ඊයේ (08) දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 798 දෙනෙකුගෙන් 526 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටී.
මෙය මෙතෙක් දිනක් තුළ කොළඹින් වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව ලෙස සැලකේ.
එලෙස වාර්තා වූ ආසාදිතයින්ගෙන් 175 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ ආසාදිතයින් වන අතර ඊයේ වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 12,604ක් වේ.










