• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

පනිනවා කියන පස්දෙනා

November 9, 2020
in News, Politics
Reading Time: 2 mins read
A A
පනිනවා කියන පස්දෙනා
Share on WhatsAppShare on Facebook

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් සම්මත වී මේ වන විට සති දෙකකට ආසන්න කාලයක් ගත වී ඇත. එමෙන්ම එම සංශෝධනයට නිල වශයෙන් අස්සන් තබා එය රටේ නීතිය බවට පත් කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගිය සතියේදී කටයුතු කළේය. එසේ නමුත් 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් දේශපාලන කරළියේ ඇති වූ උණුසුම මේ වන විටද අඩු වී නොමැත.

එම උණුසුම නැවත වරක් වැඩි වූයේ සමඟි ජන බලවේගයේ තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකු 20 වැනි සංශෝධනයේදී ආණ්ඩුව සමඟ එක්ව ඡන්දය භාවිතා කිරීමට සූදානමින් සිටි බවට එක්තරා වෙබ් අඩවියක් තොරතුරු වාර්තා කිරීමත් සමඟය. සමඟි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් තේරී පත් වූ ඩයනා ගමගේ මන්ත්‍රීවරිය 20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිතා කළ අතර මුස්ලිම් කොංග්‍රසය සහ රිෂාඞ් බදුයුදීන් මහතාගේ පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සහ එක් දෙමළ මන්ත්‍රීවරයෙකුද එයට පක්ෂව ආණ්ඩුව ස`මග එක්ව ඡන්ද භාවිතා කළේය.
මේ අතර අදාළ වෙබ් අඩවිය සඳහන් කර තිබුණේ එම මන්ත්‍රීවරුන්ට අමතරව සමඟි ජන බලවේගය නියෝජනය කරන තවත් මන්ත්‍රීවරු කිහිප දෙනෙක් 20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිතා කිරීමේ සූදානමින් සිටි බවය. එම මන්ත්‍රීවරුන් කවුරුන්ද යන්න නම් වශයෙන් හෙළි කිරීමටද එම වෙබ් අඩවිය කටයුතු කිරීම විශේෂත්වයක් විය. ඒ අතර ඉදිරියේම සිටියේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාය. එමෙන්ම සමඟි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වන මයන්ත දිසානායක මහතාගේ නමද ඊට ඇතුළත් වී තිබිණි. ඊට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයෙන් සමඟි ජන බලවේගය ඔස්සේ පාර්ලිමේන්තුවට තේරී පත් වූ චමින්ද විජේසිරි, රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ හේෂා විතානගේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ කිංස් නෙල්සන් යන මහත්වරුන්ගේ නම්ද ඒ අතර විය.

ඉහත නම් සඳහන් වූ සියළු මන්ත්‍රීවරුන්ගෙන් මේ පිළිබඳව විමසීමට අප අදහස් කළේ සිදුවූයේ කුමක්දැයි යන්න සත්‍ය වශයෙන්ම තහවුරු කර ගත යුතු වූ නිසාය. ඒ සම්බන්ධයෙන් අදහස් විමසීමට අප පළමුව සම්බන්ධ කර ගත්තේ එම සිදුවීමේදී වැඩි අවධානයක් යොමු වූ සමඟි ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතාවය.
“ඒක ඇත්තටම සම්පූර්ණයෙන්ම බොරු ආරංචියක්. මට හිතෙන්නේ එහෙම ආරංචියක් පැතිර යන්න හේතු දෙකක් බලපාන්න ඇති. යුද හමුදාපතිවරයා මගේ මස්සිනා වීම එක හේතුවක්. ඒ වගේම 2014 වසරේදී මමයි තිස්ස අත්තනායක මහත්මයයි එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා මහින්ද රාජපක්ෂ මහත්මයාට සහයෝගය දැක්වීම තවත් හේතුවක්. බොහෝ දෙනෙක් හිතන්නේ යුද හමුදාපති කියන්නේ රජය හා සම්බන්ධ කෙනෙක් කියලා. නමුත් ඇත්ත වශයෙන්ම යුද හමුදාපති කියන්නේ රාජ්‍ය නිලධාරියෙක් විතරයි. දේශපාලන වශයෙන් ඔහුට රජය සමඟ කිසිම සම්බන්ධයක් නැහැ. ඒ හින්දා ඔහු මා එක්ක දේශපාලනය සම්බන්ධයෙන් කිසිම දෙයක් කතා කරන්නෙත් නැහැ.
මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්න ගත්ත තීරණයට විරුද්ධව තමයි අපි 2014 වසරේදී මහින්ද රාජපක්ෂ මහත්තයාට සහයෝගය දැක්වූයේ. ඒ වෙද්දිත් එජාපයේ වෙනසක් ඇති විය යුතුයි කියන මතයේ තමයි අපි හිටියේ. 2012 වසරේ පක්ෂයේ නායකත්වය තෝරා ගැනීම වෙනුවෙන් පැවැති රහස් ඡන්ද විමසීමේදී මම සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඡන්දය භාවිතා කෙරුවා. ඒ හින්දා තමයි සමඟි ජන බලවේගයෙන් පොළොන්නරුවෙන් පත් වූ එකම මන්ත්‍රීවරයා විදියට මාව තෝරන්න ජනතාව කටයුතු කළේ. ඇත්තම කිව්වොත් මගේ ජයග්‍රහණය වළක්වන්න පක්ෂය ඇතුළින්ම උත්සාහයක් තිබුණා. ඒ සියල්ල හමුවේ ජනතාව මා කෙරෙහි තැබුව විශ්වාසය කඩ කරන්න මම සූදානම් නැහැ.”

