• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

ඔටුන්න හිමි කුමාරවරුන්ගේ අපලය (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ විග්‍රහය)

September 9, 2019
in Gurudawa
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

නිදහසින් පසු ලංකාවේ පළමුවැනි ඔටුන්න හිමි කුමාරයා ඩඞ්ලි සේනානායකය. නිදහස් ලංකාවේ පළමු අගමැති ඩී.ඇස්. සේනානායක තම වැඩිමහල් පුත් ඩඞ්ලිව අගමැති ධුරයට පත් කරන හීනයක සිටියේය. තමා හදිසියේ මරණයට පත්වුවහොත් තම පුතාව අගමැති කරන්න යැයි ජේ.ආර්. එවකට ලංකාවේ ආණ්ඩුකාර සෝල්බරි සාමිට පවසා තිබිණි. ඩී.එස්. හදිසියේ මියයන විට සෝල්බරි සාමි සිටියේ විදේශගත වෙලාය. වැඩ බලන ආණ්ඩුකාරවරයා වූයේ සර් ඇලන් රෝස්ය. ඩී.එස්.ගෙන් පසු අගමැති ධුරයට ඩඞ්ලි පත්විය යුතුය යන දැඩි මතයේ සිටියේ එවකට මුදල් ඇමැති ජේ.ආර්. සහ ලේක්හවුස් ආයතනය හරහා ඩී.එස්.ගේ ආණ්ඩුවත්, යූ.ඇන්.පී.යත් මෙහෙයවපු රනිල්ගේ තාත්තා එස්මන්ඞ් ඩී. වික්‍රමසිංහය. අගමැති ධුරය ගන්න සටන් කරන්න යැයි මේ දෙදෙනාම ඩඞ්ලිට උපදෙස් දුන්නත් ඩඞ්ලි අදිමදි කළේය. හේතුව අගමැති ධුරයට ඉව අල්ලමින් සිටි සර් ජෝන් ඩඞ්ලිව අධෛර්යට පත් කිරීමය. ජේ.ආර්.සහ එස්මන්ඞ් කොයි තරම් මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම්, සුළු ජාතික පක්ෂ නායකයන් අතර රැස්වීම් සංවිධානය කළත් ඩඞ්ලිගේ හිතේ බයක් තිබිණි. අන්තිමේදී ඩඞ්ලි අගමැති ධුරය භාරගන්න කැමැති වුණේ සෝල්බරි සාමි ඔහුව කැඳවන බවට සහතිකය දුන්නාට පසුවය. ඔහු අගමැති ධුරය ගත්තේ සෝල්බරි සාමිගේ වචනය මතය.

