• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සමහර බන්ධනාගාර නිලධාරීන්ග‌ේ ආදායම් අහිමි වෙලා: මහර කැරැල්ල කුමන්ත්‍රණයක්

December 1, 2020
in Exclusive
Reading Time: 5 mins read
A A
සමහර බන්ධනාගාර නිලධාරීන්ග‌ේ ආදායම් අහිමි වෙලා: මහර කැරැල්ල කුමන්ත්‍රණයක්
Share on WhatsAppShare on Facebook

මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් වගකීම රජය භාර ගත යුතු බවට විපක්ෂය කියනවා. විපක්ෂය කියන්න ඕනෙ නැහැ. වගකිවයුතු රජයක් විදිහට අපි වගකීම භාර ගන්නවා. මේක ඇතුලේ කුමන්ත්‍රණයක් තියෙන බව අපි හැමෝටම පේනවා. අපේ රටේ බලයට පත්වුණාට පස්සේ පාතාලය මර්දනය කරලා තියෙනවා. අද පාතාලේ හැංගිලා. මත්ද්‍රව්‍ය ව්‍යාපාර කරපු අය අපි අත්අඩංගුවට අරන් තියෙනවා. සමහර බන්ධනාගාර නිලධාරීන්ට තමන්ගේ ආදායම් අහිමි වෙලා. බන්ධනාගාර ඇතුලෙ පාතාලය කුඩු ව්‍යාපාර කරපු අයගේ ආදායම් අහිමි වෙලා. අරගලය කළේ අහිංසක සිරකරුවෝ නම්  ලේඛනාගාරයට ගිනි තිබ්බේ ඇයි? මේක ඇතුළෙ කුමන්ත්‍රණයක් තියෙනවා. ව්‍යාපාර බිඳ වැටිලා ආදායම් අහිමි වීම නිසා  නැවත තමන්ගේ ආදායම් ක්‍රම හදාගන්න උත්සාහයකුත් මේ පිටුපස  තිබෙනවා. රජය අපහසුතාවයට පත් කිරීමත් මේ පිටුපස තිබෙනවා.  බන්ධනාගාර අරගලය වෙනකොට විපක්ෂය, ජාත්‍යන්තර සංවිධාන එළියට බැහැලා. ඒ මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ යුතුයි කියලා අපි කියන්නේ නැහැ. නමුත් මෙයට තිබෙන කුමන්ත්‍රණය සොයා ගත යුතුය වගකිවයුතු පරීක්ෂණයක් මගින් කුමන්ත්‍රණ හෙළිදරව් කළ යුතුයි.’ යැයි පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.වීරසිංහ මහතා පැවසීය.

අද (01) බත්තරමුල්ල නෙළුම් මාවතේ පැවැති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද කීය.

