වන්නි ආරක්ෂක හමුදා මූලස්ථානය සමග ඒකාබද්ධව වැලිඔය, පරණගමවැව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණික විද්‍යාගාරයක් ගොඩනැගීමට කොමර්ෂල් බැංකුව විසින් අරමුදල් සපයා තිබේ. කොමර්ෂල් බැංකුව විසින් මෙම තොරතුරු තාක්ෂණික විද්‍යාගාරය ඉදිකිරීමට ගොඩනැගිලි ද්‍රව්‍ය, ගෘහ භාණ්ඩ, පාසැල අලෝකමත් කිරීමට අවශ්‍ය සූර්ය පැනල මිලදීගැනීමට මූල්‍ය සහයෝගය සහ පරිගණක ලබාදී ඇත. මෙම ඉදිකිරීම සඳහා අවශ්‍ය වන ඉංජිනේරු සේවා සහ ශ්‍රමය නොමිලේ ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ලබාදෙන ලදී.
දැනටමත් පාසැල් සහ අනිකුත් ආයතනවල තොරතුරු තාක්ෂණික විද්‍යාගාර 190කට වැඩි සංඛ්‍යාවක් ගොඩනගා තිබෙන බැංකුවේ ආයතනික සමාජ වගකීම් වැඩසටහන යටතේ මෙම අරමුදල් සම්පාදනය කර තිබෙන අතර මෙම නව ගොඩනැගිල්ල මගින් මුලතිව් දිස්ත්‍රික්කයේ පාසැල් දරුවන්ගේ ඩිජිටල් ඉගෙනුම් අභිලාෂයන් සාක්ෂාත් කිරීමට සහාය ලබාදෙනු ඇත. කොමර්ෂල් බැංකුවේ ආයතනික සමාජ වගකීම් ඒකකය විසින් මෙතෙක් ලබාදුන් තොරතුරු තාක්ෂණික විද්‍යාගාර අතුරින් සූර්ය පැනල මගින් පුනර්ජනනීය විදුලි බලය උත්පාදනය කරගන්නා පළමු තොරතුරු තාක්ෂණික විද්‍යාගාරය ලෙසින් මෙය කැපී පෙනේය. මෙම නව ගොඩනැගිල්ලේ සූර්ය පැනල සවිකිරීමේදී සූර්ය විදුලි උත්පාදනය තාක්ෂණය පිළිබඳව අධ්‍යයනය කිරීමේ විරල අවස්ථාවක්ද මෙහිදී පාසැල් සිසුන්ට ලබාදෙන ලදී.