ඩඩ්ලි

මේ ඓතිහාසික කතාව මතක් වන්නේ ලංකාවේ ඔටුන්න හිමි කුමරුන්ගේ කතාව විග්‍රහ කොට බලද්දී හැමෝටම තියෙන අපලයක් මේ කුමාරවරුන්ගේ දේශපාලන කේන්දරයේ පෙන්නුම් කරන නිසාය. එම අපලය නම් එක්කෝ පක්ෂ නායකත්වය ගන්න, නැත්නම් අගමැති වෙන්න. එහෙමත් නැත්නම් ජනාධිපති අපේක්ෂකයා වෙන්න හැම විටම රාජ්‍ය බලයේ පිහිට පැතීමය. රාජ්‍ය බලයේ පිහිට නැතුව ජනතාව සංවිධානය කොට ජනතාවගේ කර මතින් මේ එකදු ඔටුන්න හිමි කුමාරයෙක්වත් රජ වී නැත.
ඩඞ්ලිටත් ඒ අපලය මුලින් තිබුණේය. ඔහු අගමැති වෙන්න සෝල්බරි සාමිගේ පිහිට පැතුවේ ඒ නිසාය. ඔහු සර් ජෝන් සමග සටනට යන්න බිය විය.
ඩඞ්ලිගේ මරණයට පසු ලංකාවේ ඔටුන්න හිමි කුමාරයා ලෙස කරළියට එන්නේ රුක්මන් සේනානායකය. ඩඞ්ලි විවාහවී නොසිටි නිසා ඩඞ්ලිගේ ඔටුන්නට හිමිකම් කියන්නේ ඩඞ්ලිගේ සොහොයුරු රොබට්ගේ පුත් රුක්මන්ය. ඩඞ්ලි මියයන විට යූ.ඇන්.පී.ය විපක්ෂයේය. ඩඞ්ලිගෙන් පසු යූ.ඇන්.පී.නායකත්වයට පත්වන ජේ.ආර්. ඩඞ්ලිගේ මරණයෙන් හිස්වූ දැදිගම අතුරු මැතිවරණයට රුක්මන් තරග කළ යුතු යැයි දැඩි ස්ථාවරයක සිටියේය. රුක්මන් සහ සේනානායක පවුලේ අය ජේ.ආර්.ගේ තීරණයට බිය විය. රුක්මන් පරාජය වනු ඇතැයි ඔවුන්ට සැකයක් තිබිණි. ජේ.ආර්.ගේ බල කිරීම මත රුක්මන් තරග කළත්, දැදිගම අතුරු මැතිවරණය ප්‍රචණ්ඩ ස්වභාවයක් ගනිද්දී රුක්මන් රැස්වීම්වලට එන්නත් අදිමදි කළේය. රුක්මන්ට අනතුරක් වේ යැයි බියෙන් සේනානායක පවුලද රුක්මන්ට එළියට බහින්න දුන්නේ නැත. මුළු ඡන්ද කැම්පේන් එකම ඇද්දේ ජේ.ආර්.ය. රුක්මන් ගෙදර සිට දින්නේය. දින්නාට පසු රුක්මන් වටේ ඩඞ්ලිගේ ආධාරකරුවෝ වටවූහ. ඔවුන් කීවේ නාකි ජේ.ආර්.ට මහ ඡන්දයක් දිනන්න බැරි බවය. එම නිසා තරුණ රුක්මන් පක්ෂ නායකත්වය බලෙන් හෝ ගතයුතු යැයි ඔවුන් රුක්මන්ට බල කළහ. රුක්මන්ද මේ ලණුව කෑවේය. ජේ.ආර්. සහ රුක්මන් යන මහජන රැස්වීම්වල චියර් එක ආවේ රුක්මන්ටය. ඇතැම් විට රුක්මන් වේදිකාවට ආවේ ජේ.ආර්. කතා කරද්දීය. රුක්මන්ව වේදිකාවට ගෙන ආවේ ඔහුගේ ආධාරකරුවන්ගේ කරමතිනි. රුක්මන් එන විට නැඟෙන ජන ඝෝෂාව සහ ජය ඝෝෂාව නිසා ජේ.ආර්.ට විනාඩි කිහිපයක් කතාව නතර කරන්නටත් සිදුවිය. ඔහු මෙය විඳ දරාගෙන සිටියේ හරිම අමාරුවකිනි. ජේ.ආර්.ගෙන් පක්ෂ නායකත්වය ගැනීම ලෙහෙසි නැති බව රුක්මන් දැන සිටියේය. ඒ සඳහා මහන්සි වෙන්නත් රුක්මන් අකමැති විය. ඔහු පක්ෂ නායකත්වය ගන්න පිහිට පැතුවේ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවෙන්ය. එවකට අගමැතිනි බණ්ඩාරනායක මැතිනිය සහ අධිකරණ ඇමැති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක පක්ෂ නායකත්වය ගන්න රුක්මන්ට තිරය පිටුපසින් උදව් කළේය. ඒ ජේ.ආර්. හිතවාදී මන්ත්‍රිවරුන්ට එරෙහිව විවිධ චෝදනා ගොනු කරමින් ඔවුන් අත්අඩංගුවට ගනිමින් ඔවුන්ව බය කරමින්ය.

