• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඉස්පාසුවක් නැතිව ආදරය කරන සංජය – මනයාටා පෙම්පලහිලව්ව

November 15, 2020
in Heart
Reading Time: 2 mins read
A A
ඉස්පාසුවක් නැතිව ආදරය කරන සංජය – මනයාටා පෙම්පලහිලව්ව
Share on WhatsAppShare on Facebook

නළුකම ඉලක්කම්වලට උකස් තිබ්බේ නැති සුපිරි නළුවා…

සංජේ දත් ඉන්දියානු සුපිරි තරු අතර නොම්මර එකේ තවත් එක් තරුවකි.තවත් විදියකට කියනවා නම්, තරුවකට වඩා සංජේ දත් අති දක්‍ෂ චරිතාංග නළුවෙකි. යෞවනයකු ලෙස ඔහු හින්දි සිනමා සාගරයට එක්වූයේ ‘රොකී’ චිත්‍රපටයෙනි. වාණීජ මෙන්ම සම්භාව්‍ය ගණයේ චිත්‍රපටවලද සම සමව රඟපෑ සංජේට ප්‍රතිවාදීව වෙට්ටු දමන වෙනත් සුපිරි තරු සිටියේ නැත. සරලවම කියනවා නම් සංජේ වෙනත් නළුවන් සමඟ ගේමක් ඉල්ලුවේ නැත. කිසිවකු සමඟ ඔහුට ගේමක් තිබුණේද නැත. නිසොල්මනේ, පාඩුවේ ඔහු තම ‘සුපිරි තරු’ නළුකම ලොකු ලොකු ඉල්ලම්වලට උගස් තබා හරි හම්බුකර ගත්තේය.
නමුත්..,
නිසොල්මනේ එලෙස ඇදී ගිය සංජේගේ සුපිරි ජීවිත රටාවට එපිටින් විශාල කළු පැල්ලමක් ඔහුව වට කොට ඉදිවෙමින් තිබුණේ ඔහු නළුවකු ලෙස සුපිරි තත්ත්වයට පය තබන විටමය.
ඒ බියකරු කළු පැල්ලමෙහි පළමු පියවර වූයේ සංජේ කුඩුවලට ඇබ්බැහි වීමය. හේතු පිණිස ඒ වෙනුවෙන් ඔහු පවසා තිබුණේ තම මව පිළිකාවෙන් පෙළෙන වේදනාව දරාගත නොහැකි නිසා කුඩුවලට ඇබ්බැහි වූ බවය. නර්ගීස් මිය ගියාට පසු සංජේ තවත් තදින්ම කුඩට ඇබ්බැහි වූයේ අම්මාගේ පපුකුහරෙහි උණුසුම නැතිව ගිය සොවිනි. ‘ටීනා මුනිට්’ නම් සුපිරි නිළි කැකුළ සංජේ දත් සමඟ වූ පෙම් පලහිලව්වෙන් සමුගත්තේද ඔහුට කුඩුවලින් තොර වෙනත් යමක් නොතිබූ නිසාය. භාවිතයට ගත් කුඩු ප්‍රමාණය සංජේ තවත් වැඩි කළේ ‘ටීනා’ තමා හැර ගිය ශෝකය වාවාගනු බැරිවය.
බොහෝ හැලහැප්පීම් අවසානයේ සංජේ පුනරුත්ථාපනය මැද මතින් මිදුණේ සුනිල් දත්ගේ තදබල රෝගී තත්ත්වය මැදය. යහපත් භාරත කතක සමඟ විවාහ වී ‘ත්‍රිෂාලා’ නම් අපූරු දියණියක තුටු පඬුරු ලෙස ජීවිතයට ලැබුණු පසු සංජේ දත් සිය පරිණත පිරිමියකු ලෙස නැවැත තැන්පත් විය.
එහෙත්..,
එය ඉතාම කෙටි කලකට සීමාවිය.
ඒ පාර සංජය මැදිව සිටියේ රහස් අවි ගනුදෙනුවක ගේමක් සඳහාය. සංජේ අත්අඩංගුවට පත්වී අනතුරුව රක්ෂිත බන්ධනාගාරගතවී අවසානයේ වසර කිහිපයකට සිරගත වූයේ ඉතාම කෙටි කලක් තුළදීය. තරුණ බිරිය දියණිය ත්‍රිෂාලා සමඟ ඔහු තනිකොට ගියේ දික්කසාදයෙහි ලියකියවිලිවල සියලුම කොපි සංජේට ලැබෙන්නට සලස්වමිනි.
