ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ජල පොම්ප විසඳුම් සැපයුම්කරුවකු වන Agromax, පාරිභෝගික භාණ්ඩ සැපයීම සම්බන්ධයෙන් දැවැන්තයකු වන අබාන්ස් හා අත්වැල් බැඳ ගනිමින්, ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් හට ජල පොම්ප සම්බන්ධයෙන් ප්‍රශස්ත මට්ටමේ සේවාවක් සැපයීමට කටයුතු යොදා තිබේ. දිවයින පුරා විසිරී සිටිනා සෑම ශ්‍රී ලාංකිකයකුගේම ජල අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් යුතුව සිදු වුණු මෙම අත්වැල් බැඳ ගැනීම මගින්, දිවයින පුරා පිහිටි අබාන්ස් ප්‍රදර්ශනාගාර ජාලය ඔස්සේ තවදුරටත් ස්වකීය පාරිභෝගිකයින් වෙත ළඟා වීමට Agromax වෙත හැකියාව ලැබේ.
මෙලෙස රටපුරා වන අබාන්ස් ප්‍රදර්ශනාගර ජාලය ඔස්සේ, පාරිභෝගිකයින් වෙත ඉදිරිපත් කෙරෙන ඇග්‍රොමැක්ස් ජල පොම්ප, සෑම තරාතිරමකම මෙන්ම විවිධ ක්ෂේත්‍රවල නියුතු ශ්‍රී ලාංකිකයින්ගේ ජල අවශ්‍යතා සපුරාලනු පිණිස, ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව කළ නිෂ්පාදන ලෙසින් පාරිභෝගිකයින් අතට පත් වෙයි. එමෙන්ම, සෑම ශ්‍රී ලාංකිකයෙකුගේ ජල අවශ්‍යතා සපුරාලීම හා පිරිසුදු පානීය ජලය ලබා ගැනීමේ අවස්ථාව සියලු දෙනා වෙත හිමිකර දීමේ දැක්මට අනුව කටයුතු කරන Agromax, මේ වන විටත් ගෘහස්ථ, කර්මාන්ත හා කෘෂිකාර්මික වශයෙන් පුළුල් පරාසයක ජල අවශ්‍යතා විසඳුම් ගණනාවක් ශ්‍රී ලාංකිකයින් වෙත ඉදිරිපත් කර තිබේ. එමෙන්ම, පවතින අභියෝගාත්මක තත්ත්වයන් යටතේ වුවත්, දේශීය පාරිභෝගික ඉල්ලුම සපුරාලමින් Agromax ජල පොම්ප දීපව්‍යාප්ත වශයෙන් බෙදාහැරීම මෙන්ම, අලෙවියෙන් පසු විශිෂ්ටතම සේවාවක් සැපයීමද එමගින් සිදු කෙරේ.











