• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අද මම මෙතන ඉන්නෙ දමිත් අසංක හින්දා

October 25, 2020
in Heart
Reading Time: 2 mins read
A A
අද මම මෙතන ඉන්නෙ දමිත් අසංක හින්දා
Share on WhatsAppShare on Facebook

පැරැණි ගීත සංගීතය වෙනස් කරමින්, ගායන ශෛලිය වෙනස් කරමින් නව ආරයට ගායනා කිරීම අද අපට සුලබව දැකිය හැකි කාරණයක්. ප්‍රසංග වේදිකාවේදී නිතර දක්නට ලැබෙන මේ වෙනසට වෙනස්ම රසයක් ලබාදුන් ගායනයක් ගැන පසුගියදා බොහෝදෙනාගේ අවධානය යොමුවුණා. ඒ රසයේ හිමිකරුවා වූ බුද්ධික පියුමාල් තමන් පැමිණි ගමනේ පෙරළිකාර වෙනස ගැන කියන්නට අප හා එක්වූයේ මෙලෙසින්.
බුද්ධිකගෙ අලුත් නිර්මාණය ගැන බොහෝදෙනා පහුගිය දවස්වල කතාවුණා?
ඇත්තටම ඕක වුණේ දමිත් අසංකගෙ සින්දුවක් මම වෙනස් ශෛලයකට ගායනා කරපු එක. ඒ හරහා බොහෝදෙනා ඒ ගැන කතා කරන්න පටන්ගත්ත. ගොඩක් හොඳ ප්‍රතිචාරත් ඒ වෙනුවෙන් ලැබුණා.
ඔබ බොහෝදෙනා හඳුනගන්නෙ දමිත් අසංකගෙ ගීත හරහා?
ඔව්. ඇත්තටම කිව්වොත් දමිත් අසංක හින්ද තමයි මට ක්ෂේත්‍රයේ මේ තරම් දුරක් එන්න පුළුවන් වුණේ. මොකද මාව ගායකයෙක් විදිහට රසිකයන් හඳුනගන්නෙ ඔහුගෙ ගීත ගායනා කිරීම හරහා.
ඔබ සංගීත ක්ෂේත්‍රයට පැමිණි ආකාරය ගැන කතා කළොත්?
මම ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම සංගීත ක්ෂේත්‍රයට එන්න ආසාවක් තිබුණ. ඒ නිසාම ඉස්කොලෙ තිබුණ පොඩි පොඩි සංගීත වැඩවලට සම්බන්ධ වෙන්න ඒ කාලෙ මට අවස්ථාව ලැබුණ. ඒත් එක්කම ගාල්ල, බද්දේගම අපේ ගමේ යාළුවොත් එක්ක හදාගත්ත පොඩි බෑන්ඞ් එකක් අපිට තිබුණ. ඒ බෑන්ඞ් එකත් එක්ක ගමේ පොඩි ප්‍රසංගයක සින්දු කියනව දැකල තමයි මට මුලින්ම සංගීත කණ්ඩායමකට සහභාගි වෙන්න ආරාධනාව එන්නෙ.
ඔබේ සංගීත ගමනේ හැරවුම් ලක්ෂ්‍යය වෙන්නෙ ‘සකුරා රේන්ජ්’?
මම සකුරා රේන්ජ් සංගීත කණ්ඩායමත් එක්ක සම්බන්ධ වෙන්නෙ 2008 වසරෙදි විතර. ඒ වෙනකොට සකුරා රේන්ජ් ලංකාවේ ඉතාමත් ජනප්‍රිය සංගීත කණ්ඩායමක්. ඔවුන් මට මුලින්ම කතා කළේ කැසට් පටයකට ගීත ගායනා කරන්න. ඇත්තටම ඒක කෙනෙක්ට ලේසියෙන් ලැබෙන්නෙ නැති චාන්ස් එකක්. ඒ වෙනකොට ලංකාවෙ කැසට්පට රැල්ලක් ඇතිවෙලා තිබුණ වෙලාවක්. ඉතින් එක පයින්ම මම ඒකට කැමැති වුණා.
කැසට් පටය හරහා ඔබට ලොකු ජනප්‍රියත්වයක් ලැබෙනව?
ඇත්තටම අවුරුදු 18ක තරුණයකුට ඒ වෙලාවෙ කැසට් එකක් කරන්න ලැබෙන එකම ලොකු වාසනාවක්. මට තිබුණ හීනයක් සැබෑ වීමක් විදිහටයි මම ඒක දැක්කෙ. ඇත්තටම මම මුදල් බලාගෙන නෙමෙයි ඒ වැඬේට කැමැත්ත දුන්නෙ. ලංකාවේ ජනප්‍රියතම කැසට් පට නිෂ්පාදන සමාගමක් යටතේ පටිගත කරපු කැසට් එක මාසයක් ඇතුළත පිටපත් 50,000ක් විතර අලෙවි වුණා කියල මට දැනගන්න ලැබුණ. නමුත් මට සතයක්වත් ඒ වෙනුවෙන් ලැබුණෙ නෑ.
ඔබව ක්ෂේත්‍රයට හඳුන්වාදුන් ‘සකුරා රේන්ජ්’ බෑන්ඞ් එකෙන් හදිසියේම ඔබ ඉවත් වෙනව?
