• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2020 ආර්ථික සමුළුව ජනපති වීඩියෝ ක්‍රමයට අමතයි

December 1, 2020
in Exclusive
Reading Time: 5 mins read
A A
2020 ආර්ථික සමුළුව ජනපති වීඩියෝ ක්‍රමයට අමතයි
Share on WhatsAppShare on Facebook

ජනතා කේන්ද්‍රීය ආර්ථික පුනර්ජීවනයේ ශක්තිය සහ බලවේගය රජය බව පිළිගනිමින් ආර්ථිකය ගොඩනැගීමේ කාර්යයට එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෞද්ගලික ව්‍යවසායකයන්ගෙන් ඉල්ලා සිටී.

“පෞද්ගලික අංශය ආර්ථික වර්ධනයේ එන්ජිම ලෙස සලකනු ලැබේ. මේ කීර්තිනාමය යතාර්ථයක් වීමට නම් ගතානුගතික සහ අඩු අවදානමක් සහිත උපායමාර්ග හැමවිටම තෝරා ගැනීම වෙනුවට වැඩි ප්‍රතිලාභ අත් කර ගැනීමේ ශක්‍යතාව සහිත නිර්භය ආයෝජන කරන්න” ජනාධිපතිතුමා පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන්ට පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ අදහස් පළ කළේ අද (01) පෙරවරුවේ කොළඹ දී ආරම්භ වූ  “ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2020”  (Sri Lanka Economic Summit 2020) වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමිනි.

කොවිඩ් 19 වසංගතය හමුවේ අඩාල වූ ආර්ථිකයේ පුනර්ජීවනය සහ අඛණ්ඩ වර්ධනය සඳහා සිය නායකත්වයෙන් යුත් රජය හඳුන්වාදී ඇති ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග පැහැදිළි කළ ජනාධිපතිතුමා ජනතා අභිලාෂයන් මැනවින් ආමන්ත්‍රණය කළ හැකි පරිදි පෞද්ගලික අංශයේ පූර්ණ ධාරිතාව උපයෝගී කර ගැනීමට ඉවහල්වන අයුරින් සිය වගකීම් ඉටු කරන බව පැවසීය. 2021 අය වැය ලේඛනයෙන් මේ පරමාර්ථය සාක්ෂාත් කර ගැනීමට උපකාරී වන ප්‍රවේශ ගණනාවක් හඳුන්වාදී ඇතැයි එතුමා කීය.

උක්ත අරමුණ කරා ළගාවීම පිණිස අපේ නවක ව්‍යවසායකයන් සහ පිළිගත් සමාගම් නව ඉසව් සොයා යාම ආරම්භ කළ යුතු බව එතුමා පෙන්වා දුන්නේය.

“ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2020” සංවිධාන කරන ලද්දේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසිනි. 20 වැනි වතාවට පැවැත්වෙන සමුළුවේ තේමාව “ජනතාවාදී ආර්ථික පුනර්ජීවනයකට මග පාදමු” යන්නයි. ඉන්දීය ජනරජයේ මුදල් හා ව්‍යාපාර කටයුතු ඇමතිණි ශ්‍රීමති නිර්මලා සීතාරාමන් මහත්මිය ප්‍රධාන දේශනය කළාය. ප්‍රධාන පෙළේ ප්‍රතිපත්ති සම්පාදකයෝ, ව්‍යාපාරිකයෝ සහ අන්තර්ජාතික ආර්ථික ක්ෂේත්‍රයේ නියෝජිතයෝ දෙදින සමුළුවට සහභාගි වී සිටිති.

“කොරෝනා වසංගතය ආර්ථිකයට කළ හානිකර බලපෑම මධ්‍යයේ භාණ්ඩ නිෂ්පාදනය ඇතුළු අංශ කිහිපයක වර්ධනයට උත්ප්‍රේරණයක් ලැබුණා. 2020 වසරේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම වසංගතය හමුවේ වුවත් අපේක්ෂා කළාට වැඩි ඉහළ අගයක් ගත්තා. දැනුම් සේවකයන් නිවසේ සිට වැඩ කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්වෙමින් තිබෙනවා. සැපයුම් ගැටළු විසඳීම සඳහා නව තාක්ෂණය උපයෝගී කර ගැනීම තවත් ප්‍රවනතාවක්. නව ප්‍රවේශයන්ගේ ආභාෂය ඇතිව කෘෂිකර්මය, අධ්‍යාපනය ඇතුළු සියලු ක්ෂේත්‍රවලට නූතන තාක්ෂණය හඳුන්වාදිය යුතුයි. තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය සහ පුහුණුව සඳහා වැඩි වැඩියෙන් ආයෝජනය කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක්” ජනාධිපති රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේය.

