ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියාණන් වූ රංජන් සිල්වා ඝාතනය කොට ධනංජය සහ ඔහුගේ සොහොයුරාද ඝාතනය කිරීමට සැලසුම් කළ ගොනාකෝවිලේ ධර්මේ හෙවත් එල්ලාවල ලියනගේ ධර්මසිරි පෙරේරා ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති බව දැනගන්නට ඇත.
මෙම ගොනාකෝවිලේ ධර්මේ යනු පාතාල නායක ගොනාකෝවිලේ අංජුගේ ප්‍රබලතම ගෝලයකු බවත්, ඔහුගේ කටයුතු සියල්ල මෙහෙයවනු ලබන්නේ ධර්මේ විසින් බවත් තහවුරු වී තිබේ.
මෙම තැනැත්තා හට ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කොට තිබූ අතර අද (30) දින ඩුබායි රාජ්‍යයේ සිට වෙනත් රටකට යාමට සූදානම්ව සිටියදී අදාළ වරෙන්තුවට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කොට ඇති බව වාර්තා වේ.










