• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

කොරෝනා උඹ තවත් ජීවිත මෙහෙම අරගෙන ගිහිල්ලා…

November 24, 2020
in News, Politics, Uncategorized
Reading Time: 3 mins read
A A
කොරෝනා උඹ තවත් ජීවිත මෙහෙම අරගෙන ගිහිල්ලා…
Share on WhatsAppShare on Facebook

කොරෝනා වෛරසය නිසා ලෝකය අවිනිශ්චිතතාවකට ඇද වැටි ඇති අතර, මෙම වසංගතය පිළිබඳ පුවත් නිතර ඇසීමෙන් හෝ දැකීමෙන් ජනතාවගේ මානසික පිඩාව දිනෙන් දින වැඩිවන බව දැක ගන්නට ලැබෙනවා. මේ සියල්ලටම හේතුව මේ දිනවල පවතින ඇඳිරි නීතිය නිසා ගෙදරට ම වෙලා ඉන්න සිදුවීමෙන් සහ වෙනදා ඇසුරු කරන පුද්ගලයන්ගෙන් ඈත් වී සිටින්න සිදු වීමෙන් මානසික සුවයට යම් බලපෑම් ඇති වී තිබීමයි. ඒ වගේ මෙම රෝගය වැළඳීමේ අවදානමක් ඇති පුද්ගලයන් සිය දෙමාපියන් සහ වැඩිහිටි පුද්ගලයන්ගෙන් ඈත් වී ජීවත් වීමට සිදු වීමත් මනසට දැඩි ලෙස බලපා තිබෙනවා. මෙවැනි අවස්ථාවකදී මානසික සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම දැඩි අභියෝගයකට ලක්වෙලා. සමහරු දිවි නසාගන්නත් පෙළඹීලා. මෙම දිවි නසාගැනිම්වලට ප්‍රධාන හේතුව කම්පනයයි. සමාජයේ එකිනෙකාගෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටුනොවීමෙන් කාර්යබහුලත්වය නිසා වැඩිහිටියන් මෙන්ම තරුණ පිරිසද හුදකලාවට පත්වෙනවා. තමන් තුළ ඇති කම්පාව, ජය පරාජයන්, අත්විඳින දුක් කම්කටොලු පිළිබදව කථාකරන්නට කෙනෙක් නොමැති තත්වයකට සමාජය පත්විමෙන් යාළු මිත්‍රාදින් දුරස්ථ වෙනවා. මේ හේතුන් නිසා දිවි නසා ගැනීමට බොහෝ දෙනකු යොමු වෙනවා.
දරාගත නොහැකි වේදනාවක් කරදරයක් ඇතිවු අවස්ථාවක සියදිවි නසා ගැනීමට පෙළඹවිම මිස කැමැත්තෙන් සියදිවි නසාගන්නා කෙනෙක් නෑ. ඒවැනි ගැටලුකාරි තත්වයකදී ඔහුට හෝ ඇයට පිහිට විය හැකි අයෙක් වේනම් ඒ සියදිවි නසාගැනිම වළක්වා ගැනිමට පුළුවන්.
එමෙන්ම රැකියාවේ සුරක්ෂිතබව නොමැති විමෙන්ද, දිනපතා ණයබර වැඩිවීම, තමන්ගේ නිවස තුළ ඒකාකාරිව ජිවත්විමෙන් මානසිකව වෙහෙසට පත්විම, තම හිත මිත්‍රාදින් සමග සම්බන්ධතා පවත්වාගෙන යාමට නොහැකිවිම, හුදකලා විම හේතුවෙන් මානසික ආතතිය සහ අධික බියට පත්විමත් මීට හේතු වෙනවා. ඒමෙන්ම මෙම රෝගය සදහා fඖෂධයක් මෙතෙක් සොයාගෙනත් නෑ.
