• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

පොතේ එදා කතාව

September 11, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

දියුණු සංස්කෘතියක විද්‍යමාන වැදගත් ලක්ෂණයක් වන්නේ පරිපූර්ණ වූ භාෂාවක් පැවැතීමයි. ඊට වඩා වැදගත් වන්නේ කතාකරන දේ ලිවීමට සංකේත මාලාවක් හෙවත් අක්ෂර මාලාවක් පැවැතීමයි. මේ අංශ දෙකෙන්ම අපි පොහොසත්වී සිටිමු. අපටම අනන්‍ය භාෂාවක් පවතින අතරම අප කියන දෑ, සිතන දෑ ලිවිය හැකි පරිදි අක්ෂර මාලාවක් අපට ඇත. අපට සිතන, දැනෙන දේ ලිවීම ලෙහෙසි කරුණක් වුවත් එකී දෑ ලිවීමට අවශ්‍ය කඩදාසි හෝ වෙනයම් වූ ඒ හා සමාන දෙයක් තිබිය යුතුය. වර්තමානයේ වුව මේ උපකරණ ඕනෑවටත් වඩා ඇත. එනමුත් මෙලෙස පහසුකම් නොමැති කාලයක් අප පසුකරගෙන පැමිණ ඇත. අපගේ රටේ ආර්ය ජනාවාස බිහිවීමෙන් පසු ක්‍රමික සංවර්ධනය සිදුවූ ආකාරය නිරන්තරයෙන් අවධානයට යොමු කරන බැවින් ඒ හා සම්බන්ධව පුස්කොළ ලේඛන කලාවට පෙරාතුව කුමනාකාරයේ ලේඛන ක්‍රමවේදයක් තිබුණේදැයි කෙටි හැඳින්වීමක් මෙමඟින් සිදුකෙරේ.

විජයාගමනයට පෙර මෙහි සිරිසවත්ථුපුරය හා ලංකාපුරය යනුවෙන් අගනගර දෙකක් පැවැති අතර දියුණු සංස්කෘතික රටා පැවති බවද හඳුනාගත හැකිය. කුවේණිය කපු කටිමින් සිටීම මඟින් හෙළිකරන්නේ අපගේ අතීත මානවයන් ඇඳුම් හැඳි බවයි. එසේම බුදුරදුන්ගේ දෙවැනි ලංකාගමනය මෙහි නාගදීපයේ විසූ චූලෝදර මහෝදර දෙදෙනාගේ මැණික් පුටුවක් පිළිබඳ පැවති හබයක් සන්සිඳුවීම පිණිස සිදුවූ නිසා මැණික් එබ්බවූ පුටු තිබීමෙන්ම අපගේ සංස්කෘතිය දියුණු එකක් වූ බවට සාක්ෂි ලැබේ. එසේම ලේඛන කලාවක්ද තිබෙන්නට ඇත. නමුත් ඒ සඳහා සාක්ෂි දුලබය. අප බොහෝ විට රාවණා නම් රජකු මෙහි සිටි බව විශ්වාස කරන අතර ඔහුගේ දක්ෂතා ප්‍රකට කෙරෙන එක් කරුණක් වන්නේ වෛද්‍ය ග්‍රන්ථ කිහිපයක් ඔහු රචනා කළැයි සැලකීමයි. කුමාර තන්ත්‍රය, ඔඞ්ඩීස තන්ත්‍රය ආදී වූ වෛද්‍ය ග්‍රන්ථ හතරක් පිළිබඳ එසේ කියැවේ.
ඒ කෙසේ හෝ වේවා විජයගේ ජනාවාසකරණයත් සමඟ මෙහි බොහෝ අංශ ක්‍රමයෙන් සංවර්ධනීය මට්ටමකට පත්වන්නට ඇත. ලේඛන කලාවද එසේම විය. අපගේ ලේඛන කලාවේ ඉතිහාසය දෙස බැලීමේදී ඉන්දු ආර්ය භාෂා පවුලට වැටෙන භාෂාවක් බව පැහැදිලිය. සිංහල භාෂාව විජය ඇතුළු පිරිස මෙරටට හඳුන්වා දුන් අතර ඔවුන් පැමිණීමට පෙර තිබූ භාෂාව පිළිබඳ හඳුනාගැනීමට හැකියාවක් නැත.