“ශක්තිමත් ආර්ථික පුනර්ජීවනයක් සඳහා වේදිකාව සැකසීමට රාජ්‍ය අංශය සහ පෞද්ගලික දෙඅංශය අතර හවුල්කාරීත්වය අවශ්‍ය වේ. විවිධ ක්ෂේත්‍රවල අපගේ සියලු ප්‍රවේශයන් කේන්ද්‍රීය දැක්මක් මත පදනම්ව පැහැදිලි අරමුණු හා ක්‍රියාකාරී සැලසුම් ඔස්සේ මෙහෙයවනු ලබන බවට සහතික විය යුතුයි. රාජ්‍ය හා පෞද්ගලික අංශය එළඹෙන සියලුම ප්‍රවේශයන් අපගේ වර්ධන මාවත තහවුරු කිරීමට දායක විය යුතුය”. යනුවෙන් පැවසූ ජනාධිපතිතුමා මේ සන්දර්භය තුළ, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සකස් කර ඇති ආර්ථික රාමුව  අගය කළේය.

සමුළුවට සහභාගීවන විද්වතුන්, දේශකයන්, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රමුඛයන් සහ රජය එක්ව සහයෝගයෙන් වැඩ කිරීමෙන් ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනාත්මක පරිවර්තනයක් ඇති කළ හැකි බවට එතුමා විශ්වාසය පළ කළේය.

ජනාධිපතිවරයා කළ සම්පූර්ණ කතාව මෙසේය.

ගෞරවනීය ආරාධිතයිනි,නෝනාවරුනි, මහත්වරුනි,2020 ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ සමාරම්භක සැසියේදී අද උදෑසන ඔබ ඇමතීමට ලැබීම මට මහත් සතුටක්. මේ සමුළුවේ සමාරම්භක සැසියේ ප්‍රධාන කථිකයා ලෙස සහභාගි වීම පිළිබඳව ඉන්දීය ජනරජයේ මුදල් හා ආයතිනක කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ශ්‍රිමතී නිර්මලා සිතාරාමන් මැතිණියට මාගේ අවංක ඇගයීම පළ කිරීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි.දැනට පැතිරී යන ගෝලීය වසංගතය සැලකිල්ලට ගනිමින් මේ වසරේදී මේ සමුළුව නිරූපිත වේදිකාවක සිට පැවැත්වීමට ලංකා වාණිජ මණ්ඩලය ගෙන ඇති පියවර ප්‍රශංසනීයය. වෛරසයේ දෙවන රැල්ලෙන් ඇති වන තර්ජනය පාලනය පිණිස පසුගිය සති හය පුරා රජය දැඩි අවධානයක් යොමු කළේය. කෙසේ වුවද, වසංගතයේ මුල් අවධියේදී මෙන් නොව දැන් ඒ පිළිබද දැනුවත්භාවය ඉහළය.