මේ දිනවල සමාජ මාධ්‍යයේත්, රටේත් වැඩි කතා බහට ලක්වෙලා තියෙන පොළොන්නරු සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්විය යුතුයි.මේ කාරණයට සෘජුවම සම්බන්ධවුණ වනජීවී සම්පත් රාජ්‍ය ඇමැතිතුමා මගේ දිස්ත්‍රික්කයේ නායකතුමා. එතුමා පුද්ගලික ජීවිතයේ හැසිරෙන ආකාරය අපි හොඳින්ම දන්නවා. සතා සිවුපාවාට ගහට කොළට ආදරය කරන නායකයෙක්. අපේ රටේ සමාජ මාධ්‍ය තුළ මේ ගැන කතා කරන පොළොන්නරුවට නොගිය, ඒ වනෝද්‍යානයට නොගිය පරිසර සංවිධානවලට මේ ගැන කිව යුතුයි. මහජන නියෝජිතයින් පත් කර ගන්නේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න. ඒ වගේ ජනතාවගේ ප්‍රශ්නයක් විසඳන්න තමයි රොෂාන් රණසිංහ ඇමැතිවරයා එක්ක විමලවීර දිසානායක ඇමතිවරයා එතැනට ගියේ. ඒ ප්‍රදේශයේ ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් ගැන කතා කරන්නයි ඔවුන් ගියේ. මේ පරිසර සංවිධාන සහ සමහර නිලධාරින් ඒ ගැන වැරදි ප්‍රචාර කරනවා වෙනුවට ඒ සිද්ධියේ ඉතිහාසය දෙස බලන්න. ඒක අවුරුදු ගාණකට කලින් ගවයෝ ඇති කරපු, ගවයන්ව තණ කොළ කන්න යොමු කරපු භූමියක්.  මිනිස්සු මහවැලියෙ ඉඩම්වලට තමයි ඒ ගවයන්ව අරගෙන ආවේ. එක කාලයක වගා කරලා අනිත් කාලය ගවයන්ට කෑම කන්න දුන්නා. මහනුවර ඉතිහාසයේ ගවයන්ට තණ කොළ කන්න දීම වෙනුවෙන් ජනතාව බදු ගෙවලා තියෙනවා. පරිසර සංවිධාන කවුරුහරි මේ ගැන සමීක්ෂණයක් කරලා තියෙනවද?  අපිට ඒ වගේ වාර්තාවක් තියෙනව නම් පෙන්වන්න. මෙතැන සැඟවුණ කාරණයක් තියෙනවා. තමන්ගේ රාජකාරිය ආවරණය කළයුතු වෙලාවේ ව්‍යාපාර කටයුතු කරන යම් නිලධාරීන් පිරිසක් සිටිනවා. ගවයන්ට තණ කොළ කන්න දෙන්න සහ කිලෝමීටර් 50ක දුරක් ඇවිදින මිනිස්සුන්ට කිලෝමීටර්10 ක දුරකින් නගරයට එන්න අවස්ථාව හදලා දෙන්න කියලා ඉල්ලීම් තියෙන්නෙ. සර්පයෙක් කාපු මනුස්සයෙක් කිලෝමීටර්  50ක් එනකොට මගදි මැරෙනවා. නමුත් කිලෝමීටර් දහයක් අතරතුර නගරයට එන්න ලැබුණොත් ඒ මනුස්සයා බේරගන්න පුලුවන්. ඔවුන් නගරයට යන්න පාරක් ඉල්ලන්නේ. මේ රටේ උද්‍යාන මැදින් තියෙන එකම පාර මේක නෙමෙයි. මාදුරුඔය හරහා පොලොන්නරුව අම්පාරට එනකොට එන්නේ  වන උද්‍යාන මැදින්.  මේ රටේ වනෝද්‍යාන මැදින් යන පාරවල් ඕන තරම් තියෙනව. පරිසරය, සතා සිව්පාවා ආරක්ෂා කරලයි ක්‍රමවේදයක් ගන්න ඕනේ.

වගා කටයුතු කරගෙන ජීවත් වෙච්ච මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක් විසඳන්න විමලවීර දිසානායක ඇමැතිවරයා එතැනට ගියේ. සිද්ධිය ගැන චෝදනා එල්ල කරන කිසිම කෙනෙක් එතනට ගිහිල්ලා මිනිස්සුන්ට ප්‍රශ්නය ගැන අවබෝධයක් අරගෙන නැහැ. අපි මිනිස්සුන්ගෙ පැත්තෙනුත් ප්‍රශ්න විසඳන්න අවශ්‍යයි.

අම්පාර ලාහුගල වනෝද්‍යානයේ අක්කර දෙසීයක් කපලා කියලා පුවත්පත්වල ගියා. එදා අපේ ආණ්ඩුව පෙරළන්න කුමන්ත්‍රණ කරපු දේශීය විදේශීය බලවේග අද ආයෙත් ඒ කුමන්ත්‍රණය අරඹලා.  නඩුවක් දැම්මට පස්සේ එක අඟලක්වත් කපලා නැහැ. නමුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන්නේ වත්මන් රජය බලයට ආවට පස්සෙ කැලේ කපනවා කියලයි. බොරු ප්‍රචාරවලට රැවටෙන්නේ නැතිව සත්‍යතාවය  අඳුර ගන්න .

මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් වගකීම රජය භාර ගත යුතු බවට විපක්ෂය කියනවා. විපක්ෂය කියන්න ඕනෙ නැහැ. වගකිවයුතු රජයක් විදිහට අපි වගකීම භාර ගන්නවා. මේක ඇතුලේ කුමන්ත්‍රණයක් තියෙන බව අපි හැමෝටම පේනවා. අපේ රටේ බලයට පත්වුණාට පස්සේ පාතාලය මර්දනය කරලා තියෙනවා. අද පාතාලේ හැංගිලා. මත්ද්‍රව්‍ය ව්‍යාපාර කරපු අය අපි අත්අඩංගුවට අරන් තියෙනවා. සමහර බන්ධනාගාර නිලධාරීන්ට තමන්ගේ ආදායම් අහිමි වෙලා. බන්ධනාගාර ඇතුලෙ පාතාලය කුඩු ව්‍යාපාර කරපු අයගේ ආදායම් අහිමි වෙලා. අරගලය කළේ අහිංසක සිරකරුවෝ නම්  ලේඛනාගාරයට ගිනි තිබ්බේ ඇයි? මේක ඇතුළෙ කුමන්ත්‍රණයක් තියෙනවා. ව්‍යාපාර බිඳ වැටිලා ආදායම් අහිමි වීම නිසා  නැවත තමන්ගේ ආදායම් ක්‍රම හදාගන්න උත්සාහයකුත් මේ පිටුපස  තිබෙනවා. රජය අපහසුතාවයට පත් කිරීමත් මේ පිටුපස තිබෙනවා.  බන්ධනාගාර අරගලය වෙනකොට විපක්ෂය, ජාත්‍යන්තර සංවිධාන එළියට බැහැලා. ඒ මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ යුතුයි කියලා අපි කියන්නේ නැහැ. නමුත් මෙයට තිබෙන කුමන්ත්‍රණය සොයා ගත යුතුය වගකිවයුතු පරීක්ෂණයක් මගින් කුමන්ත්‍රණ හෙළිදරව් කළ යුතුයි.

අධිකරණය බැසිල් රාජපක්ෂ මහතාව නිදහස් කරා. රටේ මිනිස්සු රාජපක්ෂවරුන්ට ආදරය කළා. විශේෂයෙන් මම රාජපක්ෂවරුන්ට ආදරය කරනවා . ගෙදර උයන බත් එක දෙමව්පියො දරුවො එකට එකතු වෙලා කන්න පුළුවන් පසුබිමක නෙමේ අපි හිටියේ. රෑට ඉන්නේ කැලේ. පාසල් යනකොට බස් එකට ගිනි තිබ්බා . පාසල්වල අගල් කපලා තිබුණා . අද අපි නිදහසේ ජීවත් වෙනවා. විපක්ෂ නැවත රටේ බලය ලබාගන්න එක නවත්වන්න රාජපක්ෂවරුන්ට නඩු පිට නඩු දැම්මේ. ඒවා කුමන්ත්‍රණ. අහිංසක මිනිස්සුන්ට තමන්ගෙ ගෙවල් හදා ගන්න, ආර්ථිකය හදාගන්න උදව් කරපු එකද වැරැද්ද.

අපේ රටේ හිටපු ජනාධිපති ලේකම්වරයකු වූ ලලිත් වීරතුංගට, අනුෂ පැල්පිටට නඩු දැම්මා. තමන්ගේ ජීවිතේ සැදෑ කාලයේ පන්සලට යනකොට ඇදන් යන්න ඇඳුමක් මහ ගන්න රෙදි කෑල්ලක් දීපු එක වැරැද්දක් ද. රාජපක්ෂවරුන්ගේ දේශපාලන ජීවිතය ඉවර කරන්න හිතුවා නං ඒක සිහිනයක් පමණයි. රටේ බහුතර ජනතාවගේ හදවතේ ලැගුම් ගෙන තියෙන්නේ රාජපක්ෂවරු.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් ප්‍රනාන්දු –

