ශ්‍රී ලංකාවේ විශාලතම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන Unilever ශ්‍රී ලංකාහි හොරණ මූලික කරගත් නිෂ්පාදන කර්මාන්ත ආයතනය වෙත ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ISO 9001 තත්ත්ව සහතිකය පිරිනැමූ බව පසුගියදා නිවේදනය කරන ලදී. මීට අමතරව ඉහළ නිෂ්පාදන පිරිවිරයන් සඳහා වන GMP සහතිකයද මේ සමඟ Unilever කර්මාන්ත ආයතනය වෙත හිමිවීම විශේෂත්වයකි.
එහි ප්‍රතිඵලයක් ලෙස සන්ලයිට්, ලයිෆ්බෝයි, සිග්නල්, ලක්ස්, පෙයාර්ස් බේබි, සන්සිල්ක්, වොන්ඩර්ලයිට්, ලිවර් ආයුෂ්, ක්ලෝස් අප්, ඩව්, ග්ලෝ ඇන්ඩ් ලව්ලි, පොන්ඩ්ස් සහ වැස්ලින් යනාදී සන්නාම 14ක Unilever නිෂ්පාදන 256ක් ISO 9001 තත්ත්ව සහතිකය යටතේ මෙහිදී නිෂ්පාදනය කරනු ලබයි.
ISO 9001 යනු තත්ත්ව කළමනාකරණ ක්‍රියාපටිපාටිය සහතික කිරීමක් වන අතර GMP සහතික කිරීම මඟින් අවශ්‍ය ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදන අඛණ්ඩව සිදු කරන බව සහතික කරනු ලබයි. ඒ තුළින් පාරිභෝගික අවශ්‍යතාවන් සපුරාලීම සඳහා නිෂ්පාදන හා සේවාවන් සෑම විටම ලබා දීම සඳහා සමාගමක් සතු හැකියාව පැහැදිලි කරනු ලබන අතර අන්තර්ජාතිකව නියාමනය කරන ලද ප්‍රමිතීන්ට අනුකූලව පාලනයන් අධීක්ෂණය කිරීම සිදු කරනු ලබයි. එහිදී වැඩි දියුණු කිරීම සඳහා අනුගමනය කරන ක්‍රියාවලීන් ඵලදායී ලෙස භාවිත කිරීම සහ පාරිභෝගික අනුකූලතාව සහතික කිරීම මෙන්ම අදාළ ව්‍යවස්ථාපිත හා නියාමන අවශ්‍යතා මත සමාගම් මනිනු ලබයි.