එක් අතකට වෛරසය පාලනය කරන අතරම අනෙක් අතට අඛණ්ඩව ආර්ථික ක්‍රියාකාරකම් සහතික කිරීම යන ද්විත්ව අවශ්‍යතා වඩා හොඳින් සමතුලිත කර ගැනීමට අපට මින් අවස්ථාව සැලසේ. අප සියලු දෙනාම මේ නව සාමාන්‍යයට අනුගත විය යුතුය.එක් අතකට මේ නව සාමාන්‍ය තත්ත්වයෙන් යහපත් ප්‍රතිවිපාක ලැබී ඇත. එමගින් නව ක්‍රියාකාරකම් රැසකට හුරුවීමට අපට බල කර ඇත. දැනුම් සේවකයන්ට නිවසේ සිට රාජකාරී කටයුතුවල නිරත වීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. සේවකයන් භෞතිකව පැමිණීම අවශ්‍ය වන්නා වූ කාර්යාලවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අවශ්‍ය මාර්ග සම්පාදනය කිරීම තුළින් අවම කාර්ය මණ්ඩලයකින් රාජකාරී ඉටු කර ගන්නා වාතාවරණයක් බිහිවී ඇත. සැපයුම් ගැටළු විසඳීම සදහා නව තාක්ෂණය මත පදනම් වූ විසඳුම් අනුගමනය කෙරේ. මූල්‍ය සේවා වෙත පිවිසීම හෝ භාණ්ඩ මිලදී ගැනීම වැනි එදිනෙදා කටයුතු සඳහා Online පහසුකම් භාවිතා කිරීමට පාරිභෝගිකයෝ වැඩි වැඩියෙන් නැඹුරු වෙමින් සිටිති.එක් අතකින් වෛරසය පාලනය කරන අතරම අනෙක් අතට අඛණ්ඩව ආර්ථික ක්‍රියාකාරකම් සහතික කිරීම යන ද්විත්ව අවශ්‍යතා වඩා හොඳින් සමතුලිත කර ගැනීමට මින් අපට අවස්ථාව සැලසේ. වසංගතය අතීතයට එක් වූ පසුව වුවද ආර්ථික ක්‍රියාකාරකම් හසුරුවන ආකාරය මේ වෙනස්කම් හේතුවෙන් පරිවර්තනය වීමේ ප්‍රවනතාවක් ඇත.

අපගේ ආයතන කාර්යශූර නම් හා කඩිනමින් අනුවර්තනය වන්නේ නම් මේ වෙනස්වීම නිසා ඵලදායීත්වයේ සිදු වන වර්ධනය අපට දැක ගත හැකි වෙයි. එබැවින් නව ව්‍යාපාර ආකෘති සංවර්ධනය, නව තාක්ෂණය සහ වේදිකා වලට අනුගත වීම සහ මේ ඵලදායිතාව ඉහල නංවන පරිවර්තනය සදහා අවශ්‍ය වන යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම මම උනන්දුවෙන් ප්‍රවර්ධනය කරමි. අපගේ ශ්‍රමිකයන්ට මේ වෙනස්කම්වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට හැකි වන පරිදි මානව සම්පත් සංවර්ධනය සඳහා ද ආයෝජනය කළ යුතුය.කෙසේ වුවද, මේ මොහොතේ ඇතැම් රාජ්‍ය ආයතන මේ සම්බන්ධයෙන් පසුගාමී තත්වයක සිටීමට ඉඩ ඇති බව පිළිගත යුතුය. ඊට හේතුව යටිතල පහසුකම්, ඉංජිනේරු ක්‍රියාදාමය හා පුහුණුව අඩු මට්ටමක තිබීම ඇතුළු ආවේනික ගැටළුය. මේ තත්ත්වය වෙනස් කිරීම මගේ ප්‍රමුඛතාවකි. මගේ ඝෘජු අධීක්ෂණයට ගැනෙන විෂය පථය යටතේ වෙනමම තාක්ෂණ අමාත්‍යාංශයක් පිහිටුවීම ඩිජිටල්කරණය සදහා වන අපගේ සමස්ත මෙහෙයුමේ එක් වැදගත් පියවරකි. අපගේ කර්මාන්ත සඳහා ගෝලීය වශයෙන් තරග කිරීමට අවස්ථාව ලබා දෙන අතරම මහජනතාවට සපයන සේවා ඉහළ නංවන “තාක්ෂණය මත පදනම් වූ සමාජයක්” නිර්මාණය කිරීමට උර දීම මා ජනාධිපති ධූරයට පත් වීමට පෙර ප්‍රකාශයට පත් කළ දැක්මෙහි ප්‍රධාන අංගයකි.

