• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම මුදලාලිලට කුලියට විකිණෙන්නෙ නැහැ

November 17, 2020
in Heart
Reading Time: 4 mins read
A A
මම මුදලාලිලට කුලියට විකිණෙන්නෙ නැහැ
Share on WhatsAppShare on Facebook

මම නිරුවතින් රඟපෑවේ අදාළ චරිතය හෝ නළුවා විදිහට…

රංගනය කියන්නේ ජොබ් එකක් නෙවෙයි…

හේමසිරි ලියනගේ නම් වූ ප්‍රවීණ කලාකරුවා, සිය රංග ප්‍රතිභාව හරහා ප්‍රේක්‍ෂකයන් අතරට පැමිණියේ ජීවිතය නමැති කඩඉමෙහි මැදිවියේ සීමාවද පසුකරමින් සිටින අවධියේය. එහෙත්.., යොවුන් වියෙහි පසුවන කඩවසම් ඉලන්දාරියකුටවත් කරන්නට බැරි බොහෝ පුදුමාකාර දේ, මැදිවියෙහි පසුවන ඔහු පුංචි තිරයත්, සිනමා තිරයත් ඔස්සේ හරි අපූරුවට නිමකර පෙන්වූයේය. ඒ සඳහා නිදසුන් මොනවාදැයි ඕනෑවට වඩා පෙන්විය යුතු නැත. ‘අඹ යහළුවෝ’හී ගල් බණ්ඩාත්, අසල්වැසියෝ හී ‘අයි නෝද ලෝ’ නමින් ප්‍රසිද්ධ වූ උපායශීලී ගොඩපෙරකදෝරුවාත් එයට හරි අපූරු නිදසුනකි. ‘ඉතින් තව මොන කතාද?’ ඒ නිසා මෙතෙකින් හේමසිරි ලියනගේ ගැන තවදුරටත් පැවැසිය යුතු හේතුපාඨවලට තිත තබා, ඔහු ගැන තොරතුරු ඔහුගෙන්ම අසා දැනගැනීමට සූදානම් වෙමු. මේ දිගහැරෙන්නේ ‘මව්රට – හාට්’ හේමසිරි ලියනගේ සමඟ සුහදව දෙඩූ විනාඩි ගණනක කතාබහක අපූරු තොරතුරුය.
ඉතින් කොහොමද? මොනවද මේ දවස්වල අලුත් තොරතුරු?
මම නම් හොඳින් ඉන්නවා. තොරතුරුවල නම් අලුත් බවක් නැහැ. පටන්ගත යුතු වාගේම නිමාව නැති ටෙලිනාට්‍ය දෙකක සහ චිත්‍රපටයක වැඩ කොරෝනා උවදුර නිසා අතරමඟ නතර වී තිබෙනවා. ඒ නිසා මේ දවස්වල විවේකීව සිටිනවා.
මෑතක සිට යම් නිහඬතාවක් ඔබ තුළින් ප්‍රකට වූ බවයි පෙනුණේ?
නිහඬවෙලා නැහැ. ආරාධනාවක් ලැබුණොත් එය මට ගැළපෙන නිර්මාණයක් නම් මම බාර ගන්නවා. අවංකවම කියනවා නම්, මම රංගනයට තවමත් හරිම ඇල්මයි. හැබැයි වැඬේ කියන්නේ, දැන් හැදෙන බොහෝ ටෙලි කතාවල අපට ගැළපෙන චරිත නැහැ. තවත් ඒවාවල කිසිදුම හරයක් නැහැ. තවත් කාරණයක් වන්නේ අලුත් ටෙලිනාට්‍ය කලාවෙහි ගෙවීමේ ක්‍රමවේදයයි. නිෂ්පාදන අංශයෙන් ‘බෙක්රේල්, ක්‍රමයට අපේ නිර්මාණශීලී බව අලෙවි කරනවා. දවස් භාගය, දවස් එකහමාර සහ පැය ගණන බලා වැටුප හදන එම ‘මුදලාලි ස්ටයිල්’ එක ගැන යම් කලකිරීමක් සිතට දැනෙනවා. සරලවම කියනවා නම් මට ආත්මයක් තියෙනවා. මගේ හැකියාව ගැන වටිනාකමක් ඒ ආත්මයට දැනෙනවා. ඒ හැඟීම තුළ රංගනයෙන් මා අත්විඳිනා තෘප්තිය කුලීකරුවකුගේ සේවාවකට සම කරන්නට මම සතුටු නැහැ. අන්න ඒ අසතුට නිසා සමහර අවස්ථාවන් මම මඟහැර සිටිනවා. රංගනය වැනි ‘නිර්මාණශීලී මෙහෙවරක්’ හුදෙක් ‘ගනුදෙනුවක්’ පමණක් වීම හිතට දුකක්.