නැවැත සංජේ මතට ඇබ්බැහි විය. දියණිය ත්‍රිෂාලා තමා වෙතින් දුරස්ව යෑම, වඩාත්ම සංජේව මානසිකව පහතට ඇද දැමීමට හේතු විය. ඒ අතරම සංජේගේ පියා වූ සුනිල් දත්ද ජීවිතයෙන් සමුගත්තේය.
‘ඉතින්… සංජේට කාගේ නම් පිහිටක්ද?’
නිදහස ලබමින්, නැවැත සිරගත වෙමින් යළි නිදහස සොයා ගොස් නොසිතූ ලෙස කුමක් හෝ අඩව්වකට මැදිව යළිත් ලොක්අප් වන සංජේ ගෙවූ ජීවිතය සාතන්ටම බිලි විය.
සමහර අවස්ථාවන්වල සාතන් විසින් කළුවර කුටි තුළට කොටු කරන ජීවිතවලට, දෙවියන් විසින් ‘සුර දූතයන්’ එවා වදාරණ අහඹු අවස්ථාවන්ද වේ..,
සංජේ දත්ටද එවැනි අවස්ථාවක් උදාවිය. දෙවියන් විසින් සංජේ වෙත එවූ සුරදූතිය වූයේ ලස්සන තරුණියක වූ ‘මනායාටා’ය. මනායාටා සංජේගේ ආදරණීය රසිකාවියක විය. සුහද මිතුරු ගනුදෙනුවක්ව තිබූ සම්බන්ධතාවයට මනායාටා විසින් ආදරය එකතු කළේ සංජය අළුගෝසුවකුසේ සිරගතව සිටින සමයේදීමය.
අලංකාර ඇඳුමෙන් සැරැසී රසමසවුළු පිසගෙන සංජය බලන්නට එන මනායාටා දෙස ජේලර්ලා බලා සිටියේ පුදුමයෙනි. නාහෙට නාහන අළුගෝසු මිනිසකු වෙනුවෙන් මෙතරම් සුන්දර ලලනාවක් දෙවියන් කුමකට මැව්වාදැයි ඔවුන් නිතර සිතන්නට ඇත.
සංජේගේ ජීවිතය සම්පූර්ණ වෙනස් විය. හෙතෙම සිර දඬුවමින් නිදහස්ව ගොස් මනායාටා සමඟ විවාහ විය.
මෙවර දීපවාලිය සමඟ ඒ අපූරු බැඳීමට වසර ගණනක් සම්පූර්ණ විය. මනායාටා සංජේ සමඟ සතුටුදායක ජීවිතයකට මැදිව සිටින්නේ හුරුබුහුටි දරු දෙපළක්ද සමඟය. පසුගිය කාලයේ මාරාන්තික පිළිකා තත්ත්වයකට මැදිව සිටි සංජේ දත්ට ඇප උපස්ථාන කළ සොඳුරු හෙදිය වූයේ මනායාටාය.
මෙවර දීපවාලිය සමඟ තම විවාහ සංවත්සරය ඩුබායි හී පැවැත්වීමට සියල්ල සූදානම් කොට තිබූ සංජේ එදිනට මනායාටා හමුවේ තම හද කොණක තිබූ ආදරණීය හැඟීම අලුත්කර ගැනීමට අවැසි සියල්ල ලකලැහැස්ති කොට තිබුණේය. ඇයට අලුත් නමකින් අමතන්නටද ඒ තම අමුත්තන් හමුවේ ප්‍රසිද්ධියේ සඳහන් කරන්නටද සංජේ නිර්මාණශීලී, බොළඳ මෙහෙවරක් සූදානම් කොට තිබිණි. පසුගිය මාර්තු මස තම අලුත්ම චිත්‍රපටවල වැඩ නිම කිරීම සඳහා සංජේ මුම්බායි ආවේ දීපවාලියට එන පොරොන්දුව මනායාටා හමුවේ තබමිණි.
කොරෝනාව ඒ සොඳුරු හීන සුනුවිසුණුකර දැමීය.
එනමුදු සංජේගේ හිතේ මනායාටා වෙනුවෙන් මෝදු වන අලුත් ආදරයට එය බාධාවක් නොවීය. සංජේ ඉතාම හැඟීම්බර අලංකාර හසුන් පතක් අන්තර්ජාලය හරහා මනායාට තිළිණ කළේ ඇගේ උපන් දින සැමරුමද ඊට හේතුවක් කර ගනිමිනි.
