• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චම්පික කියන කව්ද මේ නන්දේ…

December 1, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
චම්පික කියන කව්ද මේ නන්දේ…
Share on WhatsAppShare on Facebook

ජ’පුර නන්දේ සහ සමාජ විප්ලවය….

ජපුරේ නන්දේ මියගිය පුවත මා හිතවත් බන්දුල චන්ද්‍රසේකර කීවේය. එනමින් හැඳින්වූයේ 1985 – 1990 වකවානුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කලමණාකරන පීඨයේ සිසුවෙකු හා ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු / නායකයෙකු වූ තංගල්ලේ නන්දසිරි ගැනය. මේ පිළිබඳව චූලානන්ද සමරනායක මහතාගේ අන්තර්ජාල සටහනක්ද කියැවූයෙමි.නන්දේ අයිතිවූයේ අපේ පරපුරටය. ඔහු දකුණේ ගැමි ගොවි පරපුරක ඉපිද නිදහස් අධ්‍යාපනය නිසා හම්බන්තොට ගම්භාරේලාගෙන් “නිදහස” ලබා විශ්ව විද්‍යාලයට ආ කුසලතා පදනම සහිත තරුණයෙකි.

ඔහු විශ්ව විද්‍යාලයට එනවිට උතුරේ විශ්ව විද්‍යාල බෙදුම්වාදී සන්නද්ධ ක්‍රියාවලියට යට වෙමින් තිබිණි. 1983 දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා විසින් දෙමළ – සිංහල ශිෂ්‍ය සහෝදරත්වයද බෙදා තිබිණි. ජයවර්ධන පාලනය විසින් ජවිපේ හා වමේ පක්ෂ 83 කෝලාහලය කළා යැයි පවසා තහනම් කර තිබිණි.ශිෂ්‍ය භාවයද තහනම් විය. නන්දේද සාමාජිකයෙකු වූ ජවිපෙට අයත් සමාජවාජවාදී ශිෂ්‍ය සංගමය තහනම් කර නායකයින් දඩයම ඇරඹී තිබිණි. ජයවර්ධන ජනාධිපතිතුමා අනුර බණ්ඩාරනායකට විපක්ෂ නායක වීමට ඉඩදී විපක්ෂ විය හැකි අන් බලවේග ලෙයින් හා යකඩින් මර්දනය කර තිබිණි.ජයවර්ධන මහතා සිය මර්ධනයෙන් ප්‍රහර්ෂයට පත්ව සිටියදී ජපුරේ, කටුබැද්දේ, කොළඹ, පේරාදෙණියේ ශිෂ්‍ය – භික්ෂු නේවාසිකාගාර වල ජයවර්ධන ජනාධිපතිතුමාගේ විපක්ෂය ගොඩනැගෙමින් තිබිණි.

මේ විපක්ෂයේ නන්දේ සාමාජිකයෙකු හා නායකයෙකු විය.සමන් පියසිරි ප්‍රනාන්දු නොහොත් කීර්ති විජේබාහු නමින් දේශ ප්‍රේමී ජනතා ව්‍යාපාරය ගෙනගිය ප්‍රචණ්ඩ / සාහසික ක්‍රියා අනුමත කළ නොහැක. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී විපක්ෂය දේශපාලනිකව ජයවර්ධන මහතාගේ තණපිටියේ දිගේලි වී සිටියදී එකට එක කිරීමට නන්දේලා ඉදිරිපත් වීම නම් ගරුකටයුතුය.නන්දේ ගැන විප්ලවවාදී පූර්විකා, ගුණකථන ලිවීමට මට අවශ්‍ය නැත. ඔහුගේ පරපුරට සාධාරණයක් කිරීම මට අත්‍යාවශ්‍යය.නන්දේ ගැන අපූරු මතක සටහන් මට ඇත.

වරක් (1988) පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි අරගලයේදී කොළඹ ප්‍රධාන පෙලේ පාසල්වල (ආනන්ද, රාජකීය වැනි) වර්ජන කිරීම අසාර්තක විය. එයට හේතුව ඒවායේ සිසුවන් ශිෂ්‍ය නායකයින්ට, ගුරුවරුන්ට දැක්වූ බියමුසු ගෞරවයයි. සිසුන් ලෙස වෙස්වලාගෙන ගොස් වර්ජනය මෙහෙයවීමට දැඩිව තීරණය කළෙමු. ඒ සඳහා ළමා පෙනුමක් සහිත පිරිසක් තෝරාගත් අතර, මෙහෙයවීම නන්දේට භාරවිය. වැඩේ ටක්කෙටම කිරීම සඳහා සිය උඩු රැවුල කපා සුදු කලිසම් කමිස ඇඳ නන්දේ ද කණ්ඩායම සමග පාසල් ගියේය. ගේට්ටුව ළඟඳී මුරකරු අසා ඇත්තේ “මහත්තයා, ළමයා ඉස්කෝලෙ දාන්නද ආවේ..” කියාය. ඒ නන්දේගේ වැඩිහිටි පෙනුම නිසාය. වැඩේ එතැනින්ම කුරුවල් විය. මෙය අපගේ මහත් කෝපයට ලක්වූ සිදුවීමක් විය. නන්දේ ඒවා සිනාමුසුව විඳගත්තේය.

නන්දේ සිය ජීවිත කාලයේ විවිධ මූල්‍ය හා ආර්ථික ප්‍රශ්ණ, ලෙඩ රෝග ආදියට ගොදුරුව සිටි බව සමකාලීන හිතවතුන් ප්‍රකාශ කළෝය. 1987 – 89 කැරැල්ල ජවිපෙ ජය ලැබුවා නම් ඇතැම්විට නන්දේලා මැති ඇමතිවරුන් වූ ආණ්ඩුවක් බිහිවීමටද ඉඩ තිබිණි. මාක්ස්වාදය මත පදනම් වූ ආණ්ඩුවක් ඇතිකරගත හැකිදැයි මට නම් සැක සහිතය. නමුත් නන්දේලා වැනි කුසලතා පූර්ණ මිනිසුන්ගේ ආණ්ඩුවක් නම් පිහිටුවාගත යුතුමය.නන්දේගේ දරුවන්ද හොඳින් උසස් අධ්‍යාපනයට පිවිස ඇති බව දැනගත් විට මට මහත් සතුටක් ඇතිවිය. නමුත් ඔවුන් සිය හැකියාවන් කැප කිරීමට යන්නේ 1931 ඩොනමෝර් යුගයේ සිට මතුව ප්‍රභූ පවුල්වල මුත්තලා හා මුනුබුරු මිනිබිරියන් යටතේ බව මතක් වනවිට මහත් දුකක්ද ඇතිවිය.නන්දේගේ සමකාලීන බොහෝ දෙනා මේ රටේද, පිටරටවලද උසස් පදවි හොබවති. නමුත් ඒ පරපුරට තවමත් ලංකාවේ දේශපාලන බලය තහනම්ය.

අප සටන් කළ යුත්තේ ඒ සුජාත පරපුරට දේශපාලන නිදහස ලබා ගැනීම සඳහාය.

නන්දේ ඔබට සුබ ගමන්..!

පාඨලී චම්පික රණවක

SendShareShare
Previous Post

කෑලි සියල්ල ගැලවෙයි: පවිත්‍රාට මොනවත් නෑ

Next Post

දේශීය-විදේශීය ටයිල් සටන උත්සන්න වෙයි: පී.බී.ට එරෙහි සටනින් විමල් දිනයිද?

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.