• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ජනප්‍රිය වීමේ උණ නොතිබුණු ‘චකබ්ලාස්’ කෙල්ල

December 5, 2020
in Heart
Reading Time: 4 mins read
A A
ජනප්‍රිය වීමේ උණ නොතිබුණු ‘චකබ්ලාස්’ කෙල්ල
Share on WhatsAppShare on Facebook

අන්න ඉඳිආප්ප කෙල්ල කියලා අදටත් මට කියනවා…

හර්බට් රංජිත් පීරිස් නම් වූ සුන්දර කලාකරුවාගේ නිර්මාණශීලී සිතුවිලි තුළින් රූපවාහිනී තිරය වර්ණවත් කළ ‘හිරුට මුවාවෙන්’ ටෙලි කතාව ඔබට මතකයිද? 90 දශකය මුල් භාගයේ ආලින්දයේ සිනමාව හමුවේ අසුන්ගෙන සිටි කිසිදුම හෝ ප්‍රේක්ෂකයකුට එය අමතක යැයි සිතන්නට බැරිය. ඒතරමටම ‘හිරුට මුවාවෙන්’ ටෙලි කතාව අසීමිත ජනප්‍රියත්වයකට බඳුන් විය. සුවිශේෂීව හිරුට මුවාවෙන්හි ඉඳිආප්ප ගෙදර කෙල්ල ‘ප්‍රීතිමාලි’ වයස් බේදකින් තොරව කාගෙත් රසිකත්වයට නොමැකෙන අමන්දානන්දනීය මතකයක් එකතු කොට තිබිණ. මේ ගෙවී නිමවෙමින් තියෙන්නේ 2020 අවුරුද්දය. දශක තුනක් නිමව තිබුණද ඉඳිආප්ප ගෙදර කෙල්ලව තවමත් කිසිවකුටත් අමතක වී නැත. ඉතින්, මව්රටෙහි හදවතටද ඉඳිආප්ප කෙල්ල ගැන මතකය අවුසාලන්නට දොළක් ඉපදුණේ අහම්බෙනි, තවමත් තම ප්‍රතිරූපය ආලින්දයේ සිනමාව ඔස්සේ විරාජමාන කරවන කටකාර ඉදිආප්ප කෙල්ලට ජීවය දුන් චම්පා ශ්‍රියානි නිවෙසෙහි දොර සීනුව නාද කරන්නට තරම්ම ආරම්භයක් වූ ඒ දොළට ඉස්පාසුවක් නැතිවිය. කියවන්නට ඔබට සිතක් වේ නම් මේ අකුරට හැරෙන්නේ ඈ සමඟ ගෙවුණු විනාඩි ගණනක පියකරු හෝරාවයි.
ඉතින් චම්පා කොහොමද මේ දවස්වල ජීවිතේ?
මේ දවස්වල ටිකක් විතර කාර්යබහුලයි. අලුත්ම ටෙලි නිෂ්පාදනයක රූගත කිරීම් සඳහා පසුගිය දවස් කිහිපයේම මම හිටියේ මහව ප්‍රදේශයෙයි.
තවමත් ඔබට ටෙලිනාට්‍ය සඳහා බොහෝ ආරාධනා ලැබෙන බවයි ආරංචි?
ඔව්. මට මා ගැන සතුටුයි. ඇත්තටම හැබැයි මට ලැබෙන ඒ හැම ආරාධනාවක්ම බාර නොගන්නා බවද මෙහිදී කිව යුතුයි.
යොවුන් නිළියක දවස්වලත් ඔබ අසීමාන්තිකව චරිත තෝරා ගැනීමට පෙලඹී සිටියා?
ඔව්. එය මගේ පුරුද්දක්. චරිත ගොඩක් රඟපෑවා කියන ක්‍රමවේදය තුළ ජනප්‍රිය වීමේ උමතුවක් මට තිබුණේ නැහැ. නිතර ටෙලි නාට්‍ය තුළ ඉන්නවා නම් ප්‍රේක්ෂකයාට අපව මතක තියේවිය කියන මතය තුළ මම කවදාවත් හිටියේ නැහැ. මොකද එය හරිම හිස් හැඟීමක්. ප්‍රේක්ෂකයන්ගේ මතකය තුළ ඉඩක් හැදෙන්නේ මතක හිටින චරිතයක නිරත වුණොත් මිසක නාට්‍ය පෝලිමක රඟපෑ විටක නෙමෙයි.