රුක්මන්

ජේ.ආර්. ඉවසල ඉවසල බැරි තැන රුක්මන්ව ඉවත් කරන්න තීරණය කළේය. බොහොමයක් ඒ තීරණයට බිය විය. ඒත් ජේ.ආර්. බය නොවී රුක්මන්ව පක්ෂයෙන් නෙරපීමේ යෝජනාව සම්මත කරගත්තේය. රුක්මන්ගේ ඔටුන්න එතැනින්ම කඩාගෙන වැටුණි. රුක්මන් දැඩි ලෙස ජ්‍යොතිෂය විශ්වාස කරන්නෙක් විය. ඔහුට ජ්‍යොතිෂවේදීන් කීවේ 1977 මහ මැතිවරණයෙන් ජේ.ආර්. පරාජය වන බවත්, 1983 රුක්මන්ට රජ වෙන කාලය එන බවත්ය. රුක්මන් එය තදින් විශ්වාස කළත් ජේ.ආර්. 1977 පමණක් නොව 1982ද රජ විය. රුක්මන්ට වැරදුණේ නායකත්වය ගන්න බණ්ඩාරනායක මැතිනියගේ පිහිට ගන්න ගිහින්ය. ඔහු ජේ.ආර්.ගේ විශ්වාසය දිනාගෙන පක්ෂය තුළ ක්‍රියාකාරීව වැඩ කොට පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ හිත දිනාගත්තා නම් 1977 දිනන්නේ මහලු ජේ.ආර්. නොව තරුණ රුක්මන්ය. ඔහු කිසි විටෙක ජේ.ආර්.ව ආරක්ෂා කළේ නැත. ජේ.ආර්. වෙනුවෙන් පෙනී සිටියේත් නැත. ඔහු හිතුවේ ජේ.ආර්. සමග හැප්පී බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව ෂේප් කරගෙන නායකත්වය ගන්න පුළුවන් කියාය. ඔහුට වැරදුණෙත් එතැනය.
රුක්මන්ට පසු ලංකාවේ ඔටුන්න හිමි කුමාරයා ලෙස භෞතීෂ්ම වූයේ අනුර බණ්ඩාරනායකය. ඔහුත් ශ්‍රීලනිපයේ ඔටුන්නට හිමිකම් කියන්න විශ්වාසය තැබුවේ එවකට ජනාධිපති ජේ.ආර්. කෙරෙහිය. ජේ.ආර්.ගේ ආණ්ඩුව ශ්‍රීලනිප නායිකා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළ විට ඔහු මැතිනිය වෙනුවෙන් පක්ෂය වෙනුවෙන් සටන් කරන්න ඉදිරිපත් වූයේ නැත. ඔහු මැතිනියට එරෙහිව මෛත්‍රිපාල සේනානායකවත් උසිගන්වාගෙන පක්ෂය කඩාගෙන ගියේ ජේ.ආර්.ගේ හයිය හිතට අරගෙනය. 1982 ජනාධිපතිවරණයට කොබ්බෑකඩුව ඉදිරිපත් වූ විට ඔහු යටින් ජේ.ආර්.ව දිනවන්න වැඩ කළේය. ජේ.ආර්. ජයගත් විට කොබ්බෑකඩුව දිනවන්න වැඩ කළ විජය නැක්සලයිට් කුමන්ත්‍රණයක් කරන්න සැලැසුම් කළා කියා ජේ.ආර්.ට ඔත්තුව දුන්නේ ඔහුය. විජය, ෆීලික්ස්, ඔසී වැනි එකල ශ්‍රීලනිපයේ ජනප්‍රියතම නායකයන් හිරකොට ජේ.ආර්. අනුරට ශ්‍රීලනිපය භාර ගන්නා ලෙස උපදෙස් දුන්නේය. ජේ.ආර්. කීවේ තමා නැක්සලයිට්කාරයන්ගෙන් ශ්‍රීලනිපය මුදවා ප්‍රජාතන්ත්‍රවාදීන් අතට ශ්‍රීලනිපය භාර දෙන බවය.

අනුර

1982 ජනාධිපතිවරණය පරාජය වුවත් ශ්‍රීලනිප බලය තිබුණේ කොබ්බෑකඩුව, විජය, චන්ද්‍රිකා අතෙහිය. ජේ.ආර්. ඔවුන්ට බොරු චෝදනා දමා ඔවුන්ව හිරකොට ඔවුන්ව රහස් පොලිසියට ගෙන්වා ප්‍රශ්න කොට බයකොට අනුරට පක්ෂයේ බලය අතට ගන්න පාර කපා දුන්නේය. අනුර විපක්ෂ නායක වූයේද ජේ.ආර්.ගේ මැදිහත්වීමෙන්ය. අනුරට කවදාවත් ශ්‍රීලනිපයේ නායකත්වයත්, අගමැති අපේක්ෂකත්වය හෝ ජනාධිපති අපේක්ෂකත්වය ගන්න බැරි වුණේ ජේ.ආර්.ගේ හයියෙන් පක්ෂයේ බලය අල්ලන්න ගිය නිසාය. අනෙක ඔහු ශ්‍රීලනිප ප්‍රතිපත්ති වෙනුවට යූ.ඇන්.පී. ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටි නිසාය. ඒ වගේම මැතිනිය හෝ පක්ෂය වෙනුවෙන් දරදිය ඇද්දේ නැති නිසාය. ඔහු හිටියේ තනියම රජ වෙන හීනයකය. අන්තිමේදී ඔහු හැම විටම පක්ෂය ඇතුළේ අවුල් හදන නිසා පක්ෂයට විශාල කරදරයක් සහ බාධාවක් කියා ඔහුව පක්ෂයෙන් නෙරපනු ලැබීය. අනුරගේ ඔටුන්න අනුරගේ හිස මතම කඩාගෙන වැටිණි.
අනුරට පසු ලංකාවේ ඔටුන්න හිමි කුමාරයා වූයේ සජිත්ය. ප්‍රේමදාස ඝාතනය වී ඔහු දේශපාලනයට ආ දින සිට හැමෝම කීවේ යූ.ඇන්.පී.යේ අනාගත නායකයා ඔහු කියාය. සජිත් අනුර හෝ රුක්මන් වගේ කම්මැලියෙක් නොවේ. ඔහු වැඩ කරන්න සමතෙකි. ඔහුට ඔහුගේ වැඩ සහ පියාගේ නම පෙන්වා පක්ෂ නායකත්වය හෝ ජනාධිපති අපේක්ෂකත්වය ගැනීම අසීරු වැඩක් නොවේ. එහෙත් ඔහුගේ ගුරාලා ඔහුව නායකත්වය ගැනීමට යවන්නේ අනුරලා, රුක්මන්ලා ගිය හොර පාරේය. ඔහුගේ ගුරාලාගේ උපදෙස් අනුව ඔහුත් හිතන්නේ මෛත්‍රිපාලගේ ජනාධිපති බලය පාවිච්චි කරලා යූ.ඇන්.පී. නායකත්වය සහ අපේක්ෂකත්වය ගන්න පුළුවන් කියාය. මෛත්‍රි, සජිත් විරෝධී යූ.ඇන්.පී. ප්‍රබලයන්ගේ ඇමැති තටු කපමින් ඔවුන්ව ජනාධිපති කොමිෂන්වලට ගෙනයමින් ඔවුන් පසුපස රහස් පොලිසිය පන්නවමින් කරන්නේ මැතිනි රුක්මන්ට කළා සේ, ජේ.ආර්. අනුරට කළා සේ සජිත්ට නායකත්වයට එන්න පාර කපන්නටය.