ඔබ කලකිරීමක සිටින බවයි පෙනෙන්නේ?
ඔව් ඉතින්.., එය කලකිරීමක් නෙවෙයි කියා කියන්නට අපහසුයි. හැබැයි ඉතින්, ඔවැනි කලකිරීම් නැත්තේ කොතැනද? හැම වැඩබිමකම එවැනි දෑ තිබෙනවා. උපේක්‍ෂාවෙන් එය දරා ගැනීම තමයි සිදුවිය යුත්තේ.
හොඳයි… අපි යමු මඳකට, ‘අඹ යහළුවෝ’ හී ‘ගල් බණ්ඩා’ සොයාගෙන?
අදටත් ඉතාම ආශ්වාදනීය ලෙස සිහිකරන ඉතාම සංවේදී චරිත නිරූපණයක්.
හැබැයි ඔබ මුලින්ම සුදත් දේවප්‍රිය හමුවේ ඒ අපූරු චරිතය ප්‍රතික්‍ෂේප කළාලු?
ඒකනේ පුදුමය කියන්නේ. එතකොට මම වේදිකා නළුවෙක් විතරයි. සුදත් දේවප්‍රිය මට කිව්වා අහවල් නිර්මාණය කරන්නට යනවා… අනේ හේමසිරි අයියේ මම ඔයාවයි ‘ගල් බණ්ඩාට’ හිතේ තියාගෙන ඉන්නෙ කියලා. මම එකහෙළාම ප්‍රතික්‍ෂේප කළා ඔහුගේ ආරාධනය.., අන්තිමේදී බේරෙන්න බැරිතැන තමයි ගල් බණ්ඩාට මැදිවුණේ.
අසීමිත ප්‍රතිචාර ලැබෙන කොට ඔබ දසදහස්වර දුක්වෙන්න ඇති එය ප්‍රතික්‍ෂේප කිරීම ගැන?
සත්තකින්ම… අදටත් මේ මොහොතෙත් කනගාටු වෙනවා. ඇයි එදා මම එච්චර අපූරු චරිතයක් එපා කිව්වේ කියලා. සමහරවිට සුදත් සීමාව ඉක්මවා මට පෙරැත්ත නොකර සිටියා නම් ‘හේමසිරි ලියනගේ අද මේ විදියට ‘මව්රට’ට කතා කරන කෙනෙක් නොවෙන්න තිබුණා.
අසල්වැසියෝ හී ‘ගොඩපෙරකදෝරුවා’ ඔබ වෙත ආවේ දෙවැනුවයි?
ඔව්… ගල් බණ්ඩාගෙන් පස්සේ බන්ධුල විතානගේ ආරාධනය කළා ‘අසල්වැසියෝ’ ටෙලි කතාවට. සෝමවීර සේනානායක ඔහුට කියා තිබුණාලු තිර නාටකය ලියන විට පෝල් මහත්තයගේ චරිතයට හරියටම හරි යන්නේ හේමසිරිම තමා කියලා.
පෝල් මහත්තයාව ප්‍රතික්‍ෂේප කළේ නැතිද ඔබ?
