• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලලිත්-කූගන් නඩුවට ජනපතිට යාපන උසාවියෙන් නිකුත් කළ සිතාසිය අභියාචනාධිකරණයෙන් බලරහිත කරයි

November 24, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
ලලිත්-කූගන් නඩුවට ජනපතිට යාපන උසාවියෙන් නිකුත් කළ සිතාසිය අභියාචනාධිකරණයෙන් බලරහිත කරයි
Share on WhatsAppShare on Facebook

2011 වසරේ පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන ලලිත් වීරරාජ් හා කූගන් මුරුගානන්දන් යන අයගේ නඩු විභාගයකට අදාළව සාක්ෂිදීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිකුත් කර තිබෙන සිතාසිය බලරහිත කරමින් අභියාචනාධිකරණය අද (24) රිට් ආඥාවක් නිකුත් කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කරන ලදි.

ලලිත් සහ කුගන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින හබයාස් කෝපුස් නඩු විභාගය සඳහා සාක්ෂි දීමට ඉකුත් වසරේ සැප්තැම්බර් මස 27 වනදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස දන්වමින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය මගින් හිටපු ආරක්ෂක ලේකම් වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නොතීසියක් නිකුත් කර තිබුණි.

ආරක්ෂක හේතූන් මත තමාට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනීසිටීමට අපහසු බව දන්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය එම සිතාසිය මත යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනීසිටීම වළක්වාලමින් තහනම් නියෝගයක් ද නිකුත් කර තිබුණි.

එම පෙත්සමට අදාළ ව අද (24) තීන්දුව ප්‍රකාශයට පත්කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නවාස් මහතා මහෙස්ත්‍රාත් අධිකරණයක් මගින් යම් පුද්ගලයකු වෙත සිතාසියක් නිකුත් කළ හැක්කේ යම්කිසි නිශ්චිත කරුණක් සඳහා පමණක් බව පැවසීය.

එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මෙම සිතාසිය නිකුත්කර තිබෙන්නේ නීතිඥවරයෙකු ඉදිරිපත් කළ මෝසමකට අනුව යැයි පෙන්වාදුන් සභාපති විනිසුරු නවාස් මහතා ඒ තුළ කිසිදු නීතිමය පදනමක් දක්නට නොලැබෙන බව සඳහන් කළේය.

ඒ අනුව  අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස දන්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත්කර ඇති සිතාසිය නීතියට පටහැනි මෙන්ම බලරහිත ලියවිල්ලක් බව සභාපති විනිසුරුවරයා සඳහන් කළේය.

ඒ අනුව එම සිතාසිය බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කරන බව ද විනිසුරු මඩුල්ල සඳහන් කළේය.

SendShareShare
Previous Post

වතුරවලත් කොරෝනා: වහා සූදානම් වන ලෙස මහින්දගෙන් නියෝග

Next Post

කොරෝනා උඹ තවත් ජීවිත මෙහෙම අරගෙන ගිහිල්ලා…

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.