• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

කොරෝනා හැදිලත් නිහඩ නොවුණු අමෙරිකාවේ ට්‍රම්පට් එක

October 14, 2020
in News, Politics
Reading Time: 2 mins read
A A
කොරෝනා හැදිලත් නිහඩ නොවුණු අමෙරිකාවේ ට්‍රම්පට් එක
Share on WhatsAppShare on Facebook

මේ මනුස්සයා මේක කළේ හරියට උමතුවෙන්, ඔල්මාදයෙන් වගේ. වාහනයක නැඟලා, තවත් වාහන පේළියක් පිරිවරාගෙන ජනතාවට අත වන, වනා මෙහෙම යන එක මොන තරම් පිස්සුවක්ද? මාරාන්තික බෝවන රෝගයක් හැදුණු ඔහු මේ කළේ කිසිම තේරුමක් නැති එමෙන්ම බුදධියක් නැති ක්‍රියාවක්. ඔහුගේ වාහනවල ගිය අනෙකුත් පරිවාර පුද්ගලයන් සියල්ලම දැන් දින 14කට නිරෝධායනය කරන්න ඕනෑ. ඒ අය ගියේත් කිසිම සෞඛ්‍ය ආරක්‍ෂක නීතියක්, රීතියක් පිළිපදින්නේ නැතිවයි. ඒ පරිවාර පුද්ගලයනුත් දැන් රෝගී වෙන්න පුළුවන්. සමහර විට රෝගී වෙලා මියයන්නත් පුළුවන්. දේශපාලන කරළියක් නිසාද මේ අයට එහෙම මියයන්නට වෙන්නේ? රටක නායකයෙක් කරන දෙයක්ද මේ කරලා තියෙන්නේ. දේශපාලන වේදිකාවක් වෙනුවෙන් තවත් අහිංසක මිනිසුන්ගේ ජීවිත අනතුරේ හෙළන එක හරිද?’