නැහැ.., හොඳ චරිත රඟපෑමේ ආශ්වාදය ඒ වන විට මගේ ආත්මය තුළ නිදන්ගතවී හමාරව තිබුණා. පෝල්ගේ චරිතය මම ඉතාම සතුටින් බාර ගත්තේ. විශේෂයෙන් සෝමවීර සේනානායක පෝල් වෙනුවෙන් මාව ඔහුගේ මනසෙහි රඟදැක්වීම ගැන මා දැඩි තෘප්තියට පත්ව සිටියා.
ප්‍රේක්‍ෂකයන් ‘පෝල්’ වෙනුවෙන් ඔබට දුන් ප්‍රතිචාරය ගල් බණ්ඩාට දෙවැනි වුණේ නැහැ?
ගල් බණ්ඩා තුළින් මම ප්‍රේක්‍ෂකයාගේ සිත සංවේදී කළ තරමටම පෝල්ගේ චරිතය හරහා ඔවුනට සිතාගන්නට සැලැස්වූවා. සෙනසුරාදා රෑ අටහමාරට ප්‍රේක්‍ෂකයන් ‘අසල්වැසියෝ’ හමුවේ අසුන් ගත්තේ පෝල් මහත්තයා සීන් එකට එන්නෙ කොයි වේලාවටද කියන බලාපොරොත්තුව තුළයි. සැබැවින්ම බන්ධුල මට ඒ ගැන විස්තර කරන විට දැනුණු ආත්ම තෘප්තිය අප්‍රමාණයි. අදටත් ගමට ගියාම හැමෝම මාව දැක්කම ‘අයි නෝ ද ලෝ පෝල් මහත්තයා’ කියා ප්‍රතිචාර දක්වනවා. ප්‍රේක්‍ෂක සිත් තුළ එලෙස ජීවත්වන චරිත රඟපෑමට ලැබීමත් කලාකරුවකුගේ වාසනාවක්.
හොඳ චරිත පමණක් ඔබ තෝරා ගත්තේ ගුරු වෘත්තියට තිබෙන ගෞරවය නිසාද?
අයියෝ නැහැ.., එහෙම නම් මම ‘චන්ද කින්නරි’ චිත්‍රපටයේ මගේ හෙලුව ප්‍රදර්ශනය කරයි කියලා හිතනවද? ඒ විතරක් නෙවෙයි ‘සුළඟ එනු පිණිස’ චිත්‍රපටයෙහිද මම හෙලුවෙන් රඟපෑවා… හැබැයි ඒ හෙලුවෙන් හිටියේ එයට අදාළ චරිතය හෝ නළුවා ලෙස හේමසිරි ලියනගේ කියන ගුරුවරයා නෙවෙයි. අනෙක මම ගුරුවරයකු ලෙස සිසු සිසුවියනට ඉගැන්වූයේ ආර්ථික විiාව විෂය මිස ‘සදාචාරය සහ මිනිසා’ යන විෂය නෙවෙයි. ඒ නිසා මම චරිත තෝරා බේරාගෙන රඟපෑවේ… ‘ගුරු වෘත්තිය’ නිසා කියා කිසිවකු සිතනවා නම් එය සම්පූර්ණයෙන් වැරැදි අදහසක්. රංගවේදියකු ලෙස හැමදාමත් මට ඕනෑ කළේ ‘මතක හිටින යමක්’ ප්‍රේක්‍ෂකයා තුළ නිදන්ගත කරන්නට පමණයි.
සම්මාන ගැන බලාපොරොත්තුවක් ඒ හොඳ චරිත තුළ තිබුණේ නැතිද?