සොඳුරු රංගනයක් හරහා ‘ප්‍රීතිමාලි’ට ජීවය දුන්නේ නොමැකෙන මතකයක් ප්‍රේක්ෂකයාට දෙන්නද?
ප්‍රීතිමාලිට මම ජීවය දුන්නාය කිව්වොත් එය ටිකක් ගුණමකු කතාවක් වෙනවා. හරියටම කියනවා නම් ප්‍රීතිමාලි වෙත මාව කැන්දාගෙන ගියේ හර්බට් රංජිත් පීරිස් මයත්තයයි, ඔහු නොසිටින්නට ‘ප්‍රීතිමාලි’ වෙනුවෙන් මා කළ යමක් වේද? එය ප්‍රේක්ෂකයාගේ සිත් තුළ නිදන්ගත කරන්නට මට හැකියාවක් ලැබෙන්නේ නැහැ.
ඔබ ඔය කියන්නේ ‘හිරුට මුවාවෙන්’ ටෙලියට ඔහු ඔබව තෝරාගත් කාරණය ගැනද?
තෝරා ගැනීමක් මත පමණක් ඉහත ගෞරවය කොහොම දෙන්නද? මම කියන්නේ හර්බට් රංජිත් පීරිස් මහත්තයා මගේ ඇස් වහලා ‘ප්‍රීතිමාලිව’ මගේ මනසට සහ කයට රිංගවූ විස්මය ගැනයි. කොච්චරද කියනවා නම් ඔහු මට ‘චම්පා ශ්‍රියාණි’ බව හරිම සියුම් ලෙස අමතක කෙරෙව්වා. ඇතැම් විට කිසිවකු හිතන්නට පුළුවන් ප්‍රීතිමාලිගේ චරිතය අහසට අතහැර දැමූ සරුංගලයක් තරම් සරලයි නේදැයි කියලා. තවත් අය හිතන්නට පුළුවන් එහි කළ යුතුව තිබුණේ මොනවාදැයි කියලා. නමුත් අහසේ පාවෙන සරුංගලය වුවද අයාලේ ගොස් අතරමං නොවන ආකාරයට මෙහෙයවිය යුතු ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය හරිම සියුම්. අන්න එවැනි සියුම් බවකින් තමයි හර්බට් රංජිත් පීරිස් මහත්තයා මාව ප්‍රීතිමාලි වෙත මෙහෙයවූයේ. දශක ගණනක් ගිහිල්ලත් ‘අන්න ඉඳිආප්ප කෙල්ල යනවා’ කියල මඟ තොටේ ජනතාව අදටත් ළඟ ඉන්න කෙනකුට ඇඟිල්ලෙන් ඇනලා මාව පෙන්නන්නේ ඔහුගේ ඒ සියුම් බවෙහි ආශ්චර්ය නිසා තමයි.
‘හිරුට මුවාවෙන්’ ටෙලියට ප්‍රීතිමාලිව හොය හොයා කරක්ගැසූ හර්බට් රංජිත් පීරිස්ට ඔබව මුණගැසුණේ අහම්බෙන්ලු?
ඇත්තටම එය අපූරු අහම්බයක්. එතකොට මම රඟපෑ ප්‍රසංගික නාට්‍යයක් විකාශනය වී තිබුණෙවත් නැහැ. බර්මින් ලයිලා මහත්තයාගේ ගංගා සහ නිශ්ශංක ටෙලි කතාවේ රූගත කිරීම් කරන තැනට හර්බට් රංජිත් පීරිස් මහත්තයා අහම්බෙන් වාගේ ආව දවසක තමයි ඔහු මාව දැක තිබුණේ. එතැනදි ඔහු ටිකක් වෙලා මම රඟපාන දිහා බලා ඉඳලා හරිම හෙමින් මිමිනුවලු ‘දෙවියනේ මම හොයපු ප්‍රීතිමාලි මේ ඉන්නේ’ කියලා. මහාපරිමාණයේ සම්භාව්‍ය කතා නිර්මාණය නොකළාට ප්‍රේක්ෂකයගේ හිත් කොනක හැංගිලා තියෙන ආකර්ෂණීය සිතුවිලි අවුස්සන කලාව ඔහු ඉතා හොඳින් හඳුනන බව දැනගත්තේ ඔහුගේ පළමු මෙහෙයුමට මා හසුවුණු මොහොතේ තමයි. සරල සුන්දර නිර්මාණයක් ලෙස හිරුට මුවාවෙන් ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයගේ සිත කුල්මත් කළේ ඒ නිසයි. මතකයිනේ ‘චකබ්ලාස්’ කියන වචනය පවා ඒ දවස්වල හැම හන්දියක් කඩපිලක් ගානේම ජනප්‍රිය වුණ හැටි. ඉඳිආප්ප කෙල්ල කියනවා වාගෙම ප්‍රේක්ෂකයා අතර මම ‘චකබ්ලාස් කෙල්ල’ කියලත් ජනප්‍රිය වුණා අද වාගේ මතකයි.
