• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ද්විත්ව පුරවැසිභාවයට මෙච්චර කෑ ගහන්නේ ඇයි?

October 22, 2020
in Exclusive
Reading Time: 4 mins read
A A
ද්විත්ව පුරවැසිභාවයට මෙච්චර කෑ ගහන්නේ ඇයි?
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි වැනි (20) සංශෝධනයෙන් දහනම වැනි සංශෝධනයේ දී ප්‍රතිපාදන වශයෙන් ලැබී තිබූ ද්විත්ව පුරවැසියකුට මෙරට (ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජ) පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වීම වැළැක්වීමේ අවස්ථාව ඉවත් වන්නේය. එවන් අවශ්‍යතාවක් අවශ්‍ය වන්නේ ඇයි? එය බලපානුයේ සුළු පිරිසකට පමණි. ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු ධූරාපේක්‍ෂකත්වය සඳහා වන හිමිකම් ආරක්‍ෂා කිරීම වෙනුවෙන් ප්‍රමාණවත් කතිතාවතක් ආරම්භ වූ සෙයක් දක්නට නොවිණි.

ඒ අඩුව යම්තමින් හෝ පුරවාලීමේ අදහසින් ද්විත්ව පුරවැසියකුට මැතිවරණයකට තරග කර පාරලිමේන්තු යාමේ හිමිකමක් ඇත්ද යන කරුණ පිළිබඳ සාරාංශගතයක් මෙසේ ඉදිරිපත් කරමු.

ප්‍රජාතාන්ත්‍රික රටක වෙසෙන ඕනෑම පුරවැසියකුට අර්ථාන්විත දේශපාලන සහභාගිත්වයකට කැමැත්තක් තිබේ. එහෙත් ඇත්ත වශයෙන්ම තමන් කවර සංයුතියකට කැමැත්ත දක්වන්නේදැයි යන්න ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවක් ද එමගින් ඇති නොවේ. එහෙත් එය රඳාපවත්තේ එරට රජයෙන් බල ගැන්වෙන නීති පද්ධතිය මත වේ.

දේශපාලන සහභාගිත්වය යනු ප්‍රජාතන්ත්‍රීය තත්ත්වයකි. එය දේශපාලන සංයුතියේ හෝ ප්‍රවාහයේ හෝ සෑම සියලු පුරවැසියෙකුටම හිමිය. එහි සාධාරණිකරණය පවත්නා නීතියට අනුගතවීමය. දේශපාලනය සම්බන්ධයෙන් සිය මතවාද අදහස් උදහස් ප්‍රකාශ කිරීම මූලික අයිතිවාසිකමක් බවට සාධු සම්මත ලෝකය පිළිගෙන ඇත. දේශපාලන සූදානමකට මංපෙත් සෙවීම දේශපාලන මත දැක්වීමේ අද්විතීය අංගයකි. එමගින් කෙනකුට සිය අදහස් ප්‍රසිද්ධියේ කීමේ ශක්‍යතාවක් ජනනය කරවන්නකි. දේශපාලන න්‍යායන්ට ළඟාවිය හැකි මාවත් විදාරණය කෙරෙන්නකි.

