්ගම මහතා විසින් නවිල් එන්ටර්ප්‍රයිසස්හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රසික ත්‍රිමාල් මහතා වෙත පසුගියදා මෙම DAF ප්‍රයිම් මුවර් රථ බාරදීම සිදුකෙරිණි.