මෙම පුදුමාකාර වදන් පෙළ පවසන අපූරු, නිර්භය මිනිසා කවුද? ඔහු මේ දෝස්මුරය කියා සිටින්නේ ලෝකයේම මහ බලවතා දෙසට ඇඟිල්ල දිගු කරමිනි. එනම් ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් වෙතය. මෙම දෝෂාරෝපණය මෙයට දින දෙක තුනකට ඉහතදී එල්ල කළ සුවිශේෂී මිනිසා නම් වෛද්‍ය මහාචාර්යවරයෙකි. ඇමෙරිකාවේ ජෝර්ජ් වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ ආපදා ඖෂධ කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන මහාචාර්ය ජේම්ස් පිලිප්ස් විසින් මෙම ප්‍රබල චෝදනාව එල්ල කළේය. මෙයට දින කිහිපයකට ඉහතදී දැනට මාරාන්තික කොරෝනා රෝගය වැලඳී සිටින ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සිදුකළ ක්‍රියාවලියක් හේතුවෙන් මෙම අර්බුදය හටගැනිණි. එනම් කොරෝනා රෝගයෙන් පීඩා විඳිද්දීම ජනාධිපති ට්‍රම්ප් විශේෂ රථ පෙළක නැඟී ජනතාව අතරට ගොස් ආචාර කිරීමේ ආන්දෝලනාත්මක සිදුවීම එය විය.
‘ජනාධිපතිවරයාගේ ‘ෆෝ-වීල්’ ජීප් එක වෙඩි නොවදින එකක් වෙන්නට පුළුවන්. ඒක ඒ වගේම රසායනික ප්‍රහාරයන්ටත් ඔරොත්තු දෙන්නට හැකියාව තිබේවි. ඒත් ඒකට වෛරස්වලට ඔරොත්තු දෙන්නට බැහැ. ‘බුලට් ප්රූෆ්’ සහ ‘කෙමිකල් ප්රූෆ් වුණත්, ඒකට ‘වෛරස් ප්රූෆ්’ වෙන්නට බැහැ. ජනාධිපතිවරයාගේ මේ වගේ වැඩ නිසා තවත් ජීවිත කීයක් අනතුරේ හෙළනවාද? මේ භයානක තත්ත්වයෙන් තවම ඔහු කිසිම පාඩමක් ඉගෙනගෙන නැහැ. ට්‍රම්ප් ජනාධිපතිවරයා කොරෝනා රෝගය ආරම්භ වූ දවසේ සිටම රටට දුන්නේ නරක ආදර්ශයන්. මේක තනිකරම මහා ඔල්මාදයක්, පිස්සුවක්.’
මහාචාර්ය ජේම්ස් පිලිප්ස් තවදුරටත් එසේ පවසන විට, ඇමෙරිකානු වෛද්‍ය ක්‍ෂේත්‍රයේ තවත් වියතුන් කිහිප දෙනකු විසින්ම මෙම තත්ත්වය දෝෂාරෝපණයට ලක්කර තිබිණි. මෙම ගතවූ සතියේ ඔක්තෝබර් 02දා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් රෝහල්ගත කෙරුණේ, එයට දින පහකට පමණ පෙර ඔහුට සහ බිරිය මෙලානියා ට්‍රම්ප්ට කොරෝනා රෝගය වැලඳී ඇතැයි තහවුරු වීම හේතුවෙනි. මෙහිදී වෝල්ටර් රීඞ් හමුදා රෝහලට ඇතුළත් කෙරුණේ ජනාධිපතිවරයා පමණක් වන අතර, ඔහු රෝහලෙහි ගතකර ඇත්තේ දින දෙකක් පමණි. එනම් 04 වැනි ඉරිදා සවස ඔහු මෙලෙස රෝහලෙන් පිටව ගොස් ඇත්තේ මෝටර් රථ පෙරහරකිනි. සෑම කොරෝනා රෝගියකුම දින 10කට අධික කාලයක් රෝහල්ගත වුවද, ට්‍රම්ප් රෝහලෙහි සිටියේ දින දෙකක් පමණි. ඉන් පෙර දින 4ක් ඔහු සහ බිරිය තම නිල වාසස්ථානය වන ‘වයිට් හවුස්’ නොහොත් ධවල මන්දිරයේ නිරෝධායනයට සහ ප්‍රතිකාරවලට යොමු කෙරිණි. එහෙත් ට්‍රම්ප් රෝහලෙන් බැහැරව ගොස් ඇත්තේ රෝගී තත්ත්වයෙන් සිටින විටදීය.
