• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

දැන් තියෙන්නෙ තියෙන දේකින් ගොඩයෑමේ සිස්ටම් එකක්

December 5, 2020
in Heart
Reading Time: 3 mins read
A A
දැන් තියෙන්නෙ තියෙන දේකින් ගොඩයෑමේ සිස්ටම් එකක්
Share on WhatsAppShare on Facebook

යන පැත්ත වෙනස් – සල්ලි තමයි හැමදේටම

ඕන තැනදි මම කතා කරනවා

මේ දිනවල ‘සිරස’ නාලිකාවේ විකාශය කෙරෙන ‘සඳතරු මල්’ ටෙලිනාට්‍යයේ ‘කාන්තිගේ’ චරිතයට පණපොවන්නේ ඇයයි. වේදිකාවෙන් කලා ලෝකයට පිවිසි සුවහසක් ප්‍රේක්‍ෂකයන්ගේ නොමඳ ආදරයට පාත්‍ර වූ හෂිනිකා කරලියද්ද නම් ඒ සොඳුරු කලාකිරිනිය අපිත් සමඟ සුහද පිළිසඳරකට එක්වූයේ මේ අයුරින්.
කොහොමද හෂිනිකා මේ දවස්වල කොරෝනා එක්ක රූගත කිරීම් සිදුවන්නේ?
කොරෝනා ආව මුල් දවස්වල මේ කිසිම විදියකින් අපිට රූගත කිරීම් සඳහා සූදානම් වෙන්න බැරි වුණා. කොරෝනා දෙවැනි රැල්ල එනකොට වැඩපටන් ගත්තා විතරයි. කොහොම වුණත් පටන්ගත්ත දේවල් එක්වරම අතහරින්න බැහැනෙ. කරගෙන ආව නිර්මාණ කටයුතු නැවැත ආපස්සට යෑමක් සිදුවුණා. නමුත් අපේ සෞඛ්‍ය අමාත්‍යාංශවලින් ලබාදෙන උපදෙස් අනුව සෞඛ්‍ය මට්ටමෙන් යහපත් විදියට පවත්වාගෙන සාමාන්‍ය අයුරින් දැනට රූගත කිරීම් කරගෙන යනවා.
‘සඳතරු මල්’ ටෙලිනාට්‍යයේ ‘කාන්ති’ගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මෙහෙමයි. ‘සඳතරු මල්’ නාට්‍යයේ ‘කාන්ති’ගෙ චරිතය බොහෝ විට ගොඩක් අය දකින්නෙ නපුරු කුඩම්මා කෙනෙක් විදියට. මම සැරපරුෂ චරිත කරලා තියෙනවා. හැබැයි ‘කාන්ති’ගේ චරිතය හාත්පසින්ම වෙනස්. හාස්‍යජනක නාට්‍යයක් වගේම ළමයින් මූලික කරගත් නාට්‍යයක් නිසා ගොඩක් දෙනා නරඹනවා. චරිතයට සාධාරණය ඉෂ්ට කිරීම ගැන ගොඩක් අය කතා කරනවා. ඉතින් සම්පූර්ණ නාට්‍යයටම ලැබෙන ප්‍රතිචාර බොහොම හොඳයි.
බොහෝ විට ඔබ, අපට හමුවෙන්නේ කටකාර චරිත ඔස්සේය. හෂිනිකා සැබෑ ජීවිතයේත් කටකාර චරිතයක්ද?
(සිනාසෙමින්) කටකාර කියන්නෙ නිකරුණේ කියවනවා නෙවෙයි. යම් දේකදි අවශ්‍ය වූ විට කතා කරනවා. මම සාමාන්‍ය ජීවිතයේදී සාමාන්‍ය විදියට ගතකරන චරිතයක්. රඟපාන චරිතවල චරිතෙ නම් නෙවෙයි ඉතින්.
ප්‍රේක්‍ෂකයන් ඔබව වැඩිපුරම දැක්කෙ ටෙලිනාට්‍ය හරහා. ඇයි සිනමාවෙන් ඔබව දකින්න නැත්තෙ?
සිනමා නිර්මාණවල හිටියා. හැබැයි අතළොස්සක. අතේ ඇඟිලි ප්‍රමාණයට වගේ. ඒවා දැනටත් තිරගත වී අවසන්. ගොඩක් වෙලාවට හෂිනිකා කරලියද්ද කිව්වොත් ප්‍රේක්‍ෂකයන්ගේ මතකයට එන්නේ වේදිකාව සහ ටෙලිනාට්‍ය තමයි.
ඔබ මේ ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ වේදිකාවෙන්. ඒ ගැන කතාකළොත්?
ඔව්… මගේ මුල් ආරම්භයම වේදිකාව. පාසල් වේදිකා නාට්‍යවලට සහභාගි වන අතරතුරේදී මට වීදි නාට්‍ය වැඩමුළුවකට සහභාගි වෙන්න අවස්ථාව ලැබෙනවා. එතැනින් තමයි මගේ කලා ජීවිතය ආරම්භ වෙන්නෙ. මම වීදි නාට්‍ය කණ්ඩායමේ ක්‍රියාකාරී සාමාජිකාවක් විදියට වැඩ කළා. ඒ අතරතුර මම වේදිකා නාට්‍යවලටත් සම්බන්ධ වුණා. අදටත් වේදිකා නාට්‍ය කරනවා.
