ෂැම්පෝ, ජෙල් සැෂේ පැකට් තහනම නවතා ගැනීම සදහා තමන්ට එක්තර සමාගමක් විසින් මිලියන 25ක පගාවක් දීමට සූදානම් වූ බවට පුවත්පත් දෙකක් පළකොට ඇති පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ‘මව්රට’ පුවත්පතට අනාවරණය කළේය.
අදාළ පුවත්පත් කියන ආකාරයේ කිසිදු බහුජාතික සමාගමක් තමා සමග කතාබහ කොට හෝ තමන් හමුවීමට පැමිණ නැති බවද අමාත්‍යවරයා සදහන් කර සිටියේය.
මේ සම්බන්ධයෙන් තමන් එම පුවත්පත් දෙකටම නිවැරදි කිරීම් යොමු කළ බවද ඒ මහතා කියා සිටියේය.