පසුගියදා සිදු වු කොරෝනා වෛරසය ව්‍යාප්ත විම නිසා සිය දිවි නසාගැනිම් කිහිපයක් පිළිබදව අසන්නට ලැබුණා. ඒ මිනුවන්ගොඩ, ඒකල ප්‍රදේශයේ හැත්තෑ දෙහැවිරිදි කාන්තාවක් තම දියණියගේ ස්වාමිපුරුෂයා බ්‍රැන්ඩික්ස් ආයතනයේ රියදුරෙකු ලෙස සේවය කළ නිසා ඇගේ දියණියටද කොරෝනා වැළඳී ඇති බව සී.සී.ආර්. පරික්ෂණයෙන් සනාථ වුණා. මේ හේතුවෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් මැදිහත් වී නිවසේ අනෙකුත් අය නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකළා. අදාළ වයසක අම්මාට තම නිවසේ ස්වයං නිරෝධානය යොමු වන ලෙස දන්වා තිබුණා. මෙලෙස ස්වයං නිරෝධානය වන අතරවාරයේ දැඩි සිත්තැවුලට පත් ඒ වයසක අම්මා පසුගිය 07 වැනිදා ගෙල වැලලාගෙන මියගොස් තිබුණා. ඇගේ නිවසේ සිරුර එල්ලෙමින් තිබියද ජාඇල පොලිසිය විසින් සොයාගෙන තිබුණා.
දෙවැනි ගෙල වැළලා ගැනිම සිදුවුයේ නාගොඩ රෝහල් කාර්ය මණ්ඩලය ප්‍රවාහනය කළ කළුතර ලංගම බස් රථ රියදුරු මහතෙක්. කොරෝනාවට බයේ තම නිවස අසල රබර් ගසක ගෙල වැලලාගෙන මියගොස් තිබුණා. ඔහු දෙදරු පියෙක්. ඔහුගේ පුතා ගුවන් හමුදාවේ සේවය කරන අතර දියණිය අධ්‍යාපනය හදාරමින් සිටිනවා. ඇගේ බිරිද පොලිසියට පවසා සිටියේ ඔහු ප්‍රවාහනය කළ බස් රථයේ ගමන්කළ අයෙකුට කොරෝනා වැලදි ඇදි බව ඔහු මියයන්නට පෙර දින ආරංචි විමෙන් බියට පත්ව සිටි බවයි.
ඉහත සිද්ධින් දෙකටම පාදක වුයේ මෙවැනි වසංගතයක් පැතිරයාමේදි ඇතිවන මානසික ආතතියයි. වෛරසය පැතිරිම හේතුවෙන් හුදකලා විමට සිදුවිම හා රෝගය වැළදේ යැයි ඇතිවන බිය නිසා, ජනතාව බොහෝ සෙයින් මානසික මට්ටම පහළට ඇද වැටි තිබෙනවා. එදා ලාදුරු නම කියු පමණින් ජනතාව බියට පත්වුණු රෝගයක්. ලාදුරු රෝගය සැලකුවේ සමාජයෙන් වෙනකර තැබු රෝගයක් ලෙසයි. නමුත් දැන් ලාදුරු රෝගය කියන්නේ සුවකළ හැකි රෝගයක්. අද කොරෝනා රෝගයද එවැනි බියගන්වන රෝගයක් බවට පත්වෙලා. මේ හේතුවෙන් වැඩියෙන් මානසික මට්ටම ඇද වැටෙන පුද්ගලයින් ලෙස වැඩිහිටි වසය්ගත පුද්ගලයින් හා නිදන්ගත රෝග ඇති පුදගලයින් මෙන්ම සෞඛ්‍ය අංශයේ සේවය කරන අයද හැදින්වීමට පුළුවන්. වැඩිදෙනෙක් එදිනෙදා වෙළදාම් කිරිමෙන් මුදල් උපයන, නිසේවල වැඩකරන පිරිස්. කම්කරුවන්, වතුසේවකයින් යන ආදී අයගේ සේවය අඩාලවිමේන් ඇතිවන මානසික ආතතිය ඉතාම වැඩියි. ඔවුන්ට ඇතිවන ආර්ථික බිදවැටිම මත ඇතිවන මානසික පීඩනය දරාගැනිමට අපහසු විම නිසා දිවිනසාගැනිම්වලට යොමුවිමට උත්සහ කරනවා.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පළවන පුවත් නිරන්තරයෙන් නැරඹීමෙන් සහ කියවීමෙන් දැඩි මානසික පීඩනයකට ජනතාව මුහුණ දෙනවා. දිනෙන් කාන්තාවක් පුවත්පත කියවිමෙන් පසු කියාසිටියේ මෙවැන්නක්.