ඔබ ආදරණීය මවක්. කොහොමද දරුවන්ගෙ කටයුතුයි, කලා කටයුතුයි සිදුකරන්නෙ?
ඇත්තටම මම වාසනාවන්තයි. මගේ ස්වාමිපුරුෂයත්, දියණියන් දෙදෙනාත් මගේ කලා කටයුතුවලටත්, නිවෙසේ රාජකාරිවලටත් ලබාදෙන සහාය ගැන මම සතුටු වෙනවා. ඒ වගේම අමතක කරන්න බැහැ මගේ අක්කා. ඇය සෑමවිටම මගේ ළඟින් ඉඳිමින් මගේ කලා කටයුතුවලට සහයෝගය දෙනවා. ඒ වගේම කියන්න ඕනෙ ගෙදර ඉන්න හැම මොහොතකම මගේ අතින් තමයි ගෙදර සියලු කටයුතු සිදුවන්නෙ.
ඉස්සරහට හෂිනිකාලා දෙන්නෙක් අපට දැකගන්න පුළුවන් වෙයිද?
දැනටත් දෙන්නම හඬකැවීම්වලට සම්බන්ධ වෙලා කටයුතු කරනවා. එයාලා කැමැති ක්‍ෂේත්‍රයකින් යන්න මම එයාලට උදව් කරනවා. ඔවුන්ගේ හැකියාව සහ කැමැත්ත මත ඔවුන් යන ගමන තීරණය කරන්න ඕනෑ. කලා ක්‍ෂේත්‍රයෙන් ගමනක් යන්න එයාලා කැමැති නම් ඒකට මගේ කිසිම අකැමැත්තක් නැහැ.
ඔබ මෙතෙක් ආ ගමන ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?
සෑහීමකට පත්වෙනවා. නමුත් ගොඩක් වෙලාවට අපේ ජීවිතවලට අපි බලාපොරොත්තු වන දේවල් තියෙනවනෙ. දැන් චරිතයක් වුණත් සමහර වෙලාවට මට හිතෙනවා ඒ වගේ චරිතයක් මට ලැබුණා නම් හොඳයි කියලා. මම ගොඩක් චරිත කරලා තියෙනවා නැත්තෙ නැහැ. ඒත් දැන් රටේ බිහිවෙලා තියෙන්නෙ නළුවා හා නිළියට තියෙන්නා වූ හැකියාවෙන් ගොඩයෑමේ ක්‍රමයක්. ඉස්සර වගේ දැන් ටෙලිනාට්‍යවලට පිටපතක් නැහැ. ඉස්සර එහෙම නෙවෙයි. මාසෙකටත් කලින් නාට්‍ය ගැන කතා කරනවා. අපි ඒ චරිතය ගැන ලොකුවට අධ්‍යයනය කරනවා සහ අධ්‍යක්‍ෂවරයා අතින් ලොකු සේවයක් සිදුවෙනවා. හැබැයි දැන් ඒවා හරි අඩුවෙන් තමයි සිද්ධ වෙන්නෙ. නළු නිළියො හැටියට කොහොමද අපි කරන චරිතය ගොඩනඟා ගන්නෙ. ඒ දේවල්වලට රචකයාගෙ පිටපත හා අධ්‍යක්‍ෂවරයාගේ දැනුවත්භාවය අපිට අත්උදව්වක් වෙනවා. ඒත් දැන් එහෙම නැහැ. අපේ අතින් හරිම චරිතයද කෙරෙන්නෙ කියන ගැටලු තියෙනවා. ඒ අතර හොඳ අධ්‍යක්‍ෂවරු, හොඳ නිර්මාණකරුවන් නැතුවාම නෙවෙයි. දැන් ඉතින් කලාව යන පැත්ත වෙනස්නෙ. මුදල් මත තමයි යෙදෙන්නෙ. ඒ නිසා ඉතින් නිර්මාණයට කරන කැපකිරීම හැමෝගෙම අතින් අඩුවෙලා තියෙනවා.
ඉදිරියේදී ප්‍රේක්‍ෂකයන්ට ඔබව දකින්න ලැබෙන අලුත් නිර්මාණ මොනවාද?
වැඩ ඉවරවුණු නිර්මාණ කිහිපයක්ම කෙරිලා තියෙනවා. ඒ අතර අලුත් නිර්මාණවලට කතා කරලා ඒවා කරගන්න බැරුව ඉන්නවා. ඉතින් අවසන් වුණු නිර්මාණ කිහිපයක්ම ඇනහිටලා තියෙනවා. මේ යන විදියට ඒවා කවදා දකින්න පුළුවන් වේවිද දන්නෙ නැහැ.
ජෙහානි සිල්වා

SendShareShare
Previous Post

දරුවා රජෙක් වෙයිද

Next Post

අල්ලයි මගෙ නැට්ට (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.