ඉකුත් වතාවේ මෙන් නොව මෙවර මැතිවරණ නොමැති බැවින් ආණ්ඩුව ජනතාව පිළිබද අඩු අවධානයකින් කටයුතු කරන බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා චෝදනා කළේය.
ඒ මහතා පෙන්වා දුන්නේ ඉකුත් කොරෝනා සමයේදී ආණ්ඩුව රුපියල් 5000ක් ගෙවූ බවත්, එළවළු ලොරි ගෙදරට එවූ බවත්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු බඩු මලු බෙදූ බවත්ය.
නමුත් මෙවර මැතිවරණ නොමැති හෙයින් ඒ කිසිවක් නැති බව කී මන්ත්‍රීවරයා අවම වශයෙන් ජනතාවට කොරෝනා වැළදුනහොත් මේ වනවිට රෝහලේ ඇදන් පවා නොමැති බවද කියා සිටියේය.