“මට පොඩි දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මගේ අම්මාත් අපි එක්ක ජීවත් වෙන්නේ. මේ නිව්ස් කියෙව්වට පස්සේ මට පාලනය කර ගන්න බැරි තරම් බයක් දැනෙනවා. ඒ නිසා ගෙදර අයටත් පරිස්සම් වෙන්න කියලා ඕනෑවට වඩා කෑ ගහනවා. මේ නිසා බොහෝ ගැටලුකාරී තත්ත්වයන් ඇතිවෙනවා. සාමාන්‍යයෙන් මම කලබල කෙනෙක් වුණාට ඉස්සර මේ තරම් බයක් ඇති වෙලා නැහැ. හැබැයි දැන්නම් පාලනය කර ගන්න අමාරුයි.”
කෙසේ නමුත්, පුවත් සහ සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවිවලින් වැඩි කාලයක් ඈත් වී සිටීමෙන් සිය මනස යම් තාක් දුරකට “සන්සුන්” කරගැනිමට හැකිබවද ඇය කියා සිටියාය.
මෙයින්ද පෙනියන්නේ මාධ්‍ය නිසා පවුල් අතරද ප්‍රශ්න ඇතිවන බවයි. මිට වඩා මාධ්‍ය වගකිමෙන් යුතුව ධනාත්මක ප්‍රවෘත්ති සමබරව ජනතාව අතරට රැගෙන යා යුතුයි.
සියදිවි නසාගැනිම වර්ධනය විමට ප්‍රධාන වශයෙන් සමාජ මාධ්‍ය ජාලාද බලපා ඇති බව පෙනියනවා. මුද්‍රිත පුවත්පත්, රූපවාහිනි ගුවන්විදුලි නාලිකා කිසියම් විනයානුකූල පාලනයකට යටත් කළ හැකි වුවත් සමාජ මාධ්‍ය ජාලාවලට එවැනි විනයක් නැහැ. ඒවා පාලනය කිරිම අසිරුයි සමාජමාධ්‍ය ජාලා ඔස්සේ සියදිවි නසාගන්නා ආකාරය විඩියෝ දර්ශන පෙන්විම තුළින් එවැනි පුද්ගලයින්ට වීරත්වයක් අරූඪ කිරිමක් සිදුකරනවා ඇතැම් මාධ්‍ය සියදිවි නසාගැනිම්වලට වටිනාකමක් ලබාදෙනවා. මෙය ඉතා බරපතලව සමාජය ආගාධයකට ඇදදමන තත්වයක්.
මේ අතර, කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල ව්‍යාජ පුවත් බොහොමයක්ද සංසරණය වෙමින් පවතිනවා. සෑම අවස්ථාවක ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය, පොලිසිය, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ වෙනත් වගකිව යුතු ආයතන නිකුත් කරන පුවත් සහ දැන්වීම් පමණක් අනුගමනය කළ යුතු බවට රජය නිරන්තරයෙන් නිවේදන නිකුත් කරනවා.
එසේ නම්, අපගේ මානසික සෞඛ්‍යය ආරක්ෂා කර ගන්නේ කොහොමද?
මෙම කාලය තුළ යම් පුද්ගලයෙකු මානසික සුවය පවත්වාගෙන යාම සඳහා අනුගමනය කළ යුතු පියවර කිහිපයක් පහතින් දැක්විමට පුළුවන්.