මමත් රාජ්‍ය සේවකයෙක් හැටියට අවුරුදු 10ක් සතොස ආයතනයේ සභාපතිවරයා වශයෙනුත් අවුරුදු දොලහක් වෙළෙඳ අමාත්‍යාංශයේ නියෝජිතයෙක් හැටියටත් එම අමාත්‍යාංශයේ සේවය කරලා අද පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. මම අවුරුදු 10ක් සතොස ආයතනයේ සභාපතිවරයා ලෙස ඉන්නකොට 2001-2004 ආණ්ඩුව කාලේ සතොස විකුණුවා. සතොස නැත්තටම නැතිවෙලා තිබුණ වෙලාවක තමයි මම සභාපති ලෙස පත්වෙලා ලංකා සතොස ලෙසින් විශාල දියුණුවක් කරා ගෙන එන්න ලැබුණේ. ඒ නිසා තමයි අවුරුදු 10ක් නොකඩවා එම ආයතනයේ සභාපතිවරයා වශයෙන් ඉන්න පුළුවන්කම ලැබුණේ. එහෙම රාජ්‍ය නිලධාරීන් වශයෙන් අඩුමගානේ මම වැටුපවත් ලබාගත්තේ නෑ. නමුත් අවුරුදු 10ක් සතොස සභාපතිවරයා ලෙස හිටපු මාන පස්වතාවක් රිමාන්ඩ් බන්ධනාගරගත කළා

පහුගිය අවුරුදු හතරහමාරක යහපාලන ආණ්ඩුව කාලේ රාජ්‍ය නිලධාරින්ට, දේශපාලනඥයන්ට, ස්වාමින්වහන්සේට සිරගතකිරීමේ කුමන්ත්‍රණ සිදුවුණා. යහපාලන ආණ්ඩුව තීන්දු කළා තවත් ඉස්සරහට ආණ්ඩුව යන්න නම් මේ වැඩකරන මිනිස්සුන්ව අඩපන කරන්න ඕනේ කියලා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව කාලයේ යුද්ධය ඉවර කරන්න ශක්තිය ලබාදුන්න ගෝඨාභය මහත්තයාව නඩුවලට පැටලුවා. ඒ වගේම අපේ ආර්ථික සංවර්ධනයේ සම්පූර්ණ බර කරට අරගෙන කටයුතු කරපු බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිතුමාව සිරභාරයට ගත්තා. දිවි නැගුම පනත ගේන වෙලාවේ ඉඳලාම එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ ඉඳගෙන මේ පනතට විරුද්ධ වුණා. නමුත් පනත හැදුවා. පනත හරහා රටේ ජනතාවට විශාල සේවයක් කළා. අන්තිමට රජය පැරදුනගමන් ඒ බැසිල් රාජපක්ෂ මැතිතුමාව සිරභාරයට ගත්තා. වතාවක් දෙකක් නෙමෙයි තුන්වතාවක්ම එතුමාව සිරභාරයට ගත්තා.

ඇයි අපිව මේ විධියට නඩුවලට පැටලුවේ? අපිට අධිකරණ පද්ධතිය කෙරෙහි විශ්වාසය නැතිවෙන විදියට රංජන් රාමනායක මන්ත්‍රීතුමා හැසිරුණා.

ජනතාව කෙරෙහි අධිකරණයට, විනිසුරුතුමන්ට තිබුණ ගෞරවය නැතිකරලා අධිකරණය සම්පූර්ණයෙන්ම ප්‍රශ්නයකට යොමු කෙරුවා. අධිකරණයට බලපෑම් කරලා අපට හිටපු හොඳම රාජ්‍ය සේවකයෝ අහිමි කළා.

අපි රජයක් විධියට කිසිම ආකාරයකින් අධිකරණයට බලපෑම් කරන්නේ නෑ කියලා කියන්න ඕනේ. මහබැංකු මංකොල්ලයට ඉඩ දීලා අන්තිමට රටින් පැනලා යන නිලධාරින් අපි එක්ක නෑ. යහපාලන ආණ්ඩුව දිනුවේ 2015 ජනවාරි 08 පැවැත්වුණ මැතිවරණය විතරයි. ඊට පස්සේ තිබුණ සියළුම මැතිවරණ මේ අය පරාජය වුණා.