නැහැ… කවදාවත් නැහැ… නළුවකු ලෙස චරිතයට ප්‍රවිෂ්ට වීම, මගේ යුතුකම හරිහැටි ඉටුකිරීම පමණයි එහි මුදුන්පත්ව තිබුණේ. ඊට අමතරව යම් කෙනකු හද පතුලින් මවෙත පුදකරන ප්‍රශංසනීය වදන්වලටද මම තද ඇල්මක් දැක්වූවා. ඒ සඳහා හොඳ නිදසුනක් දෙන්නම්. කලකට ඉහත මම රංගනයෙන් දායක වූ සුදත් දේවප්‍රියගේ ‘සුළඟ මහමෙරක’ ටෙලි කතාවේ ඉතාම සංවේදී දසුනක් රූගතකර අවසානයේදී සෙට් එකේදීම සුදත් දුවගෙන ඇවිදින් මාව වැලඳ ගත්තේ, ‘අයියේ… අයියේ… උඹ නම් නියමයි… නාට්‍යය බලන මිනිසුන්ව විතරක් නෙවෙයි හදන අපිවත් අඬවනවා’ කියලයි. ඇත්තටම ඒ වෙලාවේ සුදත්ගේ ඇස්වල කඳුළු පිරිලා තිබුණා. ඔහු එය කීවේ මූණිච්චාවට නෙවෙයි. අන්න එතැනදී මට දැනුණු ගැම්ම, සම්මානයකට වඩා වටිනවා. ප්‍රේක්‍ෂකයන් ගමේදී, නගරයේදී, මගතොටේදී මට දක්වන ප්‍රතිචාරයන්ද ඒ තරමටම මට සුවිශේෂියි.
සම්මාන බලාපොරොත්තුවක් නොතිබුණාට මෑතකදී ඔබ අන්තර්ජාතික සම්මානයකට පාත්‍රවුණා?
සත්තකින්ම ඒ ගැන මට සතුටුයි. 20 වැනි වතාවට අන්තර්ජාතික සම්මානය දිනාගත් ‘විෂමභාග’ චිත්‍රපටය වෙනුවෙන් ‘(ඊැිඑ ඡැරදෙරප්බජැ)’ හැටියට එම සම්මානය මට ලැබුණේ ඇමෙරිකාවේදීයි. මම එහි රඟපෑවේ ප්‍රධාන චරිත රඟපෑ කුඩා දරුවන් දෙදෙනාගේ පියා ලෙසටයි. හොඳම නළුවන් ලෙස ඒ දරුවන් දෙදෙනාද එහිදී සම්මාන ලැබුවා.
රඟපෑ චරිත අතර, කතා කිරීමට කැමැත්තක් දක්වන සුවිශේෂී චරිතයක් වේ නම් ඒ කුමක් විය හැකිද?
මම රඟපෑ හැම චරිතයක්ම මට සුවිශේෂියි. එය වර්ග කිරීම සිතට දුකක්. නමුත් ඔබ මගෙන් ඇසූ ප්‍රශ්නයට උත්තරයක් දිය යුතු නිසා මම ‘බව දුක’ චිත්‍රපටයට පුංචි ‘ලීඞ්’ එකක් දෙනවා. ඒ ලීඞ් එක දෙන්නේ ‘බවදුක’ චිත්‍රපටය යම්තාක් දුරට මට සුවිශේෂී වීමේ එක් හේතුවක් නිසයි. ඒ ධර්මසිරි බණ්ඩාරනායක විසින් මාව මෙහෙයවීමේ සිදුවීමයි. තවත් පැහැදිලිව කියනවා නම් ධර්මසිරි බණ්ඩාරනායක කියන්නේ, මම ගුරුවරයකු ලෙස සේවය කළ එක් අවධියක මගේ සිසුවකුව සිටි අයෙක්. පන්ති කාමරයක් තුළ මගෙන් ඉගෙනගත් දරුවකු ලෙස අසුන්ගෙන හිටපු ඔහු ‘බවදුක’ චිත්‍රපටයට පසු කලෙක මට ආරාධනා කරන විට වගේම ඒ වෙනුවෙන් ඉතා සාර්ථකව අධ්‍යක්‍ෂවරයකු ලෙස මාව මෙහෙය වන විට වුවද එය මට හරි අපූර්වතාවක් ලෙස හැඟුණා. ඒ වගේ තවත් එක් අපූරු සිදුවීමක් මට ඒ සමඟම මතකයට එනවා. ‘සුළඟ එනු පිණිස’ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළේ ‘රංග බණ්ඩාරනායක,’ ඔහු ධර්මසිරි බණ්ඩාරනායකගේ පුතා. මම ඉගැන්වූ ගෝලයා යටතේ වාගේම ඔහුගේ පුතා යටතේද මම රංගනයෙහි යෙදුණා… මඳක් හිතලා බලනකොට එවැනි සංසිද්ධීන් තුළ කලාකරුවකු ලෙස මං මුහුණ දුන් අත්දැකීම් හරි චමත්කාරජනකයි.