■ ඔබට හොඳ හැඟීමක් ඇති නොවන දේවල් කියවීමට හෝ නැරඹීමට වැය කරන කාලය සීමා කරන්න.
■ අන් අය සමග සම්බන්ධ වීම සඳහා සමාජ මාධ්‍ය ජාලවල සැරිසරන්න, නමුත් කොරෝනා වෛරසය ගැන කියවීම සීමා කරන්න.
■ දරුවන් සිටී නම් ඔවුන් සමග වැඩිපුර කාලයක් ගත කරන්න.
■ සිය සැමියා, භාර්යාව, දෙමාපියන් හෝ පවුලේ අය සමග සමගියෙන් කටයුතු කරන්න.
■ ආතතිය, පීඩනය අවම කර ගැනීම සඳහා හාස්‍ය උත්පාදක දේ කියවන්න, නරඹන්න.
■ තමන්ට කාලයක සිට මඟ හැරුණු දෙයකට නැවත යොමු වෙන්න.
■ පොත් කියවීම්, අත්කම්, මැහුම් ගෙතුම්, ගෙවතු වගාව වැනි දේට යොමුවන්න.
■ එකිනෙකා අතර නියමිත පරතරය තබාගෙන, නිවසින් පිටත, නිවස තුළ හෝ ගෙමිදුලේ ව්‍යායාම්වල නිරත වන්න. මෙමගින් මොළය තුළ රසායන ද්‍රව්‍යයක් වර්ධනය වන අතර, එය මානසික සෞඛ්‍ය පවත්වාගෙන යාමට බලපායි.
■ සංගීතයට සවන්දෙන්න. ගායනය, වාදනය, නර්තනය සහ චිත්‍ර සඳහා යොමු විමෙන් කටයුතු කරන්න.
■ බොහෝ කලකින් කතා නොකළ මිතුරෙකුට දුරකතන ඇමතුමක් දිමෙන් දුක බෙදාගන්න.
■ වැරදි පුවත් නොබලා, වගකිව යුතු මාධ්‍ය ආයතනවල පුවත් පමණක් නරඹන්න, කියවන්න.
■ හැකි සෑම විට ම සමබර ආහාර වේලක් ලබා ගන්න.
■ කෙනෙකු වෙනුවෙන් පිනට යමක් දෙන්න.
ඒ වගේ ම මේ කොරෝනා වෛරසය වැළඳුණ කෙනෙකු, එය රහසක් වශයෙන් තියාගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඒ බව හෙලි කිරීමෙන්, අන් අයටද යහපතක් උදාකර දිමට අපට හැකිවෙනවා. අනුන්ට උදව් කිරිමේන් මානසික සහනයක්ද ලබාගැනීමට පුළුවන්.
පවුලේ සාමාජිකයින් ආදරයෙන් යුතුව කටයුතු කිරිමෙන් පවුල තුළින් මේ දේ කරන්න අපට පුළුවන්. මෙයින් ආතතිය මගහරවා ගැනිමට, ආදරය කරුණාව පතුරන දෑ සමාජයට මුදාහැරිමට මාධ්‍ය මෙන්ම රටේ බලධාරින්ගේද වගකිමක්. මානසික මට්ටම හොද තත්වයක පවත්වාගෙන යාමට උත්සහ දැරිය යුතුයි.
“ඔබගේ ජිවිතය ගැන දෙවරක් සිතන්න. ඔබ තනි වි නොමැත”
දුකක් දැනුන මොහොතක මෙම දුරකථන අංකයට කථා කිරිමෙන් ඔබගේ දුක බෙදාගැනිමට හැකිවේ. ඒ අංකය 1333.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

ලලිත්-කූගන් නඩුවට ජනපතිට යාපන උසාවියෙන් නිකුත් කළ සිතාසිය අභියාචනාධිකරණයෙන් බලරහිත කරයි

Next Post

ඊයෙ ඇරපු කිලිනොච්චියේ පාසල් සතියකට යළි වහයි

MORE NEWS

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.