සමාජ, ජංගම, විශ්ලේෂණ සහ ක්ලවුඩ් යන අපගේ ප්‍රමුඛ තාක්ෂණ ක්‍රම හතර කේන්ද්‍රගත කිරීම තුලින් පරිපාලනය ක්‍රියාත්මක වන ආකාරය වෙනස් කිරීමේ හැකියාව අපට ඇත. කොවිඩ් 19 ආසාදිතයන් සොයා ගැනීම පහසු කිරීම සඳහා මෑතකදී හඳුන්වා දුන් Staysafe.gov.lk වෙබ් අඩවිය ඊට නිදසුනකි. වඩාත් පුළුල් ලෙස පුරවැසි කේන්ද්‍රීය ඩිජිටල් ආණ්ඩුකරණය ප්‍රවර්ධනය තුලින් ජාතික හැඳුනුම්පත්, ගුවන් ගමන් බලපත්, උප්පැන්න සහතික, මරණ සහතික, රියැදුරු බලපත්, ඉඩම් ඔප්පු, ලබා ගැනීම ආදී සේවා වඩාත් කඩිනමින් හා පහසුවෙන් මහජනතාවට ලබා ගැනීමේ අවස්ථාව උදා වෙයි.විශේෂයෙන් ජාතික පුද්ගල ලේඛනය ඩිජිටල්කරණය අනන්‍ය හා සත්‍යාපනය සඳහා වඩාත් විධිමත් හා ආරක්ෂිත ක්‍රියාවලියක් සඳහා මගපාදයි. මෙය මූල්‍ය සේවා සහ ඊ-වාණිජ්‍යය ඇතුළු තවත් බොහෝ ක්ෂේත්‍රවල වැඩි දියුණු කළ Online සේවා සැපයීම සඳහා අඩිතාලම ගොඩ නංවනු ඇත. මෙය අපගේ මූල්‍ය තත්ත්වය වැඩි දියුණු කිරීමෙහි වැදගත් සාධකයක් වන බදු පදනම ඵලදායී අයුරින් පුළුල් කිරීමේ රජයේ හැකියාව ද බොහෝ සේ ඉහළ නැංවීමට උපකාරී වෙයි. ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික සන්දර්භය තුල කැපී පෙනෙන ගැටළුවක් වන්නේ අප මුහුණ දී සිටින අධික ණය බරයි.

ආපසු ගෙවීමට ඇති අධික ණය වාරික පරිමාව සැලකිල්ලට භාජන විය යුතු කරුණකි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව සෑම විටම සිය ණය වාරික බැඳීම් නිසි වේලාවට හා පූර්ණ වශයෙන් ඉටු කර ඇති බවත් අප විසින් එය අඛණ්ඩව සිදු කරන බවත් අවධාරණය කිරීම වැදගත්ය.එසේ වුවද, ණය මත වන අපේ අධි රඳා පැවැත්ම අවසන් විය යුතුය. ආයෝජන ප්‍රවර්ධනය කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත්තේ එබැවිනි. අපි වැඩි වශයෙන් ඝෘජු විදේශ ආයෝජන ආකර්ශණය කරගත යුතු අතර, අපගේ ආර්ථික වර්ධනය සඳහා දේශීය ආයෝජන දිරිමත් කළ යුතුය. මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආයෝජන පූර්ණ වශයෙන් ආරක්ෂා කිරීම සඳහා රජය නව නීති සම්පාදන කරයි. ආයෝජන ප්‍රතිලාභ වේගයෙන් ප්‍රවර්ධනය කළ හැකි වන පරිදි ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කටයුතු වල නිරත වීමේ පහසුව වැඩි දියුණු කිරීමට ද අපි කැප වී සිටින්නෙමු. මේ වටපිටාව තුල විදේශීය රාජ්‍යයන් විසින් අරමුදල් සම්පාදනය කරන ලද ව්‍යාපෘති ඇතුළු ව්‍යාපෘති කිහිපයක් විවිධ හේතු මත මේ වන විට ඇණහිට ඇති බව සඳහන් කළ යුතුය. මේ ප්‍රමාදයන් වඩාත් බරපතල වන්නේ ඒවා මේ ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ජනතාව වෙත ළඟාවිම වළක්වාලන නිසාය.

