ශ්‍රී ලංකාවේ සිදුවූ 16 වැනි කොවිඩ් -19 මරණය වාර්තා කරමින් කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ 70 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් ඇත.
ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර එම පුද්ගලයා රෝහල්ගත කර ඇත්තේ වෙනත් රෝගී තත්ත්වයක් හේතුවෙනි.
නමුත් පසුව ඔහු කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වී තිබේ.
සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ රුධිරියට විෂබීජයක් ඇතුළුවීමෙන් ඇති වූ සංකූලතා මත ඔහුව රෝහල් ගත කර ඇති බවය.