කොහොමත් බොහෝ ජනප්‍රිය ටෙලි නිර්මාණ ඔබට ලැබුණේ අහම්බයන් හරහා නේද චම්පා?
නිළියක ලෙස මගේ ආරම්භයද අහඹුවක්ම තමයි. ඒකාංගික ටෙලි නාට්‍යයක් සඳහා අපේ පාසලට පැමිණි තිමති වීරරත්න නම් අසහාය කැමරා ශිල්පියාගේ ඇසට මාව හසුව තිබුණේ ඔහුත් නොසිතූ ලෙසයි කියා ඔහුම මට කියා තිබුණා. එවකට ජනප්‍රිය රංගවේදිනියකව සිටි වින්ධ්‍යා හේමමාලි රංගනයෙන් දායක වූ ‘කඳුලක හසරැලි’ රූගත කිරීම් බලන්නට ඒ වටා පෙළගැසුණු කෙල්ලන් අතර හිටපු මගෙන් තිමති අංකල් ඇහුවා මේ කතාවේ පුංචි චරිතයක් රඟපාන්න කැමැතිද කියලා.
ඔබව උඩ ගිහින් බිම වැටුණා වාගේ වුණාද චම්පා?
අනේ මොන පිස්සුද? එහෙම ගැස්සෙන්න තරමට රඟපෑම කියන්නේ මොකක්ද? නිළියක වීමේ සුවිශේෂී බව කොහොම එකක්දැයි කියන එකවත් මම දැනගෙන හිටියේ නැහැ. හැබැයි මම ඔහුට වුවමනා විදියට එහි රඟපෑවා. ඉන් පස්සේ අපේ ජනප්‍රිය ක්‍රිකටර් මහේල ජයවර්ධනගේ තාත්තා සෙනරත් ජයවර්ධන ‘හිමි අහිමි’ ටෙලිනාට්‍යයට අලුත් මුහුණක් හොයන බව ආරංචි වෙලා ත්‍රිමති අංකල් ඔහුට මං ගැන කියලා තිබුණා. ගෙදරටම හොයාගෙන ඇවිදින් ලකී ඩයස්ගේ පෙම්වතිය ලෙස රඟපාන්නට ඔහු මාව තෝරාගත්තා.
එතැනින් හැමදේම ඉවරයි කියලා හිතට දාපු තහංචිය ඉවත් කළේ ලියුම් 50ක් විතර දවසට ලැබුණු නිසාද?
‘හිමි අහිමි’ කියන්නේ මගේ පළමු ප්‍රාසංගික නාට්‍ය මාලාව. එහි රඟපාන්න ගෙදරින් අවසර ගන්න ටිකක් අමාරු වුණා. එයට හේතුව වුණේ මම පවුලේ එකම දරුවා. අනික මගෙ අම්මා තාත්තට රංගනය හෝ නළු නිළියන් කියන විෂය ගැන විශේෂ කැමැත්තක් හෝ උමතුවක් තිබුණේ නැහැ. අවසරය ලැබුණෙ ඥාති හිතවතුන්ගේ ඇවිටිල්ලටයි. ඒ නිසා මම හිතාගත්තා මේක විතරයි මෙතැනින් ඉවරයි කියලා. ඒත් අනේ, රූපවාහිනි තිරයේ මම ඉන්නවා දකිනකොට පත්තරවලින් කතා කරනකොට මට මහා ලෝබකමක් දැනුණා. ඒ අතර ටෙලිනාට්‍ය තව තව ඇරයුම් ලැබෙන්න ගන්නකොට අහිංසක ආඩම්බරයක්ද, එයට එකතු වුණා කිව්වොත් හරි මං හිතන්නෙ.
ඇයි ලියුම් මිටි ගණන් කඩනකොට ඒ ලෝබකම දැනුණෙ නැද්ද චම්පා?
