කඳාන නාගොඩ ප්‍රදේශයේ පිහිටි සීමාසහිත ලංකා විදුලි (පෞද්ගලික) සමාගමේ සේවකයින් 12 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
ජාඇළ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඩබ්.වයි.එම් විජේසිංහ මහතා පවසා සිටියේ, ඊයේ (11) දින රාත්‍රීයේ මෙම පිරිස හදුනාගත් බවත්, ඊයේ රාත්‍රීයේම අදාළ කටයුතු සිදුකරනු ලැබු බවත් ඔවුන් ආසාදිතයින් බවට මේ වන විට තහවුරු වී ඇති බවත්ය.
“සොයා ගත් තොරතුරු අනුව මෙහි සේවක මහතෙකුගේ දියණියක් බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරලා තියෙනවා. ඇය එහි සේවය කළ බව දැනගෙන තියෙන්නේ පසුගිය 3 වන දා. එදාම ලේකෝ ආයතනය විසින් මෙම සේවක මහත්තයාව අදාළ සෞඛ්‍ය නිලධාරී කොට්ඨාසයට යවලා නිරෝධායනයට යොමු කරලා තියෙනවා. ඒ අනුව ඔහුව නිරෝධායනය කරාට පසුව මෙහි සේවක මහත්වරු පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමු කරලා තියෙනවා පසුගිය සිකුරාදා දිනයේ දී. එතන දී යොමු කළ සේවකයින්ගෙන් 12 දෙනෙක් පොසිටිව් වුණා කියලා ලෙකෝ ආයතනය සඳහන් කරලා තියෙනවා.“ යැයි ඒ මහතා කීය.