මේ තත්ත්වය රට ක්‍රියාකාරිත්වය පිළිබදව නිශේධනාත්මක චිත්‍රයක් ද නිර්මාණය කරයි. ආයෝජකයන් අධෛර්මත් කරන එවැනි ගැටළු ආමන්ත්‍රණය කිරීමට රජය උත්සුක වේ. නියාමකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් හා පහසුකම් සපයන්නන් ආයෝජකයන් වෙනුවෙන් එක් ස්ථානයකට ගොනු කිරීමට පහසුව සලසන ඩිජිටල් ඒකාබද්ධතාව සහිත ප්‍රවේශ නිෂ්කාෂණ පද්ධතියක් සැකසීමේ ක්‍රියාවලියක අපගේ සමීපතම මිතුරා සහ හවුල්කරුවා වන ඉන්දියාව නිරතව සිටින බව මම උද්යෝගයෙන් සඳහන් කරමි.එවන් යාන්ත්‍රණ ව්‍යාපාර කිරීමේ වේගය සහ පහසුව වර්ධනය කරයි. ඒවා විනිවිදභාවය වැඩි දියුණු කරන අතර දූෂණය අවම කරයි. ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම අධීක්ෂණය සහ අවශ්‍ය වූ විටෙක මැදිහත්වීම සක්‍රීය කිරීමේ යාන්ත්‍රණය වැදගත්ය. මේවා හඳුන්වාදීමේ ක්‍රම අධ්‍යයනය කෙරෙමින් පවතී. මේ වසරේ ආර්ථික සමුළුවේ තේමාව වන “අනාගතය සඳහා මාර්ග සිතියම : ජනතා කේන්ද්‍රීය ආර්ථික පුනර්ජීවනය උදෙසා” යන්න අපගේ වර්තමාන තත්ත්වයට ඉතා උචිතය. ප්‍රධාන ආර්ථික ක්ෂේත්‍ර කිහිපයක් දරුණු ලෙස බලපෑමට ලක්ව ඇත.

වඩාත් බරපතල ලෙස බලපෑමට ලක්ව ඇත්තේ අපගේ ආර්ථිකයට බොහෝ සේ දායකවන සංචාරක ව්‍යාපාරයයි. මේ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් වෛද්‍ය ප්‍රජාව සමග එක්ව හැකි ඉක්මණින් සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමේ සැලසුමක් සකස් කළ යුතුය. මේ සැලැස්ම සියලුම සෞඛ්‍ය නියාමනවලට අනුකූල විය යුතු අතර, මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන වලින් දුරස්ව සංචාරකයන්ට ශ්‍රී ලංකාව තුල ප්‍රීතිමත් නිවාඩුවක් සහතික කළ යුතුය. රැඳී සිටීමේ අවම කාලයක් පැනවීමෙන් හා වැඩියෙන් වියදම් කරන සංචාරකයන් ආකර්ශණය කර ගැනීම තුලින් සංචාරක ව්‍යාපාරයේ ඉපැයීම් උපරිම කිරීමෙන් ආර්ථිකයට පුළුල් ප්‍රතිලාභ අත් කර ගැනීමට පිළිවන. විශේෂයෙන් පළමු වටයේදී සංචාරකයන්ගේ පැමිණීම් සීමා කිරීම අවශ්‍ය විය හැකි බැවින් අප පළමුව රට විවෘත කළ යුත්තේ අපට ආකර්ශණය කර ගත හැකි, වැඩියෙන් වියදම් කරන සංචාරකයන් සඳහාය.එමගින් ශ්‍රී ලංකාව ඉහළ පෙළේ සංචාරක ගමනාන්තයක් ලෙස නැවත වරක් ස්ථාපනය කළ හැකි අතර, ඒ ඔස්සේ කර්මාන්තයට දිගුකාලීනව ඉහළ ආදායමක් උපයාගත හැකිය.වත්මන් තත්ත්වය ආර්ථිකය කෙරෙහි ඇති කළ හානිකර බලපෑම මධ්‍යයේ වුවද නිෂ්පාදනය ඇතුළු ඇතැම් අංශවල වැඩිදියුණුව සඳහා උත්ප්‍රේරණයක් සපයා ඇත. පෞද්ගලික ආරක්ෂණ උපකරණ සඳහා වන ගෝලීය ඉල්ලුම වැඩිවීම අපේ ඇගළුම් ක්ෂේත්‍රයේ ශක්තිමත්, හොඳින් ස්ථාපනය වූ සමාගම් බොහොමයක් මේ නිෂ්පාදන නිපදවීමට පොළෙඹවා ඇත. 2020 ශ්‍රී ලංකාවේ අපනයන ආදායම, වත්මන් වසංගත තත්ත්වය හමුවේ බලාපොරොත්තු වූවාට වඩා සැලකිය යුතු ලෙස යහපත් මට්ටමක තිබීම මට සතුටට කරුණකි. මෙයට බොහෝ සෙයින් හේතු වී ඇත්තේ අපගේ පෞද්ගලික අංශයේ ප්‍රශංසනීය උත්සාහයන්ය.අප අවබෝධකරගත යුතු තවත් කරුණක් වන්නේ ගෝලීය නිෂ්පාදන සහ සැපයුම් දාමයට පැමිණ ඇති බාධා මෙන්ම සාම්ප්‍රදායික නිෂ්පාදන මධ්‍යස්ථානවලට තම ක්‍රියාකාරිත්වය සීමා කිරීමට සිදුව ඇති නිසා, ශ්‍රි ලංකාව වැනි රටවලට නවෝත්පාදනයට, නව නිර්මාණ තුළින් නව වෙළෙඳ පොළ සොයා ගැනීමට ඇති අවස්ථා නිර්මාණය වී ඇති බවයි.

