මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඕවිටිගල, බදුගම සහ බදුගම නව ජනපදය යන ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
මීට අමතරව කුලියාපිටියෙන් කොවිඩ් -19 වෛරස ආසාදිතයන් 11 දෙනකු හමුවීමත් සමගින් ගම්මාන 04 ක සංචරණය සීමා පැනවීමට පියවර ගෙන තිබේ.
ගයියාල , ඌරුපිටිය, ඇන්නරුව සහා පල්ලේවල යන ගම්මාන 04ට මෙලෙස සංචරණ සීමා පනවා ඇත.
කුලියාපිටියේ පිහිටි දේවස්ථානයක පසුගිය දෙවැනිදා පැවැති මංගල උත්සවයකට මෙම පිරිස සහභාගී වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.