ජනාධිපති ට්‍රම්ප් මෙසේ සිදුකළේ තමන්ට ඇවැසි හිතුවක්කාර ක්‍රියාවක්ද? ට්‍රම්ප් ධවල මන්දිරයේ සිට හමුදා රෝහලට ඇතුළත් කරනු ලැබුවේ ඔහුගේ ශ්වසන අපහසුතාව උත්සන්නව තිබූ හෙයිනි. එහෙත් කෙසේ හෝ ප්‍රතිකාරවලින් පසුව ඔහුගේ ප්‍රධාන වෛද්‍ය විශේෂඥයා වන සීන් කොන්ලේ ප්‍රකාශ කර ඇත්තේ, ට්‍රම්ප්ගේ තත්ත්වය එවිට යහපත් අතට හැරෙන හෙයින් ඔහුට නැවැත ධවල මන්දිරයට ගොස් නිරෝධායනයට ලක්විය හැකි බැව්ය. ට්‍රම්ප් රෝහලෙන් පිටව ගොස් ඇත්තේ මෙවැනි තත්ත්වයක් යටතේය. එහෙත් ඔහුගේ රෝගී තත්ත්වය නිසි ලෙස සුව නොවී මෙසේ මහජන ප්‍රතිචාරයක් ලබා ගැනීමට කටයුතු කිරීම නිසා මේ වන විට ට්‍රම්ප් දැඩි දෝෂාරෝපණයට ලක්වී ඇත. වෝල්ටර් රීඞ් හමුදා රෝහලත්, ධවල මන්දිරයත් අතර පොදු මාර්ගයේ දුර ප්‍රමාණය කිසිදු මාධ්‍ය වාර්තාවක සඳහන්ව නොතිබිණි. ඒ හෙයින් ඒ ගැන අප විසින් කරුණු නිරීක්‍ෂණය කිරීමේදී සොයා ගත්තේ, එම දුර ප්‍රමාණය කිලෝමීටර් 9.2ක් බැව්ය. මෙය විනාඩි 10 – 12 ත් අතර වේලාවක ධාවන කාලයකි. එනම් ට්‍රම්ප් ගමන්කර ඇත්තේ මෙම පොදු මාවත හරහාය.
කෙසේ හෝ මෙලෙස ට්‍රම්ප්ගේ මෝටර් රථ පෙරහර කිලෝමීටර් 9.2ක් දුර ගෙවා ධවල මන්දිරය වෙත පැමිණි මාර්ගයේ දෙපස ජනතාව රැස්ව සිටි අතර, ආයුධ සන්නද්ධ භටයන්ගෙන් මාර්ගය දෙපස පිරී තිබිණි. ඩොනල්ඞ් ට්‍රම්ප් මෙලෙස මාර්ගය දෙපස රැස්ව සිටින ජනතාවට අතවනා ආචාර කරමින් ගමන් කරන්නේ තවද කොරෝනා රෝගියකුව සිටියදීය. කෙසේ හෝ ඔහු ධවල මන්දිරය වෙත පැමිණි පසුවද නිකම් සිටියේ නැත. වීඩියෝ පණිවුඩයකින් ජනතාව අමතා කතා කරන්නටද ගත්තේය.
‘මේක බොහොම සිත් ඇදගන්නා සංචාරයක්. මම කොවිඞ් රෝගය ගැන බොහෝ දේ ඉගෙනගත්තා. මම හරියට පාසලකට යනවා වගේ මේ ගැන ඉගෙනගත්තා. මම කාමරයකට වෙලා හිරවෙලා ඉන්න කැමැති කෙනෙක් නෙවෙයි. රටේ නායකයා හැටියට මම ජනතාව ඉදිරියට එනවා. ජනතාවගේ ප්‍රශ්න දෙස බලන්නට ඕනෑ. මට ඉතාමත් හොඳට වෛද්‍ය සත්කාර ඉටුකරනවා. ඒවාට ඉතාමත් ස්තුතියි. දෙවියන්ගෙන් අපට ආශ්චර්යයන් ලැබෙනවා. මම ඉක්මනට සුව වෙලා ඔබ අතරට එනවා’ යැයි ට්‍රම්ප් වීඩියෝ පණිවුඩයෙන් පැවැසීය.
ට්‍රම්ප් මෙලෙස ජනතාව අමතන විට බොහෝ විවිධ පාර්ශ්ව දැඩි ලෙස චෝදනා කර සිටියේ, කොවිඞ් වසංගතයෙන් මේ වන විට ඇමෙරිකානුවන් 2,20,000ක් (දෙලක්‍ෂ විසිදහසක්) මරණයට පත්වීමත්, තවත් ලක්‍ෂ 73ක පිරිසකට රෝගය බෝවීමත් ගැන වගකිව යුත්තේ ඩොනල්ඞ් ට්‍රම්ප් බැව්ය. කොරෝනා රෝගය ආරම්භ වූ සමයේදීම මෙය සාමාන්‍ය කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ඇති උණ රෝගයක් බවත්, එයට අපි බියවිය යුතු නැති බවත් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේය. එසේම රෝගය ව්‍යාප්ත වන විට නගර වසා දැමීම සිදු නොකළ ඔහු අනෙකුත් සෞඛ්‍ය ආරක්‍ෂක ක්‍රම තඹයකට ගණන් ගත්තේ නැත. මුඛ ආවරණය පවා පැලැඳීම අනවශ්‍ය දෙයක් යැයි පොදු වේදිකාවේ ප්‍රකාශ කළ ඔහු, දීර්ඝ කාලයක් තමන් විසින්ද මුඛ ආවරණ පැලැඳීම ප්‍රතික්‍ෂේප කළේය. එසේම මුඛ ආවරණ පලඳින පිරිස් සමච්චලයටද ලක් කළේය. විරුද්ධ පක්‍ෂ නායක ජෝ බයිඩන් මුඛ ආවරණ පලඳින විට ට්‍රම්ප් කියා සිටියේ බයිඩන් ලෝකයේ විශාලතම මුඛ ආවරණය පලඳින බැව්ය.
කෙසේ හෝ මෙලෙස ඩොනල්ඞ් ට්‍රම්ප්ට ඇමෙරිකානු පාර්ශ්ව පමණක් නොව ලෝකයේ තවත් බොහෝ රටවලින්ද එකල දෝෂාරෝපණයන් එල්ල විය. අදටත් ලෝකයේ කොරෝනා රෝගය උත්සන්න වූ අංක එකේ දේශය වන්නේ ඇමෙරිකාවය. එකල වසංගතය ආරම්භයේ සිට ජනාධිපති ට්‍රම්ප් අනුගමනය කළ අමනෝඥ ක්‍රියාවලිය හේතුවෙන්, ලෝකයේ ප්‍රබලතම සහ ශක්තිමත්ම ආර්ථිකය ලෙස සැලකෙන ඇමෙරිකානු ආර්ථිකයද අතිශය දරුණු ලෙස කඩාවැටුණු බැව්, පාර්ශ්ව රැසක් දැඩි ලෙස දෝෂාරෝපණය කළේය. එම කතාන්දර රැසක් ඇතත් ඒවා දිගින් දිගටම මෙහි ලියා තබන්නේ නැත.
ඩොනල්ඞ් ට්‍රම්ප් දැනට 74 වැනි වියෙහි පසුවන අතර, ඔහුගේ බිරිය මෙලානියා ට්‍රම්ප්ගේ වයස අවුරුදු 50කි. කෙසේ හෝ මෙලානියාටද කොරෝනා රෝගය වැලැඳී ඇතත්, ඇය ඩොනල්ඞ් ට්‍රම්ප් ලෙස මෙතෙක් රෝහල්ගත කෙරී නැති අතර, ධවල මන්දිරය තුළ නිරෝධායනය වෙයි. ඇය ඉතාමත් හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බැව්ද පැවසෙයි. එහෙත් ඩොනල්ඞ් ට්‍රම්ප් වැඩිමහලු වයසක පසුවන හෙයින් ඔහුගේ රෝගී සංකූලතා දින දෙකක් වැනි කෙටි කාලයක් තුළදී උත්සන්න වී ඇත. ඔහුට ඉතාමත් තද උණ තත්ත්වයක් ඇති වී තිබෙන අතර, රුධිරයේ ඔක්සිජන් ප්‍රතිශතය හදිස්සියේම පහත වැටී ඇත. රෝහල්ගත කෙරී ඇත්තේ ඉන් පසුවය. රෝහලේදී සහ දැනට ධවල මන්දිරයේ සිට ප්‍රතිකාර ලබන විටදීද ට්‍රම්ප් වෙත සුවිශේෂී ඖෂධ මාලාවක් ලබා දීමට විශේෂඥ වෛiවරුන් කටයුතු කර ඇත. මෙය ඖෂධ සම්මිශ්‍රණයක් (ඩ්‍රග් කොක්ටේල්) වන අතර, මින් පෙර ඇමෙරිකාවේ කිසිදු කොරෝනා රෝගියකුට එය ලබාදී නොමැත.
ප්‍රධානතම ඖෂධය වශයෙන් ඔහුට ලබා දෙන්නේ දැනට කොරෝනා රෝගීන් සඳහා ලබාදෙන ‘රෙම්ඩෙසිවීර්’ නමැති ප්‍රතිවෛරස ඖෂධය වන අතර, එය එන්නත් ක්‍රමවේදය හරහා ලබා දෙයි. මෙම ඖෂධය දින 5ක් පුරා ලබාදී ඇති අතර, එයට සමාන්තරව තවත් ඖෂද ක්‍රමවේද කිහිපයක්ද සිදුකර ඇත. එය මෙසේ පෙළගැස්විය හැකිය.
– ‘රෙම්ඩෙසිවීර්’ ප්‍රතිවෛරස ඖෂධ එන්නත.
– ‘ඩෙක්සාමෙත්සෝන්’ උත්තේජක ඖෂධය.