අපගේ නැගී එන ව්‍යවසායකයන් මෙන්ම පිළිගත් සමාගම්, තමන්ගේ සුපුරුදු ක්‍රියාකාරිත්වයෙන් එපිටට තමන්ගේ දක්ෂතා සහ ප්‍රාග්ධනය යෙදවිය හැකි නව ඉසව් සොයා යාම ආරම්භ කළ යුතුය. අපගේ භූගෝල පිහිටීම සහ සාම්ප්‍රදායික කර්මාන්ත මතම රදා පවතිනු වෙනුවට අප නව මානයන් සෙවීමට උත්සුක විය යුතුය. සමහර කර්මාන්ත අංශයන්හි සංකීර්ණ නිෂ්පාදන සිදුකිරීමට හැකියාවක් පවතින බව බොහෝ ශ්‍රී ලාංකීය සමාගම් ඔප්පුකර ඇත. ඔවුන් සිය ප්‍රාග්ධනය, කළමනාකරණය, නිපුණතාව සහ මනා පුහුණුවෙන් ලත් අත්දැකීම් සපිරි මානව සම්පත් නව ක්ෂේත්‍රයන්හි ආයෝජන කිරීමට පියවර ගත යුතුය. සැබවින්ම ජනතා කේන්ද්‍රීය ආර්ථික පුනර්ජීවයක් උදෙසා අපගේ ව්‍යාපාරික අංශ ව්‍යවසායකයන් සහ රජය යන අංශ සියල්ලම එක්ව ක්‍රියා කළ යුතුයි. රජය තමන්ට අවශ්‍ය ශක්තිය සපයන බලවේගයක් කොටගෙන පෞද්ගලික අංශය ආර්ථික ක්ෂේත්‍රය තුළ තමන්ගේ භූමිකාව පුළුල් කළ යුතුයි.

