රහස් පොලිසියේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා සමග අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින තවත් රහස් පොලිස් නිලධාරියකුටද කොරෝනා රෝගය වැළදී ඇති බව වාර්තා වේ.
පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා හට මෙසේ රෝගය වැළදී ඇති අතර හෙතෙම ප්රතිකාර ලබා ගැනීමද ප්රතික්ෂේප කර තිබේ.
ඒ අනුව ඔහුගේ නීතීඥවරුන් විසින් ශ්රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත ලිපියක් යොමු කරමින් ඒ මහතා කොළඹ අයි.ඩී.එච්. රෝහලට මාරු කර යවන ලෙසට ඉල්ලීමක්ද කර තිබේ.