මම තරුණයෙක් විදිහට බෑන්ඞ් එකට සම්බන්ධ වෙද්දි ඒ ක්ෂේත්‍රයේ ගැන මට වැඩි දැනුමක් තිබුණෙ නෑ. මම හිටියෙ මගේ හීනෙ සැබෑ වීම ගැන සතුටකින්. ඉතින් මගේ අතිනුත් යම් යම් වැරැදි වෙන්න ඇති. ඔවුන් බලාපොරොත්තු වුණ දේ මගෙන් ලැබෙන්න නැතුව ඇති. ඒ හේතුව මත බෑන්ඞ් එකෙන් මට ලැබෙන සහයෝගය නැතිව ගියා. ඉතින් මම තවත් එතැන ඉන්න එකේ තේරුමක් නෑ කියල හිතල තමයි සකුරා රේන්ජ් එකෙන් අයින් වුණේ.
ගායකයෙක් විදිහට ඔබ ස්ථාවර වෙන්නෙ ඉන් පස්සෙ නේද?
ඇත්තටම මම කිසිම බලාපොරොත්තුවක් ඇතිව නෙමෙයි ඒ වෙලාවෙ බෑන්ඞ් එකෙන් අයින් වුණේ. මම හිතන්නෙ ඒ කාලෙ තමයි මගේ ජීවිතේ අමාරුම කාලය වුණේ. ඒත් ඊට පස්සෙ ටික ටික ගායකයෙක් විදිහට මට ප්‍රසංගවලට සහභාගි වෙන්න අවස්ථාව ලැබෙනව.
ඔය අතරෙ ඔබේ වීඩියෝ එකක් ෆේස්බුක් එකේ ජනප්‍රිය වෙනව?
මම හිතන්නෙ මට මේ තත්ත්වයට එන්න සෑහෙන උදව් වුණේ ඒ වීඩියෝ එක. ඒක වුණේ අපි යාළුවොත් එක්ක ටි්‍රප් එකක් ගිහින් එනකොට පාරෙ අයිනෙ ඉඳන් කියපු ‘ඔබෙ සැප මගෙ සතුටයි’ සින්දුව නිසා. ඒ වෙලාවෙ කියපු සින්දුව මගේ යාළුවෙක් වීඩියෝ කරල ෆේස්බුක් දාල ඒක සෑහෙන ෂෙයා වෙන්න ගන්නව. ඒක දැකල තමයි මට මගේ පළමුවැනි ෂෝ එක විදිහට කොරියා යන්න අවස්ථාව ලැබෙන්නෙ. ඊට පස්සෙ එක දිගට පිටරට ෂෝවලට මට ආරාධනා ලැබෙනව. විශේෂයෙන්ම කියන්න ඕනෙ දකුණු කොරියාවෙ මට ආදරය කරන විශාල රසික පිරිසක් මේ වෙනකොට ඉන්නව. ඔවුන්ගෙ ආශීර්වාදය, ආදරය හැම වෙලාවෙම මට ලැබෙනව.
බෑන්ඞ් ගැන කලකිරුණු ඔබ නැවැතත් ‘වොලාරේ’ බෑන්ඞ් එකත් එක්ක සම්බන්ධ වෙනව?
‘වොලාරේ’ බෑන්ඞ් එකත් එක්ක මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නෙත් ඔවුන් එක්ක පිටරට ෂෝ එකකට සහභාගි වෙන්න ලැබුණු අවස්ථාවක් හරහා. ඊට පස්සෙ ඔවුන් මට කළ ආරාධනාවකට අනුව තමයි මම ‘වොලාරේ’ එක්ක සම්බන්ධ වෙන්නෙ. අපි හඳුන්වල දුන්න ‘සෙමි එකොස්ටික්’ සංගීත ශෛලියත් එක්ක මේ වෙනකොට සංගීත ක්ෂේත්‍රයේ විශාල පෙරළියක් ඇතිකරන්න අපිට පුළුවන් වෙලා තියෙනව.
මෙතෙක් ආපු ගමන ගැන ඔබට මොකද හිතෙන්නෙ?
ඇත්තටම මේ ආපු ගමනෙ මම විශාල අභියෝගවලට මුහුණ දුන්න. ඒ හැම අවස්ථාවකම මට විශාල පිරිසකගේ සහයෝගය ලැබුණ. ඒ හැම කෙනෙක්ටම මම මේ වෙලාවෙ ස්තුති කරනව. විශේෂයෙන් මතක් කරන්න ඕනෙ මගේ බිරිඳ. මම වැටිල ඉන්න වෙලාවෙ ඇය තමයි මට හරි මගපෙන්වීම කරල මේ තත්ත්වයට එන්න සෑහෙන කැපවීමක් කළේ.
දමිත් අසංකව අත්හැරල තනියෙන් ගමනක් යන්න අදහසක් නැද්ද?
මගේම අලුත් නිර්මාණ කීපයක් කරන්න ලොකු සූදානමක් මේ වෙලාවෙ තියෙනව. ඉතින් ඉක්මනින්ම ඒ නිර්මාණ මගේ රසිකයන් අතරට එන්න තමයි බලාපොරොත්තුව.
ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

මෛත්‍රී එක පාස්කු වාර්තාවක් පිළිනොගනී

Next Post

අපේ හඬ ජාත්‍යන්තරයට ඇහිලා

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.