‘ආදරණීය අම්මා..,
දුකේදීත්, සැපේදීත්, කටුක වූ හැම මොහොතකමත් ඔබ මා අසලම ගැවසුණාය..,
තනිව සිටින මොහොතක මට හඬන්නට උකුල දුන්නේ ඔබයි..,
ඒ උකුල මත හිස හොවා සිටින විට ඔබ මහිස පිරිමදින විට,’
‘මගේ අම්මා’ නැවැත ජීවය ගෙන පැමිණ ඇතැයි මට සිතුණු වාර අනන්තය…
‘මම ඔයාට අම්මා කියන්න දැයි’ ඔබෙන් අසන්නට මට බොහෝ විට සිතුණු තැන් මම නිහඬකර හැරියෙමි. තව ටිකක් ඉවසන්නට මට ඕනෑ විය. ඒ ඉවසීමද මට හුරු කළේ ඔබමය…’
‘දැන් නම් ඒ ඉවසීමට ඉස්පාසුවක් නැත..,’
‘ඉතින් මම මගේ අලුත් ආදරය සහ ඔබට අමතන ස්වරය ලෝකය හමුවේ තබමි.’
‘අම්මා… මා සතු සියල්ල ඔබයි… ඔබ මට තිළිණ දුන්, කිසිදා වෙනස් නොවන ආදරය සේම, ඉක්රා සහ සහරාන් යන මා දූපතුන්ද පණසේ රකින්නට පොරොන්දු වෙමි..,
කිසිවක් නොතිබූ මට, සියල්ල අහිමිව දඟගෙයකට කොටුව සිටි මට ආදරය සමඟ ඔබ තනා දුන් ලෝකය හරිම අලංකාරය.
ඉතින් ඒ ලස්සන ලොව තුළ ඔබට රිසිසේ හුස්ම ගනිමි. ආදරණීය අම්මා හැමදාමත් ඔබ වගේම අම්මාය. නැවැත ඔබව මගේ ලයට තුරුළුකර ගන්නට වේලාව එනතුරු මම බලා සිටිමි.., ‘හැමදේටම ඔබට ස්තුතියි, මගෙ අම්මා… සුබ උපන් දිනයක්.’
ඒ අපූරු සටහන දැක බොහෝ දෙනකු සංජේට තම ආදරය දැක්වූහ.
සංජේගේ පළමු විවාහයේ දියණිය වූ ත්‍රිෂාලා..,
සුබ උපන් දිනයක් අම්මා, මගේ තාත්තට ඉතා හොඳින් රැකබලා ගැනීම ගැන ඔයාට ස්තුති කරනවා. ඉක්රා සහ සහරාන් දයාවෙන් සිහිකරමි. දෙවි පිහිටයි,’ යනුවෙන් ප්‍රතිචාර දක්වා තිබිණි.
සංජේගේ සටහනට පාමුලින් මුදාහැර තිබූ සේයා රූ පෙළෙහි සංජේගේ පෙනුම ඉතා ප්‍රියමනාපව තිබිණි. 61 හැවිරිදි සුපිරි තරුව ප්ලැටිනම් දුඹුරු කෙස් සමඟ කොණ්ඩය මුඩුකර තිබිණි. සංජේගේ සමීප මිතුරු මෝස්තර නිරූපණ ශිල්පී හසීම් අලිම් සංජේගේ නව පෙනුම සකසා තිබිණි.
එය සිත්කළුය..,
‘පරෙස්සමට මගේ ආදරය සමඟ දවස ගෙවන්න දරුවන් ඔබ එනතුරු සෙනෙහසින් කල්ගෙවන බව පවසමි. දෙවි පිහිටයි.’
පවුලේ අලංකාර සේයාරුවක් සමඟ එය සටහන් කොට තිබුණේ මනායාටාය.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සිංගර් ෆයිනෑන්ස් කේ සීඞ්ස් ඉන්වෙස්ට්මන්ට්ස් ශ්‍රේණිගත කිරීමෙන් දෙවැනි පෙළ සමාගම් අතර පෙරමුණේ

Next Post

කොවිඞ්-19 මර්දන මෙහෙයුමට විෂන් කෙයා වෙතින් දායකත්වය

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.