පෞද්ගලික අංශය වර්ධනයේ ගාමක බලවේගය බව සැමවිටම සලකනු ලැබේ. කෙසේ වුවද, මෙම කියමන යථාර්ථයක් බවට පත්කර ගැනීමට නම් සැමවිටම ගතානුගතික, අඩු අවදානමක් සහිත උපායමාර්ග යොදා ගැනීම වෙනුවට වැඩි ප්‍රතිලාභ අත් කර ගත හැකි නිර්භීත, පැහැදිලි ආයෝජන අවස්ථා උදා කර ගත යුතුය.අප ජනතාවගේ අභිලාශයන් වඩා හොඳින් ආමන්ත්‍රණය කළහැකි අයුරින් පෞද්ගලික අංශයේ පූර්ණ ධාරිතාව භාවිත කළ හැකි ආකාරයට රජය තම පාර්ශ්වයෙන් තම වගකීම් හා යුතුකම් ඉටුකරනු ඇත. 2021 වර්ෂය සදහා වන අයවැය මෙම අරමුණ සාක්ෂාත්කර ගැනීමට පහසුවන අයුරින් මුලපිරීම් කිහිපයක්ම සිදුකර ඇත. ඊළඟ වසර 05 සඳහා කෘෂිකර්ම, ධීවර සහ සත්ත්ව නිෂ්පාදන අංශ ආදායම් බදුවලින් නිදහස් කර ඇත. නිෂ්පාදන ධාරිතාව වර්ධනයට සහ මෙම අංශවල ආදායම් උත්පාදනය වර්ධනයට පියවර ගැනීම ඉතාමත් වැදගත්ය. පෞද්ගලික අංශය ගොවීන්ට තම ඵලදාව වැඩිදියුණු කළ හැකි අයුරින් සහ වාසිදායක නව අපනයන වෙළෙඳපොළ සොයාගත හැකි අයුරින් නව තාක්ෂණය හඳුන්වා දිය යුතුය.

කාබනික ගොවිතැන සඳහා ගොවීන් වැඩි වශයෙන් යොමු කිරීම සහ නිරීක්ෂණ යාන්ත්‍රණයක් නිර්මාණය මගින් ජාත්‍යන්තර වශයෙන් අපගේ නිෂ්පාදනවල අගය ඉහළ නැංවිය හැකිය.නව වෙළෙඳපොළ ගවේෂණය සහ වඩා හොඳ පිරිසැකසුම්කරණය, ගබඩා ඇසුරුම් කිරීම සහ ප්‍රවාහනය යන අංශවල ආයෝජනය ඉතාමත් වැදගත්ය. එමෙන්ම කෘෂි නිෂ්පාදන ක්‍රියාවලියේදී වටිනාකම් එකතු කිරීමේ ක්‍රියාවලියට ප්‍රවේශ වීමට ද අප සමත් විය යුතුය. ඇ.ඩො. මිලියන 10ට වැඩි කෘෂි අංශයේ උපායමාර්ගික ආයෝජන සඳහා තොරතුරු තාක්ෂණ අංශය, කිරි නිෂ්පාදන, රෙදි පිළී, සංචාරක සහ අපනයන කර්මාන්ත සඳහා බදු සහන ලබාදීමට පියවර ගෙන ඇත. නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, යන්ත්‍රෝපකරණ සහ ඝෘජු හා වක්‍ර අපනයනකරුවන් භාවිත කරන මෙවලම් යනාදිය සඳහා පවතින බදු ඉවත් කිරීමෙන් අපනයනකරුවන් දිරිමත් කිරීමට අවශ්‍ය පියවරගෙන ගෙන ඇත. ඩිජිටල් යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ නව ආයෝජන මහත් සේ දිරිමත් කරනු ලැබේ. තොරතුරු තාක්ෂණ අංශයේ ෙසමාගම් ශ්‍රී ලාංකික නිපුණතා සඳහා නව වෙළෙඳපළ පුළුල් කිරීමට මෙම දිරිගැන්වීම්වලින් උපරිම ප්‍රයෝජන ගත යුතුය.