ඔබේ පුත්‍ර සමාගම ගැන ටිකක් කතා නොකළොත් පිළිසඳර මඳක් අසම්පූර්ණ වේවි?
එහෙමද.., එහෙම නම් ඉතින් මට ටිකක් ආඩම්බර කතාවක් ඒ ගැන කියන්නට වෙනවා.
ඔබේ ‘පීතෘත්වය’ ගැන හරි අපූරු ‘ආඩම්බර ෆෝස්ටුවක්’ මුහුණ පොතේද මෑතකදී සටහන්ව තිබුණා?
ඔව්… එය මමද දුටුවා. ආඩම්බරයක් වෙනුවට මට දැනුණේ ආශ්වාදයක්. හැබැයි මගේ පුතුන් හතර දෙනා එවැනි සුවිශේෂී තැන්වල සිටින්නේ මම කෙවිටක් අරගෙන ඔවුන්ව මෙහෙයවූ නිසා නෙවෙයි. ඔවුන් වෙනුවෙන් මම තනා දුන්නේ පරිසරයක් සහ පසුබිමක් පමණයි. ඒ දැක්ම තුළ ඔවුන් තම ගමන ගියා. එච්චරයි.
ප්‍රවීණයකු ලෙස ඔබට පුළුවනි ආධුනික කලාකරුවනට පණිවුඩයක් කියන්න?
මම ඒ තරමට සුවිශේෂිද කියන්න මා දන්නේ නැහැ. පණිවුඩයක් වශයෙන් නම් කියන්නට තියෙන්නේ, කලාකරුවකු ලෙස යම් සාර්ථකත්වයක් අත්විඳීමට නම් වගකීම වාගේ කැපකිරීමද සිතට ගතයුතුයි. ‘හේමසිරි ලියනගේ’ ප්‍රේක්‍ෂක සිතට මතක තියෙන චරිතයක් වූයේ අද තිර පිටපත අතට අරන් පහුවදා සෙට් එකට ගිය නිසා නෙවෙයි. චරිතයක් ලැබුණු විට එය ගෙදරදී තමා සමඟම හැදෑරිය යුතුයි. ඒ පිළිබඳව අධ්‍යක්‍ෂවරයා සහ පිටපත් රචකයා සමඟ කතා කළ යුතුයි. නවකයන් තුළ බොහෝ විට ඒ කැපවීම නැහැ. අසනීපවූ අවස්ථාවල පවා දරුවන්ගේ කරපිටින් මම එදිනට නියමිත දර්ශනය සඳහා ගෙදරින් බැනුම් අහගෙන ‘සෙට්’ එකට ගිය අවස්ථා තිබුණා. ‘අසනීපයි, එන්න බැහැ’ කියා මැසේජ් එකක් ගහනවාට වඩා එය හොඳ කැපකිරීමක්. නවකයන් සිතට ගතයුතුයි, රංගනය කියන්නේ ‘ජොබ්’ එකක් විතරක්ම නෙවෙයි. එහි ගැඹුරින් හැදෑරිය යුතු තැන් තියෙනවා. ඒ ‘හැදෑරීම’ කිසිවිටෙකවත් මඟහරින්නට උත්සාහ නොකළ යුතුයි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

Uber Eats කොළඹ දිස්ත්‍රික්කය තුළ අත්‍යාවශ ද්‍රව්‍ය බෙදාහැරීම ආරම්භ කරයි

Next Post

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් සඳහා ක්‍රෙඩිට් කාඞ්පතක්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.