දේශපාලයට පැමිණීමට බාධා පනවන ලද පුද්ගලයකුගේ දේශපාලන හැඟීම සහ පුද්ගල ස්වාධීනත්වය එසේ නොවන කෙනකු හා සසඳන කල විශාල ගැටුමකට පාදක වෙයි. මේ තත්ත්ව හඳුනා ගැනීමෙන් අනතුරුව සිවිල් සහ දේශපාලන ජාත්‍යාන්තර සම්මුතියේ විසි පස් (25) වැනි වගන්තියේ ජන්දය දීමේ සහ තෝරා පත්වන්නකුගේ to be elected හිමිකම් ගැන විස්තර කර ඇත. ඇතැම් පුරවැසි කණ්ඩායමකගේ නියෝජිත අපේක්‍ෂකත්වය වැළැක්වීම මූලික අයිතීන්ට තහනම පැනවීමකි. එසේ නම් සමානත්වය යන්නෙහි අර්ථය කුමක්ද? ශ්‍රී ලංකාවේ පුරවැසියන් අතර කවර ආකාරයක හෝ කිසිදු විශේෂත්වයක් හෝ නොදක්වන බව ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සපථ කර ඇත්තේය. කිසිදු පුරවැසියකු උපන් ස්ථානය හෝ ප්‍රදේශය හෝ අනුව කවර ආකාරයක හෝ වෙන්කර තැකීමක් හෝ හඳුනා ගැනීමක් හෝ නොවන ප්‍රතිපත්තිය මූලික හිමිකමක් අයිතියක් බව ද සඳහන් කර ඇත. ශ්‍රී ලාංකිකයකු ඇමරිකාව වැනි විදේශීය රටක ජන්මලාභය ලද කල්හි ඔහුට හෝ ඇයට ඒ උපන් රටේ පුරවැසිභාවය නිරායාසයෙන්ම හිමිවන්නේය. (They would immediately be disadvantaged  due to their place of birth) ඔවුන් පුරවැසිභාවය අත්හැර දැමීමේ අපහසුතාවකට පත් නොවනවා පමණක් නොව හිමිකම් අත්හැර දැමීම් සඳහා ගාස්තු ගෙවමින් සහ ප්‍රමාද වෙමින් දීර්ඝ ක්‍රියාවලියකට යාමටද සිදුවන්නේය. වෙනත් කිසිදු පුරවැසියකුට මුහුණ පෑමට සිදු නොවන අන්දමේ බරක් ද පැටවෙන්නේය. එක් කණ්ඩායම් දෙකකින් එකකට අඩුවෙන් දේශපාලන අයිතිවාසිකම් පවත්නා ද්වි ස්තර two-tiered system ක්‍රමයක් තිබීමෙන් ඇතිවන ප්‍රතිපල මෙසේ වේ.

නිපුනතත්වයට ගෙන ඒම

බුද්ධි ගලනය ශ්‍රී ලංකාවට බැරෑරුම් ප්‍රශ්නයකි. කුශලතා පූර්වක සහ උගත් පිරිස් සැප සම්පත් පතා greener pasture ධනවත් රටවලට යාම මේ සංසිද්ධියයි. ඉතාම දක්‍ෂයින් විශාල පිරිසක් වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශ ගතව අධ්‍යාපනය ලැබීමෙන් පසුව එහිම රැදී සිටිති. අඹුදරුවන් එරට සිටින එවන් ශ්‍රී ලාංකිකයනට ද්විත්ව පුරවැසිභාවය අවශ්‍යය.
ආර්ථිකයට නව ජීව වායුව පිඹිමින් නැගිටින්නට උත්සාහ දරන ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයට ඔබින නිපුණත්වයෙන් යුතු ශ්‍රම බළකායක අවශ්‍යතාව දැඩිව තිබේ. මේ වනවිට මෙරට සිටින දේශීය ශ්‍රම බළකාය ලෝකය වර්ධනය වෙමින් ගෝලීයකරණය වීමේ ක්‍රියාවලියේ පීඩනයට මුහුණදීිම සඳහා අත්‍යාවශ්‍ය දක්‍ෂයන්ගෙන් භාෂා නිපුණතාවෙන් සහ ජාත්‍යන්තර අත්දැකීම් ලද පුද්ගල ඌනතාවෙන් දැඩිව පීඩා විඳියි.

ඇත්ත වශයෙන්ම මෙහි දී උද්ගතවන ගැටලුව නම් මේ පිරිසෙන් කෙතෙක් දෙනාට දේශපාලනය කිරීමට යාමේ අවශ්‍යතාවක් ඇත් දැයි යන්න නොවේ. අවශ්‍යතාව නම් වෙනස් කාණ්ඩයක් වශයෙන් සලකනු ලබන, දේශපාලන අයිතීන් අහිමි යැයි සලකනු ලබන ඔවුන් අතරට මේ පණිවුඩය යවනු ලැබීමයි. විදේශගතව වෙසෙන දක්‍ෂයන්ට වහ වහා එන්නයි කියමින් අතවනා කැඳවීමයි.