අපට සන්නිවේදන කටයුතු සඳහා අදහස් හුවමාරු කරගැනීමේ හැකියාවැති භාෂාවක් තිබුණද සමහර අවස්ථාවලදී වාචිකව සන්නිවේදනය කිරීම පසෙකලා ලිඛිතව එය දැක්විය යුතුය. සමීපයේ සිටින දෙදෙනකු අතර වදන් හුවමාරුවත් අසලකවත් නැති කෙනකුට පණිවුඩයක් ලබාදීමත් එකිනෙකට වෙනස් අභියෝග දෙකකි. එහෙත් මෙකී අභියෝග අප අතීත මානවයා කෙසේ හෝ ජයගෙන ඇති බව පැහැදිලිය. ක්‍රිස්තුපූර්ව යුගයේ සිට නැවත හැරී බලද්දී එසේ ලේඛනමය අවස්ථා කිහිපයක් හඳුනාගත හැකිවේ. මෙහි කදිම සාක්ෂ්‍ය හමුවන්නේ විජයගේ කාලයේ පටන්මය. මහාවංසය දීපවංසය ආදී සාහිත්‍ය මූලාශ්‍රය සඳහන් කරන පරිදි මෙහි ලේඛන කලාවක් පැවැති බව කරුණු සහිතව ප්‍රත්‍යක්ෂ කරගත හැකි අතරම එකී දෑ ලේඛනය සඳහා අවශ්‍ය වන ද්‍රව්‍යද පවතින්නට ඇත. විජය මෙහි පැමිණීමත් සමඟ රාජාභිෂේකයටත් විවාහයටත් අවශ්‍ය වූ බැවින් මධුරාපුරයෙන් කුලකුමරියක් ගෙන්වා ගැනීම පිණිස ලිපි ලියූ බව කියැවේ. එසේම තම සොහොයුරු සුමිත්ත වෙත පණිවුඩයක් යවා සුදුසු තැනැත්තකු මෙහි පාලනය සඳහා යොමුකරවන ලෙසද ඉල්ලා ඇත. මේ අපට හමුවන පැරණිම සාධක දෙකයි. මෙකී පණිවුඩ ලබාදුන්නේ කුමන ලේඛන මාධ්‍යයක් භාවිතයෙන් දැයි පැහැදිලි සාක්ෂ්‍ය අපට නැත. බොහෝ වේලාවක ඉතා කෙටි කලකින් විනාශ විය හැකියැයි සැලකිය හැකි අමුද්‍රව්‍ය මේ සඳහා භාවිත කරන්නට ඇත.

අතීත මානවයා ලේඛන කටයුතු සඳහා මැටි පුවරු, දැව පතුරු, ගල් පතුරු ආදිය යොදාගත් බව කියැවේ. එහිදී ඔවුන් භාවිත කර ඇත්තේද රූප රටායි. ලෙහ්මන් වින්ෆර්ඞ් දක්වන ආකාරයට වචනාක්ෂර, වර්ණාක්ෂර, ව්‍යස්ත ශබ්දාක්ෂර යනුවෙන් ලේඛනයේ විකාශනීය අවස්ථා 03ක් හමුවේ. අයි.ජේ. ගෙල්බ් නමැති විද්‍යාඥයා ලේඛනයේ ක්‍රමික විකාශනය අවධි 03ක් යටතේ දක්වයි. එනම් ලේඛනයක් නොමැති අවධිය, ලේඛනයේ නිමිති අවධිය හා සම්පූර්ණ ලේඛන කලාවක් සහිත අවධිය ආදී වශයෙනි. එහිදී ලේඛනයක නිමිති අවස්ථාව වශයෙන් ගැනෙන්නේ ඉහතින් සඳහන් කළ රූප රටා මඟින් දක්වන සංකල්පීය සන්නිවේදන අවස්ථාය. සම්පූර්ණ ලේඛන කලාවක් පැවැතීම සිදුවූයේද මීට වර්ෂ දහස් ගණනකට පෙරාතුවය. විජය ලංකාවට පැමිණීමේ ඉතිහාසයට ඇත්තේ වර්ෂ 2600ක් තරම් අතීතයකි. එහෙත් සම්පූර්ණ ලේඛන අවස්ථාව ඊට වඩා බොහෝ ඈතට ගමන් කරයි. ලේඛන අවස්ථා තිබුණද ඒ සඳහා භාවිත කිරීමට දිගු කාලයක් පැවැතිය හැකි අමුද්‍රව්‍ය භාවිත නොකිරීම නිසා කාලයාගේ වැලිතලාවෙන් එකී සාධක වියැකී ගොස් ඇත. අක්ෂර මාලාවක් නොමැති අතීතයේදී රූපාක්ෂර භාවිත කළ අතර එහිදී සම්මත කරගත් රටාවක්ද පවතින්නට ඇත. ගුණ, ක්‍රියා, සංඥා වැනි ද්‍රව්‍ය නාම සටහන් කිරීමට මඟක් නොවූයෙන් ඒ සඳහා අමුතු ක්‍රමයක චිත්‍ර ඇඳීමට සිදුවන්නට ඇත. දුක, සැප, කෑම, බීම ආදිය හැඟවීම සඳහා චිත්‍රාක්ෂර භාවිත කරන්නට ඇත. මිසර ශිෂ්ටාචාරයේ සුමේරියානු, බැබිලන් ආදී නගරවල ක්‍රමික දියුණුවත් සමඟ ඔවුන් චිත්‍රාක්ෂරවලින් මිදී ක්‍රමයෙන් අක්ෂර දැක්වීමේ ක්‍රම සොයන්නට වෙහෙසගෙන ඇත.