– ‘රෙගෙන්-කොව්-2 නමැති නවීනතම ප්‍රතිදේහ නිපදවීමේ ඖෂධය.
– ‘ෆෙමොටිඩීන්’ ආමාශගත සංකූලතා සඳහා මෙම ඖෂධය ලබාදෙයි.
– ‘මෙලටොනීන්’ හෝමෝන ප්‍රතික්‍රියාකාරී ඖෂධයකි.
– ‘ඇස්ප්‍රින්’ සහ ‘ක්ලොපිඞ්රෝජෙල්’ හෘද ක්‍රියාකාරිත්වය සඳහා.
– ‘විටමින් ඩී’ සහ ‘සින්ක්’ විටමිනය සහ ලෝහ රසායනිකය.
ඇමෙරිකානු ජනාධිපතිවරයා කෙතරම් වාසනාවන්තද? මේ ආකාරයේ සුපිරි ඖෂධ ක්‍රමවේදයක් ඔහු සඳහා අනුගමනය කරන අතර, මෙම ඖෂධ සියල්ලම ඇමෙරිකාවේ සහ යුරෝපයේ පමණක් නිෂ්පාදිත ඒවා වෙයි. මෙවැනි සුපිරි සැලකිල්ලක් ජනාධිපතිවරයා වෙත ලැබෙන විට ඇමෙරිකාවේ බොහෝ පාර්ශ්ව චෝදනා කළේ, පසුගිය කාලයේ කොරෝනා රෝගය වැලැඳුණු වැඩිහිටි fා්ගීන්ට ඖෂධ දෙනවා තියා එම අහිංසක මිනිසුන් තම තමන්ගේ ගෙවල්වලම මැරෙන්නට හැරිය බැව් ප්‍රකාශ කරමිනි. ඇමෙරිකාවේ කොරෝනා රෝගයෙන් මියගිය පිරිසගෙන් වැඩි ප්‍රතිශතය වැඩිහිටියන් වන අතර, එරට තිබුණු ඉතාමත්ම අකර්මණ්‍ය වෛi ක්‍රම රටාව හරහා එම වැඩිහිටි රෝගීන් බහුතරයකට නිසි වෛද්‍ය ප්‍රතිකර්ම ලබාදුන්නේ නැත. එහෙත් අද ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ බිරිය මෙලානියාටත්, එමෙන්ම අනෙකුත් කොරෝනා වැලඳුණු ට්‍රම්ප් පවුලේ තවත් සාමාජිකයන් රැසකටත් ලැබුණේ ‘රජ සැප’ මෙන්ම ‘රජ ප්‍රතිකර්ම’ යැයි ඇමෙරිකානු වැසියෝ දොස්නඟති.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

20 පාස් වුණොත් රටට වන දේ සමගි ජන බලවේගය කියයි

Next Post

කොරෝනාවලට බයද? මේරිලන්ඩ් සරසවියේ බෝවන රෝග ප්‍රධානියාගේ මේ උපදෙස් කියවන්න

MORE NEWS

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News
Exclusive

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න තීන්දුවක් අරන්! Sri Lanka Latest News

අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!
Exclusive

රටම ආදරය කරන මහින්ද සමරසිංහ ආණ්ඩුවේ තනතුරු අත්හරී! Sri Lanka Latest News

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ! මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඒකමතිකව යෝජනාව සම්මතයි! හැබැයි මාතලේ පොහොට්ටු ප්‍රබලයන් වූ ජනකටයි ප්‍රමිතටයි ‌රැස්වීමට ආරාධනා කරලා නෑ!  I Sri Lanka Latest News
Exclusive

නාමල් රට වටේ යන්න පටන් ගනී! Sri Lanka Latest News

අන්ත්‍රාවයි! විජේ ඉන්දියාව හොල්ලයි! සීන් එකට එන්ටර් වෙයි! Sri Lanka Latest News
Exclusive

තලපති විජේ යාපනයට එන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.