රජයක් හැටියට 2021 වර්ෂය සඳහා අයවැයක් ඉදිරිපත් කරපු වෙලාවක් මේක. මේ අයවැය ඉතාමත් සාර්ථක අයවැයක්. දීර්ඝකාලීන වැඩපිළිවෙලකට යන්න පුළුවන් අයවැයක්. මේ වෙලාවේ අපිට දැනෙනවා රජයට විරුද්ධව කිසියම් කුමන්ත්‍රණයක් සිදුකරන්න උත්සාහ ගන්නා බව. අපි ගත්තොත්  මහර බන්ධනාගාරයේ සිදුවීම, විමලවීර දීසානායක මහත්තයාගේ සිදුවීම වගේ දේවල් කාගේ හරි උවමනාවට සිද්ධ වෙනවාද කියලා අපිට දැනෙනවා. අයවැයක් ගෙනල්ලා තියෙනව වෙලාවක අයවැය සම්බන්ධයෙන් තියෙන අවධානය වෙනස් කරන්න තමයි අද විපක්ෂයට අවශ්‍ය වෙලාතියෙනවා. මේ නිසා අපි රටයට කියනවා මේ ගැන අවධානය යොමුකරන්න කියලා.

අපි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ විශාල ගමනක් යන්න ලබාපොරොත්තුවෙන් හදපු අයවැයක්. අපි සීනිබෝල අයවැයක් ඉදිරිපත් කරලා නෑ. විශේෂයෙන්ම අපි 2019 වෙද්දි කෘෂි නිෂ්පාදනය ආශ්‍රිත භාණ්ඩ ඇමරිකානු බිලියන 750ක් ආනයනය කරලා තියෙනවා. ඒක නතර කරන්න ඕනේ. අපි අපේ දේශීය ගොවියාට සහය දෙන්න ඕනේ. ඒ සඳහා පොහොර ලබා දෙන්න, බීජ ලබා දෙන්න මේ අයවැයෙන් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අපි සීනි ආනයනය කරන්න ඇමරිකානු බිලියන 206ක් වෙන්කරලා තියෙනවා. ඒ නිසා අපේ දේශීය සීනි නිෂ්පාදනය වැඩි කරන්න මේ අයවැයෙන් විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම කිරි ගොවියන් සම්බන්ධයෙන් කියනවා නම් අපේ රටේ කිරි නිෂ්පාදනය කරන්නේ 30%ක 35%ක ප්‍රමාණයක්. ඒ නිසා අපි තීන්දුවක් ගත්තා ණය පහසුකම් ලබා දීලා  දේශීය කිරිගොවියා ශක්තිමත් කරන්න. අපි මේ අයවැයෙන් බලාපොරොත්තු වන්නේ දේශීය ගොවියා, දේශීය කර්මාන්තකරුවා, දේශීය ව්‍යාපාරිකයා ආරක්ෂා කරනගමන් අනාගතයේ දී අපට අවශ්‍ය දේ අපේ රටේම නිෂ්පාදනය කරගන්න.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුප පැස්කුවල් මහතා.

අය-වැය තුළින් රටට ලැබෙන ප්‍රතිලාභ හා වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ පැහැදිලි විවරණයක් කළ යුතුයි. අපි පරිසරය ගැන විශේෂයෙන් කතා කළ යුතුව තිබෙනවා. කෘෂිකර්මය හා ආර්ථිකය ගැනත් සඳහන් කළ යුතුයි. මම පරිසර අධිකාරියේ හිටපු නිලධාරියෙක්. මහ කොළඹ අපජල ව්‍යාපෘතියේ පරිසර  විශේෂඥ මම විදියට කටයුතු කළා. මධ්‍යම අධිවේගී මාර්ගයේ පරිසර විශේෂඥ විදිහටත් කටයුතු කළා. 