අපේ ඉතිහාසය දෙස බැලීමේදී ඉතා හදිසියෙන් සන්නිවේදනය කළ යුතු තොරතුරු තල් පත්‍ර, පොල් කොළ හෝ ඒ හා සමාන වස්තුවක ලියන්නට ඇත. පණ්ඩුල ඇදුරිඳු සමීපයේ පණ්ඩුකාභය අකුරු කළ බව දැක්වෙන අතර එහිදී අකුරු ලිවීමට යම් උපකරණයක් භාවිත කරන්නට ඇත. ඒ වැලිපිල්ල විය හැකිය. එසේත් නැත්නම් ගල් ලෑල්ල විය හැකිය. අතීත අකුරු ලේඛනීකරණයේ උපකරණ වශයෙන් දැක්වෙන්නේ මේවාය. පණ්ඩුකාභයට මහවැලි ගඟෙන් උඩට නොඑන ලෙස අභය නම් මාමා ලිපියක් මගින් දැනුම් දුන් බවත් ඉතිහාසයේ පෙනේ. මහින්දාගමනය සිදුවීම අහඹු සිදුවීමක් නොවේ. අශෝක-තිස්ස දෙදෙනා අතර ලිපි ගනුදෙනු හා තුටුපඬුරු ගනුදෙනු සිදුව ඇති බව වංසකතාවල දැක්වෙයි. අරිට්ඨ තෙරුන්ගේ මූලිකත්වයෙන් විනය සංගායනාවක් ඇතිවීම හා ත්‍රිපිටකයට අටුවා කිරීම ආදිය ඉතිහාස තොරතුරු අතර එයි. එකී තොරතුරු කෙටිකාලයකින් අභාවයට යන්නට ඇත්තේ භාවිත කළ අමුද්‍රව්‍ය දිගුකාලීන පැවැත්මකින් තොරවූ නිසා විය හැකිය.

මිහිඳු මහරහතන් වහන්සේ හා දේවානම්පියතිස්ස රජු දෙදෙනාගේ මූලිකත්වයෙන් මෙහි බුදුසසුන පිහිටුවූ අතර අනාගතයේදී දුටුගැමුණු නම් රජෙක් මහාථූපය කරන බව රන් තහඩුවක හෝ ඊට සමාන වස්තුවක ලියා තැබූ බවත් දුටුගැමුණු රජුට එය හමුවීමේ කතාපුවතත් මහාවංසය වර්ණනා කරයි. ඒද වැදගත් සාක්ෂියකි. වළගම්බා රජුගේ දවස ඔහුට අපහසු කාලයේදී උපකාර කළ මහාතිස්ස හිමියන්ට අභයගිරි විහාර සංකීර්ණය කරවා එය වැටකේ පතකින් ලියා පූජා කළ බව කියැවේ. එසේම ක්‍රිස්තු වර්ෂ 05 වැනි සියවසේ මෙහි පැමිණි බුද්ධඝෝෂ හිමියන් විශුද්ධි මාර්ගය ලියා ඇත්තේද යම් වූ ලේඛනයට පහසුවූ අමුද්‍රව්‍යයක බව පැහැදිලි වන්නේ එකී කෘතිය විශාල ග්‍රන්ථයක් වන බැවිනි.
ලේඛන කටයුතු සඳහා භාවිත කළ අමුද්‍රව්‍ය අතර ශිලාමය ස්ථම්භ අතිශයින් වැදගත් වේ. අභිලේඛන යනුවෙන් හඳුනාගන්නේ මේවායි. ලෙන් ලිපි, ගිරි ලිපි, පුවරු ලිපි, ටැම් ලිපි ආදී වශයෙන් සෙල්ලිපි හමුවන අතර අතීතයේ වැදගත් ශාසනික තොරතුරු ලියා තැබීමට භාවිත කර ඇති බව පෙනේ.

ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ සිට මෙවැනි ශිලාලේඛන හමුවේ. භික්ෂූන් වහන්සේලාට විහාරාරාම පූජා කිරීම පිළිබඳ තොරතුරු මෙකී ශිලා වස්තුවල අන්තර්ගතව ඇත. වර්තමානයේ කරන ලද කැණීම්වලින් අනුරාධපුරය, රත්නපුරය, පොළොන්නරුව ආදී ප්‍රදේශවලින් ඒ සම්බන්ධව ඉතා වටිනා ඓතිහාසික තොරතුරු හමුවේ. අක්ෂර සංකේත ඇති මැටි පුවරු හමුවීම මෙහි වැදගත් කොට සැලකිය හැකිය. එවැනි සාධක මගින් අපගේ අක්ෂර මාලාව අපටම අනන්‍ය රටාවකින් නිමැවී තිබූ බව හඳුනාගත හැකිය.

