අමෙරිකානු උප ජනාධිපතිනිය ලෙස තේරී පත්ව සිටින කමලා හැරිස් මහත්මියගේ ඥාතීන් යාපනේ මනිපායිහි පදිංචිකරුවන් බව මේ වනවිට අනාවරණය වී ඇත.
ඒ අනුව කමලා හැරිස් මහත්මියගේ සීයා වන පී.වී. ගෝපාලන් යාපනයේ මනිපායිහි පදිංචිව සිටි අයකු බව අනාවරණය වී තිබේ.
ඇගේ මිත්තණිය වූ රාජම් ගෝපාලන් මඩකලපුවේ පදිංචිකාරිනියක බව අනාවරණය වී ඇත.
කීර්තිමත් සිවිල් සේවකයකු වන පී.වී. ගෝපාලන් මහතා පසුව බ්‍රිතාන්‍ය පාලන සමයේදී දකුණු ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.
එහිදී එම දෙපොළට දාව ෂ්‍යාමලා ගෝපාලන් ලැබී තිබේ. ෂ්‍යාමලා ගෝපාලන් යනු කමලා හැරිස්ගේ මවය.
ඒ අනුව අමෙරිකානු උප ජනාධිපතිනිය වන කමලා හැරිස්ගේ මුල් ගම් යාපනේ මනිපායි බව මේ වනවිට අනාවරණය වී ඇත.