ඉන් අනතුරුව අප මේ සම්බන්ධයෙන් අදහස් විමසුවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාගෙනි.
“මේක සම්පූර්ණයෙන්ම අපිට මඩ ගහන්න ගොතපු දෙයක්. කිසිම පදනමක් නැති චෝදනාවක්. ඒක මම මුලුමනින්ම ප්‍රතික්ෂේප කරනවා. 20 වැනි සංශෝධනය සම්මත කරන්න නෙවෙයි, ඒක පරාජය කරන්නයි අපි මූලික වුණේ. ඒ වෙනුවෙන් පෙනී සිටිය කණ්ඩායම තමයි අපි. එහෙම කරලා අපි මොකටද 20ට සහාය දක්වන්නේ.” එම චෝදනාව සම්බන්ධයෙන් අත්තනායක මහතා අදහස් දැක්වූයේ එලෙසිනි. අනතුරුව අප අත්තනායක මහතාට යොමු කළේ එවැනි චෝදනාවක් එල්ල වීමට හේතුව කුමක් විය හැකිදැයි යන පැනයය. එයට අත්තනායක මහතා පිළිතුරු දුන්නේ මෙසේය.
“මං හිතන්නේ මේක අපේම කණ්ඩායම ඇතුළෙන් ආව එකක්. මොකද පක්ෂය සහ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක අපි බොහොම සමඟියෙන් යන ගමන දරා ගන්න බැරි කණ්ඩායමක් අපි අතරේම ඉන්නවා. බංකොළොත් වෙලා දේශපාලනය අවසන් වෙමින් පවතින මට්ටමක තමයි ඒ අය ඉන්නේ. අන්න ඒ කණ්ඩායම තමයි මෙවැනි ආකාරයේ මඩ ප්‍රචාර පතුරුවන්නේ.” එලෙස පැවසූ අත්තනායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ 20ට පක්ෂව ඡන්දය ලබා දෙන තමන්ට ආණ්ඩු පාර්ශ්වයෙන් කිසිදු ආරාධනාවක් නොලැබුණු බවය.

20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දීමේ සූදානමින් සිටි බවට චෝදනා එල්ල වූ තවත් මන්ත්‍රීවරයකු වූයේ සමඟි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වන මයන්ත දිසානායක මහතාය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දිසානායක මහතා සඳහන් කර සිටියේ මෙය තමන්ට එල්ල වූ මඩ ප්‍රහාරයක් බවය.
“මම මේ සියලුම චෝදනා ප්‍රතික්ෂේප කරනවා. මේවා ඇත්තටම මඩ. ඒ වගේම මේක අපිට එරෙහිව ක්‍රියාත්මක වුණු කුමන්ත්‍රණයක්. මම ගාමිණී දිසානායක මැතිතුමාගේ පුතා විදියට සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක එකතු වෙලා නව ගමනක් කරා ගෙන යන අරගලයට උදවු කරන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. මා ගැන පූර්ණ විශ්වාසය තබලා තමයි නායකතුමා සහ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා මට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දෙන්න කටයුතු කළේ. මම කවදාවත් ඒ විශ්වාසය කඩ කරන්නේ නැහැ.” එලෙස පැවසූ දිසානායක මහතා, මෙම මඩ ප්‍රහාර එල්ල වූයේ කාගේ වුවමනාවටදැයි යන පැනයට පිළිතුරු දුන්නේ මෙසේය.
“මේ කුමන්ත්‍රණයට සම්බන්ධ කණ්ඩායම් අපි දැන් හඳුනා ගෙන ඉන්නවා. කනගාටුවෙන් වුණත් කියන්න වෙනවා මේකට අපේ පක්ෂයේම පිරිසකුත් සම්බන්ධ බව. ඒ කවුද කියන එක හෙළි කරන්නත්, ඒ වගේම ඒ අයට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්න මම බලාපොරොත්තු වෙනවා.” එමෙන්ම මයන්ත දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ තමන්ටද රජයෙන් කිසිදු ආරාධනාවක් නොලැබුණු බවය.

