ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ඉංග්‍රීසි පුවත්පතක කර්තෘ මණ්ඩල සාමාජිකයකු හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
ඒ අනුව අදාළ ගොඩනැගිල්ලේ එම අංශය පිහිටි මහල මුද්‍රා තැබීමට ආයතන කළමනාකාරීත්වය පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මෙම මාධ්‍යවේදියා සිය රාජකාරී කටයුතු සදහා පාර්ලිමේන්තුවට මෙන්ම තවත් ප්‍රධාන ස්ථාන කිහිපයකටම ගොස් ඇති බව අනාවරණය වී තිබේ.
ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයින් සියලු දෙනා හට පීසීආර් පරීක්ෂණ කිරීමට නියමිත බව වාර්තා වේ.
එමෙන්ම පාර්ලිමේන්තු වාර්තාකරණයේ යෙදී සිටි සියලුම මාධ්‍යවේදීන්ට නිරෝධායනය වන ලෙස දැනුම් දීමක් ද කර ඇත.










