• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

ලෝකයම හොඳයි කිව්ව R degrees

September 7, 2019
in Holiday
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

ලංකාවේ වැඩිම සංචාරක ආකර්ෂණය දිනාගත්ත පළාත තමයි දකුණු පළාත. එහෙමත් නැත්නම් දකුණු රට. ලංකාවෙ සුන්දරම මුහුදු වෙරළ කිහිපයක්ම තියෙන මේ පළාතෙ කිහිප වරක්ම අපි සති අන්තය ගතකරන්න ගියා. ඒත් අපට මුහුදු වෙරළ තීරයක් ළඟම නවාතැනක නිවාඩුව ගතකරන්න නොහැකි වෙච්ච නිසා අපි හිතුවා එහෙම තැනකට මේ සතියෙ ඔබව රැගෙන ගියොත් හොඳයි කියලා.

රාත්‍රියෙ රැහැයියන්ගේ සංගීතෙට හරි හරියට සිංදු කියන මුහුදු වෙරළක් ළඟට වෙලා කළුවරේ ඉඳගෙන අහස දිහා බලාගෙන සන් බෙඞ් එකක් උඩ නිදහසේ තනිවෙන්න කවුද අකැමැති. සීතලට සීතලේ එන මුහුදු සුළං රැලි ඔබේ හිතේ හිරවෙලා තියෙන ප්‍රශ්න ඔක්කොම අරන් යනකොට ඔබට හිතේවී හැමදාම සංචාරය කළොත් හොඳයි කියලා.
මුහුදු වෙරළක් ළඟ අතරමං වෙලා ඉන්න ඔබ හිතනවා ඇති අපි අද යන්නෙ කොහෙද කියල. අපි අද යන්නෙ අම්බලන්ගොඩ R degrees නවාතැනට. එහෙමත් නැතිනම් 2017 World Luxury Hotelsවලට දෙන සම්මාන දිනාගත් අති සුඛෝපබෝගී හෝටලයට. වෙනදාට අම්බලන්ගොඩ කිව්වම වෙස්මුහුණු, රූකඩ මතක් වෙන ඔබට හිතෙන්න පුළුවන් මෙහෙම තැනක් අම්බලන්ගොඩ තියෙනවද කියල. ඒ නිසාම තමයි අපි ඔබට මේ ගැන කියන්න හිතුවෙ.

R degrees නවාතැනට ඇතුළු වෙනකොටම ලැබෙන පිළිගැනීමත් එක්ක ඔබට හිතේවී අපේම තැනකට ආවා වගේ හැඟීමක්. ඒ තරමට මෙහි කාර්යමණ්ඩලය සුහදශීලීයි. මේ නවාතැන කාමර දහයකින් යුක්තයි. කැටගරි කිහිපයකට වෙන්කර තිබෙන කාමර ඔබේ අවශ්‍යතාව පරිදි තෝරාගන්න පුළුවන්. කාමරවල සුවපහසුව ගැන නම් ඉතින් කතාකරලා වැඩක් නෑ. කොටින්ම කියනව නම් ඉඳිකට්ටෙ ඉඳලම ඔබට අවශ්‍ය දේ මේ කාමරය ඇතුළෙ තියෙනවා.

වටපිටාව ගැන කතා කරනකොට ගල්පර සහිත මුහුදු වෙරළකට මායිම්ව තමයි මේ හෝටලය නිර්මාණය කරල තියෙන්නේ. මම කලින් කිව්වා වගේ මුහුදත් එක්ක තනිවෙන්න මීට වඩා තැනක් නෑ. පිහිනුම් තටාකය හදලා තියෙන්නෙත් මුහුදු වෙරළ පේන ආකාරයට. ඔබේ මනස වගේම ශරීරය සැහැල්ලු කරගන්න Spa එකක් වගේම ඔබේ ශරීරය ලස්සනට තියාගන්න උදව් වෙන Gym එකකුත් මේ නවාතැනේ තියෙනවා. තවත් මොන කතාද ඉතින්.

R degrees නවාතැන හරි ජනප්‍රියයි එක දෙයක් නිසා. ඒ තමයි මුළුතැන්ගෙය. අපට මොනව දුන්නත් වැඩක් නෑ කටට රහට කන්න නැත්නම්. මෙහෙට එන අයට නම් ඒක නොඅඩුව ලැබෙනවා. ඒ කෑම කොච්චර රසද කියනව නම් ඒ ගැන බලාගන්න පුළුවන් මේ නවාතැනේ වෙබ් අඩවියට ගියොත්. පිටු පිරෙන්න දාල තියන Comments දැක්කම ඔබටත් අනිවාර්යයෙන්ම එන්න හිතේවී මොකක්ද මේ රහස කියලා බලන්න. ලංකාවේ කෑම වගේම පිටරට කෑමත් හරි හරියට ජනප්‍රිය මේ නවාතැනට ඇවිත් පොඞ්කක් මත් වෙන්නත් පුළුවන්. කොක්ටේල් එකක් වගේම විස්කි බ්‍රැන්ඩි තොල ගාන්නත් බාර් එකක් වගේම පූල් බාර් එකකුත් තියෙනවා. මෙහි ආකර්ෂණීයම තැන තමයි භෝජනාගාරය. වෙන තැන්වල දකිනවට වඩා වෙනස් ආකාරයෙන් නිර්මාණය කරල තියෙන අවන්හල හරිම සිත්ගන්නාසුලුයි. පිරිසිදුකම හා පිළිවෙළ ඉතාමත් ඉහළයි ආගන්තුක සත්කාරත් ඒ වගේමයි.

මේ පැත්තේ ආවොත් මොනවද බලන්න තියෙන්නේ කියලා ඔබට හිතෙන්න පුළුවන්. මාදුගඟේ බෝට්ටු සවාරියක් යන්නත්, හික්කඩුවෙ කොරල් බලලා සීනිගම දේවාලේ වඳින්න යන්නත් අත දිගහැරියා වගේ ළඟයි. තව ඔබ නොදකින පුරාණ පන්සල් කිහිපයකුත් මේ පැත්තෙ තියෙනවා. දවසක ඔබත් ඇවිත් බලන්න.
නිශ්ශංක මුවර්

SendShareShare
Previous Post

කිරිඇල්ල කබීර්ගේ ‌‌රෙදි ගලවා නිරුවත් කරයි

Next Post

තිරසර ජීවන රටාවක් ගොඩනැංවීම සඳහා යුනිලිවර් හා රිචර්ඞ් පීරිස් එක් වෙයි

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

කටුවැල්ලෙගම…..මේ නම කීප වතාවක්ම පහුගිය ටික දොහේ ඇහුණා. හැබැයි ඒ ඇහුණෙ ආගම දහමට අදාළව නෙවෙයි. පල්ලි, පන්සල්, කෝවිල් ගැන කියන්නත්...

Read more
ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.