අද (18) සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීම පවත්වන ස්ථානයේ කිසියම් වෙනසක් සිදුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම රැස්වීම අද සවස 5ට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවෙසේ පැවැත්වීමට තීන්දු වී ඇති බව දැනගන්නට ඇත.
ඊට ජනාධිපතිවරයා සහභාගි වීම තවමත් තහවුරු කොට නොමැති බවද දැනගන්නට තිබේ.