කෙසේ නමුත් මධ්‍යකාලීන යුගයේ සිට ලේඛන අමුද්‍රව්‍යයක් වශයෙන් පුස්කොළ භාවිත කරන්නට ඇත. බුද්ධඝෝෂ හිමියන්ද භාවිත කරන්නට ඇත්තේ පුස්කොළ විය හැකිය. අනුරාධපුර යුගයේ සිට සාහිත්‍යකරණයේ නියුක්ත පිරිසක් සිටි අතර අද විද්‍යමාන වන ධම්පියා අටුවා ගැටපදය, සියබස්ලකර, සිඛවළඳ විනිස ආදී කෘතිද ලියැවෙන්නට ඇත්තේ පුස්කොළ පොත්වලය. එසේම පොළොන්නරු යුගයේදී ලියැවුණු අමාවතුර, බුත්සරණ, දහම්සරණ, සඟසරණ ආදී ගද්‍ය කෘතිද මුවදෙව්දාවත, සසදාවත ආදී පද්‍ය කෘතිද ලියැවෙන්නට ඇත්තේ පුස්කොළ පොත්වලය. එපමණක් නොව මුද්‍රණ ශිල්පය ආරම්භ වූයේ ක්‍රිස්තු වර්ෂ 16 වැනි සියවසේ නිසා ඊට ප්‍රථමයෙන් මෙහි ලේඛන කලාවක් පැවැති නිසා සාහිත්‍ය ඇතුළු සියලුම ලේඛනීය කටයුතු සිදුව ඇත්තේ පුස්කොළ ආශ්‍රිත අමුද්‍රව්‍ය අදාළ කරගෙන බව හඳුනාගත හැකිය. වැදගත්ම තොරතුරු ගලේ කෙටූ අවස්ථාද හමුවේ.

භික්ෂු කතිකා කිහිපයක්ම ගලේ කොටා ඇත. එසේම රන් තහඩුවලත් ලේඛනගත කොට ඇත.
පුස්කොළ පොත් භාවිතාවේ ඉතිහාසය විමසීමේදී ක්‍රිස්තු වර්ෂ 05 දක්වා අතීතයට දිවයයි. ඒ බුද්ධඝෝෂාගමනය හා සම්බන්ධවය. එතැනින් පසු බොහෝ වාර්තා මහාවංසය පමණක් නොව අනෙකුත් වංසකතාවල දැක්වෙයි. පුස්කොළ ලිවීම මහනුවර යුගයේදීද වැඩි වශයෙන් පැවති අතර තල්ගස් කැපීමද තහනම් කොට තිබිණි. පුස්කොළ සකස් කිරීම සඳහා පිරිසක් පත්කර සිටි බවද එහි කියැවේ. මුද්‍රිත මාධ්‍ය හා ඒ සඳහා අවැසි අමුද්‍රව්‍ය වැඩි වශයෙන් ව්‍යාප්ත වන්නේ කාර්මීකරණයත් සමඟය. යුරෝපා රටවල් එසේ කාර්මීකරණයට බඳුන්වීම නිසා නවීකරණය, නාගරීකරණය ඇතිවිය. එම උපකරණ අප රටටද පසුකාලයේදී ලැබිණි. ඒ නිසා අදවන විට දියුණු ලේඛනීය උපකරණ අපට ලැබී ඇත. පුස්කොළවල ලේඛනගත කරන අවස්ථා අද ඉතා විරලය.
අපගේ අතීත ප්‍රෞඪත්වය ප්‍රකට කරන වස්තුවක් ලෙස පුස්කොළ පොත් හඳුන්වා දිය හැකිය. අතීතකාමයෙන් යුතු නිසා අප බොහෝ වැදගත් අවස්ථාවල පුස්කොළයේ හැඩයට සන්නස් පත්‍ර ආදිය මුද්‍රණය කරනු ඔබ දැක තිබෙන්නට පුළුවන. මහනුවර යුගයේ ලියූ පුස්කොළ පොත් තවමත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය, කොළඹ කෞතුකාගාරය ආදී පුස්තකාලවල ඇත. ඒවායින් අපේ ශ්‍රී විභූතිය ලොවට කියාපායි.

පදිය තලාවේ ඥාණවිමල හිමි

SendShareShare
Previous Post

මීනාට හඳහනෙන් කියූ අනාවැකිය

Next Post

හරීන්ගෙ ‌කොන්දද? තිලංගගේ ‌කොන්දද? තීන්දුව ‌හෙට

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.