දේශපාලන ක්‍රියාවලියට අනුගතවීම යනු නිමිත්තක් (සංකේතයක්) පමණි. එමගින් වැරදි සේම ප්‍රති විිරෝධි මතයකට දොර විවර කරන්නකි. එසේවූ විට ඒ මතය විදේශගත දක්‍ෂයන් ආපසු ගෙන්වා ගැනීම වළක්වන්නකි. ඇත්ත වශයෙන් ම කිව යුත්තේ ඒ පිරිස් සමාජ ස්තරයේ දෙවැනි පංතියේ ලා ගැනෙන ඡන්ද අයිතිය ඇති කණ්ඩායමක් මිස ඡන්දය දෙනු ලැබිය යුතු ඝණයේ ලා සලකනු ලබන්නන් පිරිසක් නොවන බවය.

විදේශගත දක්‍ෂයින් බුද්ධිමතුන් යළි මෙරටට ගෙන්වා ගත හැකි තවත් සාධනීය කරුණක් නම් අපේක්‍ෂකත්ව පරාසය පුළුල් කිරීමය. මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහ‌ෝ දෙනකු විසින් සලකනු ලබන්නේ නීති සම්පාදනය සඳහා සුදුසුකම් ඇත්තාවු පිරිසක් නොවන ලෙසිනි. විදේශගත පිරිස බොහෝ අත්දැකීම් ඇත්ත්වුන් ලෙස සලකනු ලැබෙන ජන්දදායක ප්‍රජාවට තමන්ගේ මනාපය අනුව රුචි රුචි බුද්ධිමත් පිරිසක් පත්කර ගනු ලැබීමේ අවස්ථාවක් එමගින් ද උදාවන්නේය. ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීයවේදීන් වන එම පිරිස් මෙරටට පැමිණීමෙන් අපේ රටේ සංවර්ධනයට විශාල මෙහෙයක් ලබා ගැනීමේ හැකියාව ද අතිමහත්ය.

පසුගිය යහපාලන ආණ්ඩුව බලයට වන් කල්හි ද්විත්ව පුරවැසි භාවය අහෝසි කිරීම සම්බන්ධයෙන් කිසිදු උද්ඝෝශෂණයක් හෝ තිබුණේ නැත. ද්විත්ව පුරවැසි භාවය එදා ගැටලුවක් නොවිණි. ඔවුනට අවශ්‍ය වූවේ ජනාධිපතිත්වය සඳහා වන වයස් සීමාවයි. ඔවුනට අවශ්‍ය වූයේ රාජපක්‍ෂ පවුලේ (ගෝඨාභය, නාමල් සහ බැසිල්) සාමාජිකත්වයට බාධා පැමිණවීමයි.

මෙය ඇදහිය නොහැකි අන්දමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවකි. දැඩි රාජපක්‍ෂ විරෝධියකු වුවද එය පිළිගන්නා මතයකි. ද්ව්ත්ව පුරවැසි භාවය ඇතුළත් කිරීමේ තවත් අරමුණකි රාජපක්‍ෂ භීතිකාව. රාජපක්‍ෂවරුන් බලයට පැමිණෙතැයි ඔවුහු බිය වුහ.

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා වශයෙන් මහජනයා විසින් තෝරා පත් කරනු ලැබීමෙන් ගම්‍ය වන්නේ මහජනතාවට ඔහු අවශ්‍ය බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විසිවැනි සංශෝධනයෙන් අපේක්‍ෂා කෙරෙන්නේ විදේශගතව වෙසෙන මිලියන ගණනාවක ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද හිමිකම ලබාදීමයි. එමගින් ඇතැමුන් අපේක්‍ෂා කළේ තමන් අකමැති රාජපක්‍ෂලා යළි පැමිණිම වැළැක්වීමයි.

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා වශයෙන් තෝරාපත්කරනු ලැබීමට පසුගිය ජනාධිපතිවරණයේ දී ජන්දය දුන් සාමාන්‍ය මහජනයා ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව තුට්ටුවකට හෝ මායිම්කළේ නැත.

ද්විත්ව පුරවැසිභායට ඉඩදීම දේශපාලන පක්‍ෂග්‍රාහී කරුණක් නොවේ. එය කවර රටක හෝ සිටින ශ්‍රී ලාංකිකයකුගේ හිමිකම් ආරක්‍ෂා කර දීමකි.

ඩේලි එෆ්.ටී. පුවත්පතේ පළවූ ලිපියක පරිවර්තනයකි.

SendShareShare
Previous Post

ඩයනා අද පැති මාරු කරයිද?

Next Post

20ට එකඟයි: විමල්-වාසු-උදය යූටර්න් එකක් ගහයි

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.