සමාගම්, තොරුතුරු තාක්ෂණ අධ්‍යාපනය හා පුහුණුව සඳහා වැඩි වශයෙන් ආයෝජන කළ යුතුය.කර්මාන්තයේ වේගයෙන් වෙනස්වන ස්වභාවය සහ එහි පවතින ඉහළ ඉපැයීම් හැකියාව සැලකිල්ලට ගෙන සමාගම්ලට මේ ක්ෂේත්‍රයේ සිටින තරුණ තරුණියන් විශාල සංඛ්‍යාවක් පුහුණු කිරීමෙන්, නව බඳවා ගැනිම් සදහා රජයේ අරමුදල් සපයන ආයතන මත රදා පැවතීමක් නොමැතිව, විශාල ප්‍රතිලාභ අත්කර ගත හැක. අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණ මාධ්‍ය තෝරා ගැනිමට සිදුවීම තුළින් පෙන්නුම් කර ඇත්තේ දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය තුළද නව අවස්ථා නිර්මාණය වී ඇති බවයි. සහනදායී අරමුදල් යෝජනා ක්‍රම සහ ඇපකර වෙනුවට ව්‍යාපෘති ශක්‍යතාව තක්සේරු කිරීම මත ණය ලබාදිය යුතු ශක්තිමත් සංවර්ධන බැංකුවක් පිහිටුවීම තුළින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ ආරම්භක ව්‍යාපාර දිරිමත් කරනු ලැබේ. තෝරාගත් ලෙස පනවනු ලබන සෙස් බද්ධ නව දේශීය කර්මාන්ත සඳහා උපකාරී වනු ඇත. රේගු බදු සරල කිරීම සහ ඊට අදාළ ක්‍රියාවලි විධිමත් කිරීම ඇතුළු මූලාරම්භයන් ක්‍රියාකාරි ආර්ථිකය වැඩිදියුණු කිරීමට පහසුකම් සපයයි. ආයෝජන ප්‍රවර්ධනය සඳහා ප්‍රාග්ධන වෙළෙඳපොළ දිරිගැන්වීම් රාශියක් හඳුන්වා දෙනු ලැබේ.

ශක්තිමත් ආර්ථික පුනර්ජිවනයක් සඳහා වේදිකාව සැකසීමට රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය අතර හවුල්කාරිත්වය අවශ්‍ය වේ. විවිධ ක්ෂේත්‍රවල අපගේ සියලු ප්‍රවේශයන් කේන්ද්‍රීය දැක්මක් මත පදනම්ව පැහැදිලි අරමුණු හා ක්‍රියාකාරී සැලසුම් ඔස්සේ මෙහෙයවනු ලබන බවට අප සහතික විය යුතුයි. රාජ්‍ය හා පෞද්ගලික අංශය විසින් ගනු ලබන සියලුම ප්‍රවේශයන් අපගේ වර්ධන මාවත තහවුරු කිරීමට දායක විය යුතුය.මෙම සන්දර්භය තුළ, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් රජයේ අවධානයට යොමු කිරීමේ අරමුණින් කර්මාන්ත වෘත්තිකයින් 70කට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් ආර්ථිකය ශක්තිමත් කිරීමේ රාමුවක් සකසා ඇති බවට මම දැනුවත්ව සිටිමි. මම මේ ප්‍රවේශය අගය කරන අතර, මේ ලේඛනය අධ්‍යයනය කර බැලීමට බලාපොරොත්තු වෙමි. වටිනාකම් උත්පාදනය කිරීමේ යෝජනා සඳහා සෑමවිටම රජයේ ප්‍රමුඛ අවධානය ලැබෙනු ඇත. මේ දෙදින තුළ, සමුළුවට සහභාගීවන කථිකයන්, විද්වත් මණ්ඩල සාමාජිකයන් සහ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රමුඛ පෙලේ ප්‍රවීණයන් සැබවින්ම ජනතා කේන්ද්‍රීය ආර්ථික පුනර්ජීවනයක් ඇති කිරීම සඳහා නිර්මාණශීලි මාර්ගෝපදේශ ලබා දෙනු ඇතැයි මම විශ්වාස කරමි.එක්ව සහයෝගයෙන් වැඩ කිරීමෙන් ශ්‍රී ලංකාවේ අනාගතයට ප්‍රයෝජනවත් පරිවර්තනීය වෙනසක් ඇති කිරීමට ‍අපට පිළිවන. අවසාන වශයෙන්, අපට එක්ව සහයෝගයෙන් ජය ගැනීමට හැකි බවට මා තුළ ඇති මහත් සහ අවංක විශ්වාසනීය හැඟීම යළිත් වරක් ඔබට සහතික කිරීමට කැමැත්තෙමි.

ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ආචාර්ය හාන්ස් විජයසුරිය මහතා පිළිගැනීමේ කථාව කළේය. මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ද සමුළුවට එක්විය.

SendShareShare
Previous Post

සජිත් වර්ජකයන් මැද්දට යයි: ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවලට විසදුම කෝ? (VIDEO & PHOTOS)

Next Post

කොළඹ කොරෝනා PHIලාගේ ඉහටත් උඩින් යයි

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.