ලියුම් මිටි ගණන් ලැබෙන්න ගත්තේ ‘ප්‍රීතිමාලි’ගේ චරිතය ප්‍රේක්ෂකයන් අතරට ගියාට පසුවයි. එච්චරටම මම ආකර්ෂණීය දැයි කියලා හිතෙනකොට හරි සතුටක් දැනුණා.
තම තමන්ගේ පුත්තුන්ට ඔබේ අත අරන් දෙන්න අම්මලා පොරකෑවලු?
හිනා යන වැඬේ ඒකනේ. මංගල යෝජනා අරගෙන තරුණ පිරිමි ළමයි අපේ ගෙදර හොයාගෙන ආවේ අම්මලා එක්කමයි.
ඒ එක් අයකුට හෝ ඔබේ හිත ගියේ නැතිද චම්පා?
එතකොට මම බඳින්න කෙනකුව තෝරාගෙනයි හිටියේ. ඒ නිසා ඉඳිආප්ප කෙල්ලව තමන්ගේ ලේලිය කරගන්න අපේ ගෙදරට ආව නැන්දම්මලාට පුළුවන් වුණේ නැහැ.
තෝරාගෙන හිටපු කෙනා ආවෙත් ඉඳිආප්ප කෙල්ලට පිස්සු වැටිලද?
අයියෝ නැහැ. එයා පෙම් කළේ චම්පා ශ්‍රියානිටම විතරයි. කවදාවත් ඔහුට මාව ජනප්‍රිය නිළියක ලෙස නම් පෙනුණේ නැහැ. එදාටත් අදටත් මේ වනතුරුම මම ඔහුට ඔහුගේ දයාබර බිරිය සහ ඔහුගේ දරුවන්ගේ සෙනෙහෙවන්ත අම්මාම පමණයි.
රංගනයට යම් විරාමයන් විටින් විට තැබුණේ ඔහුගේ ඒ හැඟීමට ඔබ ගරුකළ නිසාද?
හරියටම හරි. ප්‍රීතිමාලි වැනි චරිතයන් හරහා ලබාගන්නා ජනප්‍රියත්වයට වැඩිය මගේ ජීවිතයේ මම පළමු තැන දුන්නේ මගේ දරු පවුලට. ඒ සොඳුරු තැන අතරමං කොට නිළි රැජිනක වීමේ උමතුවක් මට කවදාවත්ම තිබුණේ නැහැ.
හැබැයි බොහෝ උසස් මට්ටමේ චරිත හරහා ටෙලි රැජිනක වීමේ වරම ඔබට අහම්බයෙන් හෝ ලැබුණා?
ඔව්. සුදත් රෝහණ මහතා බොහෝ අවස්ථාවල ඔහුගේ නිර්මාණ සඳහා මට ඇරයුම් කළා. ඒ අතර ‘වනවදුලේ වසන්තය’, ‘සූර සරදියෙල්’, ‘බැද්දෙ ගෙදර’ වැනි නිර්මාණ සඳහා මම යොමුවුණේ මගේ පවුල යන සොඳුරු විෂයට කිසිදුම හිස්තැනක් ඇති නොවන ආකාරයටයි.
ඔබ ඔබේ ‘නිළිකම’ හරිම අපූරුවට කළා?
මම එහෙම හිතනවා. ජනතා ප්‍රසාදය සමඟ මගේ නිළිකම අගයන සම්මානද ලැබුණේ ඒ නිසා වන්නට ඇති.
සහෝදර රංගන ශිල්පීන් ශිල්පිනියන් අතර ඔබ සුවිශේෂීව ජනප්‍රියයිලු?
අනේ ඇත්තටම මටත් හිතාගන්න බැහැ. ඔවුන් මට දක්වන ඒ ළෙන්ගතුකම මොකක්දැයි කියා. සමහරදෙනා මගෙන් අහනවා ‘මොකක්ද අක්කෙ මේ හැමෝම ඔයා වටේ එකතු වෙන මැග්නට් එක’ කියලා. මම හිතන විදියට එතැන තියෙන්නේ සුහදත්වය, සරල බව සහ පාඩුවේ පැත්තකට වී සිටින පැවැත්ම වෙන්නැති.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අල්ලයි මගෙ නැට්ට (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

අඹු සැමියන් විරසක කරවන වාස්තු ප්‍රශ්න

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.