මේ වෙනකොට දේශපාලඥයන් සහ නිලධාරීන් අතර අනවශ්‍ය ගැටුමක් නිර්මාණය කිරීම සඳහා රට වටේ කිසියම් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. අපි මේ ගැටුමට මැදිහත් වෙන්නෙ මොන ආකාරයෙන් ද කියන දේ ගැන අවබෝධයක් ලබාගත යුතුයි. කළුතර දිස්ත්‍රික්කයේ  මතුගම  ආසනයේ   අලුත්ගමට ආසන්නයේ පහේකණුව  අසල  බෙන්තර ගඟේ දූපතක  කඩොලාන වගාව සඳහා වෙල් කදුරු ශාකය සම්පූර්ණයෙන්ම කපලා දැම්මා.  ඒක කලේ කවුද?  වනසංරක්ෂණ නිලධාරිවරයා උපදෙස් දුන්නේ වල් බෙලි ගස් කපන්න. හැබැයි ගිහින් කැපවේ  කඳුරු ශාකය. වල්කඳුරු කියන්නේ ආරක්ෂා කළ යුතු ශාකයක් . දැන් ඒ දූපතේ අක්කර පහක් විනාශ කරලා. වල් බෙලි ගහක්, වල් කඳුරු ගහක් අඳුර ගන්න නිලධාරීන්ට බැරිනම් කාලයක් තිස්සේ ජනතාවගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දීලා ගවයන්ගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දීලා ඉන්න දේශපාලනඥයන්ට සියට සියයක් ඇඟිල්ල දික් කරන එක හරිද? හැමදෙනාම ඉන්නේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න. ගැටුම නිර්මාණය කරන්නේ කවුද කියන එකයි අපි හොයලා බලන්න. නිලධාරීන්, දේශපාලඥයන්, ජනතාව කියන සියල්ලම එක මේසෙක ඉඳගෙන ජනතා ප්‍රශ්න විසඳන එකයි කළ යුත්තේ  ලක්ෂ ගාණක් කිරි ගොවියෝ පොළොන්නරුවෙ ඉන්නවා. දියර කිරිවලින් රට ස්වයංපෝෂිත කරනවා නම් ඒ සඳහා ගවයන්ට තණ කොළ ලබාදීමේ සැලැස්මක් සකස් කළ යුතුයි. ඒක තමයි නිලධාරීන්ගේ වගකීම. එතනදි වෙන්නෙත් ජනතාවගේ ප්‍රශ්න විසඳන එක. රාජ්‍ය නිලධාරීන් රටේ ජනතාවගේ ප්‍රශ්න අවබෝධ කරගත යුතු. මතුගම අක්කරපහ කැපුවෙ වනජීවී නිලධාරී . මේක ගැටුමක් කරගන්න මම ඉඩ තියන්නේ නැහැ. අපේ ආරක්ෂාවට පොලිසියට ඇන්ට්‍රියක් දැම්මා. එකෙන් බලාපොරොත්තු වුණේ ඒ ක්‍රියාව නතර කිරීම මිස මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වීම නෙමෙයි. අපි අවබෝධ කරගන්න ඕනෙ කුමන්ත්‍රණකාරී පාර්ශවයක් නිලධාරීන් සහ දේශපාලඥයින්  අතර ගැටුමක් නිර්මාණය කිරීමට උත්සාහ කරන බවයි. දෙදෙනාම කතා කරන්නේ ජනතාවගේ ප්‍රශ්න ගැන. විමලවීර දිසානායක කියන්නේ මස් නොකන මධ්‍යසාර පාවිච්චි නොකරන ගසක පොත්තක් වත් හොරෙන් අරන් නැති දේශපාලඥයෙක්.

නිලධාරීන් සහ දේශපාලඥයන් අතර සම්මුතියක් ඇති කර ගන්නේ නැතුව, එක තැනකට එන්නේ නැතුව මේ ප්‍රශ්න විසඳන්න බැහැ. මේකෙන් පාඩු සිද්ධ වෙන්නේ රටට. වනය හෝ කිරි ගොවියන් සම්බන්ධයෙන් සම්මුතියක් ඇති වුණොත් පාඩු සිද්ධ වෙන්නේ මේ රටට. ජනතාවට. රටේ සියයට සියයක් කිරි නිෂ්පාදනය කර, මේ රටෙන් ඇදී යන බිලියන 52 මේ රටේ ම රඳවා ගැනීම කෙරෙහි තමයි අවධානය යොමුවෙලා තියෙන්නේ. මේ දේවල් තමයි අපි සාකච්ඡා කළ යුත්තේ.

SendShareShare
Previous Post

පොලිසිය පාස්කු කොමිසමේදී මධුමාධවගේ නමත් එළියට දමයි

Next Post

ජනවාරි 01 එයාර්පෝට් අරින්න සූදානම්: යන-එන විදිහ මෙන්න

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.