චමින්ද විජේසිරි සහ හේෂා විතානගේ යන මහත්වරුන් නව රජය පත් වූ දා සිටම ඊට එරෙහිව විපක්ෂයේ සිට දැඩි හඬක් නංවන ආකාරය දක්නට හැකි විය. එවැනි පසුබිමක එම මන්ත්‍රීවරුන් දෙදෙනාද, 20 වැනි සංශෝධනයේදී ආණ්ඩුවට පක්ෂව ඡන්දය ලබා දීමේ සූදානමකින් සිටි බවට ආරංචි පැතිර යාම බොහෝ දෙනාගේ විමතියට හේතු විය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමට පිළිතුරු දුන් චමින්ද විජේසිරි මහතාගේද අදහස වූයේ මෙය පක්ෂය ඇතුළෙන්ම සිදු කළ කුමන්ත්‍රණයක් බවය.
“20 වැනි සංශෝධනයට පක්ෂව අපි ඡන්දය භාවිතා කරන බවට ප්‍රචාරය ඇරියේ අපේ පක්ෂයේම කෙනෙක් තමයි. වාසි තකා පිල්මාරු කිරීම අපේ ප්‍රතිපත්තිය නෙවෙයි. ඒක ජනතාව දන්නවා. අපි ජනතාව එක්ක සහ පක්ෂය ඉදිරියට ගෙන යෑම වෙනුවෙන් කරන වැඩ කොටස සමහර අයට දරා ගන්න බැහැ. ඒකට අපේම අයට රිදෙනවා. ඒ අය තමයි මෙවැනි චෝදනා කරන්නේ. මේ අයගේ නම් ගම් හෙළි කරන එක අපේ පක්ෂයට හොඳ දෙයක් නෙවෙයි. ඒ හින්දා මම මේ ගැන පක්ෂ නායක්වය දැනුවත් කළා. ඒ වගේම අදාළ පුද්ගලයාවත් දැනුවත් කළා. ඇත්ත මොකක්ද කියලා ජනතාව තේරුම් ගනියි.” ඒ චමින්ද විජේසිරි මහතාගේ අදහස්ය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමට පිළිතුරු දුන් හේෂා විතානගේ මහත්මාගේ අදහස තරමක් වෙනස් එකකි. එල්ල වූ මඩ ප්‍රහාරයන්ට තම පක්ෂයේම පිරිස් සම්බන්ධ බවට අනෙක් මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළද, විතානගේ මහතා පවසන්නේ මෙය ආණ්ඩුවට පක්ෂ පිරිස් විසින් සිදු කරන ලද්දක් බවය.
“පසුගිය කාලයේ විපක්ෂය වෙනුවෙන් මම සහ චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා තමයි වැඩියෙන්ම කතා කළේ. ඒ හින්දා මේක අපේ කට වහන්න, අපිව බය කරන්න කෙරුව වැඩක් කියලයි මම හිතන්නේ. මොකද ආණ්ඩුව වැඩිපුරම විවේචනය කරන්නේ අපි. මෙවැනි ප්‍රචාරයන් කරලා අපිව නිහඬ කරන්න පුළුවන් කියලා ඒ අය හිතන්න ඇති.” එලෙස පිළිතුරු දුන් විතානගේ මහතා තම පක්ෂයේ පිරිස ඒ සඳහා සම්බන්ධ බවට නැගෙන චෝදනාවට පිළිතුරු දුන්නේ මෙසේය.
“අපේ පක්ෂයේ අය මේකට සම්බන්ධ ඇති කියලා මම නම් හිතන්නේ නැහැ. ඒත් අපේ දිස්ත්‍රික්කයේ මනාප පොරයේ ඉන්න දෙන්නෙක් මේ ගැන පළ වුණු වීඩියෝ ශෙයාර් කරලා තිබුණා. මම ඒක අපේ නායකන්ට පවා පෙන්නුව. ඒ අය තවමත් මනාප සටන නිමා කරලා නැහැ. ඒ ඇර වෙනත් අය මේකට සම්බන්ධයි කියලා නම් මම හිතන්නේ නැහැ.” ඒ හේෂා විතානගේ මහතාගේ අදහස්ය.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

කටේ සෙලෝටේප් අලවගෙන සජිත්ගේ මන්ත්‍රීවරු ජනපති කොමිසමේ

Next Post

අලි යන එන මගක් උඩ – රැයක් ගෙවන්න නියම තැන

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.