තොණ්ඩමන් නගර් ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් සමග කිලිනොච්චි දිස්ති‍්‍රක්කයේ සියලූම පාසල් යළි සතියකට වසා දමා තිබේ.
උතුරු පළාත් අධ්‍යාපන ලේකම් එල් ඉලංගෝවන් පවසා ඇත්තේ පාසැල් වසා දමන ලෙසට වූ නිවේදනය කිලිනොච්චි කලාප අධ්‍යාපන කාර්යාලයට දැනුම් දුන් බවයි.
මෙම පුද්ගලයාට වෛරසය ආසාදනය වූයේ කෙසේදැයි මෙතෙක් අනාවරණ වී නැත.
කොවිඞ් දෙවන රැල්ලෙන් පසු පළමුවරට පාසැල් විවෘත කළ ඊයේ දිනයේ උතුරු පළාතේ සිසුන්ගෙන් සියයට 47 ක් හා ගුරුවරුන්ගෙන් සියයට 75 ක් පාසැල් වෙත පැමිණ තිබුණා.