සජිත්

සජිත් නායකත්වය හෝ අපේක්ෂකත්වය ගන්න මෛත්‍රිගේ උදව් ගන්න ගන්න සජිත්ටත් පල දෙන්නේ ඔටුන්න හිමි කුමාරයන්ගේ අපලයය. මෛත්‍රි පසුගිය සතියේ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රීලනිප සම්මේලනයේදී නොකියා කීවේ මම රනිල්ව අත්අඩංගුවට අරන් හරි සජිත්ට නායකත්වය අරන් දෙනවා කියාය. යූ.ඇන්.පී.කාරයන්ට ඒ කතාව හිරිකිතය. මෛත්‍රි මේ කරන්නේ මැතිනිය රුක්මන්ටත්, ජේ.ආර්. අනුරටත් කළ විනාශයමය. ඔටුන්න හිමි කුමාරයන්ට පලදෙන මේ අපලයෙන් බේරෙන්න සජිත්ට තවම කල් තිබේ. හැබැයි ඒකට යූ.ඇන්.පී.යත්, යූ.ඇන්.පී. ආණ්ඩුවත් කාලා විනාශ කළ මෛත්‍රි සහ යූ.ඇන්.පී. හතුරා රාජපක්ෂලාට එරෙහිව සජිත් යූ.ඇන්.පී.ය සංවිධාන කළ යුතුව ඇත. මෛත්‍රිගේ පහනෙන් එළිය බලන සජිත්ගේ ගුරාලා සජිත්ට ඒ වැඬේ නම් කරන්න දෙයිද කියන එක සැක සහිතය.

උපුල් ‌‌ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සජිත්ට අත්සන් කළ 5ක් රනිල් හමුවෙති

Next Post

පක්ෂ තුනේම ඇතුළේ අර්බුද

MORE NEWS

වමටද බර? නියෝජ්‍ය කතානායක ඉරාන අවමඟුලට! අගමැති කටාර් අවමඟුලට! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

වමටද බර? නියෝජ්‍ය කතානායක ඉරාන අවමඟුලට! අගමැති කටාර් අවමඟුලට! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සජිත් පණ මදිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News
Exclusive

සජිත් පණ මදිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

අගවිනිසුරු පත්කිරීම..! ආතර්ගේ සිට පද්මන් සූරසේන දක්වා..! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු පත්කිරීම..! ආතර්ගේ සිට පද්මන් සූරසේන දක්වා..! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

හොරු සහ බොරු! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

හොරු සහ බොරු! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

ප්‍රේමදාසගේ ඡන්ද ලක්ෂ 25 තියෙනවා..! ජේ.ආර්.ගේ ඡන්ද ලක්ෂ 25 කා ගාවද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ප්‍රේමදාසගේ ඡන්ද ලක්ෂ 25 තියෙනවා..! ජේ.ආර්.ගේ ඡන්ද ලක්ෂ 25 කා ගාවද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

එක්සත් ජාතික පක්ෂයේ සෙංකඩගල ආසන සංවිධායක ආචාර්ය චමින්ද මලලසේකර මහතා එම පක්ෂයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News...

Read more
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.