කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සෞඛ්‍ය ආරක්ෂිත මුඛ ආවරණ විසිදහසක් සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාග කිරීම එම අමාත්‍යංශයේ දී පසුගිය දා සිදුවිණි. මෙරට තුළ COVID-19 වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශ ගෙනයන ප්‍රශස්ත ක්‍රියාමාර්ගවලට තවදුරටත් සහාය දැක්වීමේ අරමුණ ඇතිව මෙම පරිත්‍යාගය සිදු කෙරිණි.
CHEC කොළඹ වරාය නගර පුද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ Jiang Houliang මහතා විසින් මෙම මුඛ ආවරණ තොගය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත පිරිනමනු ලැබීය. එම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් එක්ව සිටියේය.
ආර්ථික සංවර්ධන සහ දිළිඳුකම තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා කොළඹ වරාය නගර ව්‍යාපෘති සමාගම වෙතින් කරන ලද ඉල්ලීමක් ලෙස මෙම පරිත්‍යාගය සිදු කෙරිණි. ශ්‍රී ලංකා රජයට තවත් ඉතා වැදගත් අවශ්‍යතාවයක් වන පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල ලබා දෙන ලෙසද බැසිල් රාජපක්ෂ මහතා වරාය නගර ව්‍යාපෘති සමාගමෙන් සිදු කරනු ලද ඉල්ලීමට ප්‍රතිචාර ලෙස ව්‍යාපෘතියේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කර සිටියේ එම ඉල්ලීමද හැකි උපරිම ඉක්මනින් ඉටු කර දීමට උත්සාහ දරන බවයි.










