• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

දමිත් අසංක ගැන කිංස්ලි කියන දේ

September 7, 2019
in Heart
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

‘පොඩි කාලේ මරඳ වැල්ලේ’ ගීතය හරහා ගායන ක්ෂේත්‍රයට පිවිසි ඔහු අද වන විට දෙස්, විදෙස් රසික හදවත් සිය කටහඬින් අමන්දානන්දයට පත්කර හමාරයි. ඒ බැඳීම සදාකාලික ආදරණීය බැඳීමක්. ඉතින් ඔන්න අපි ඔබ වෙනුවෙන් ඔහුට කතා කළා. කිංස්ලි පීරිස් නම් ඒ සොඳුරු ගායන ශිල්පියාගේ අලුත් වැඩකටයුතු මොනවාදැයි අපි ඔහුගෙන්ම අහමු.
කිංස්ලි නිතර දෙවේලේ විදේශගත වෙන්නේ ලංකාවේ ප්‍රසංග අඩු නිසාද?
විදේශීය ප්‍රසංගවලින් ආරාධනා ගලාගෙන එනවා. මේ මාසේ 19 මම නැවත යුරෝප් යනවා. නැවත එන්නේ මාස 1 1/2කින් විතර තමයි.
පසුගිය අප්‍රේල් 21 සිද්ධ වුණ බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රසංග කලාව කඩාවැටුණා නේද?
ඒ සිද්ධිය ප්‍රසංගවලට පමණක් බලපෑ සිද්ධියක් නෙමේ. සමස්තයක් වශයෙන් ගත්තොත් සියලුම ජනතාවට එය බලපෑවා. අදටත් ඔවුන් සිටින්නේ භීතියකින්. ව්‍යාපාර ක්ෂේත්‍ර කඩාවැටුණා. අසරණ මිනිසුන් තවමත් දුක් විඳිනවා. ලංකාවේ ප්‍රසංග අඩු වීමට ප්‍රධානම හේතුවත් එයයි. දැන් නම් ටිකක් හොඳ වාතාවරණයක් සහ පසුබිමක් තියෙනවා. ඒත් ආරක්ෂාකාරීව කටයුතු කිරීම වැදගත්. සිද්ධවෙන්නේ නොහිතපු දේවල්නෙ.
සංගීත කණ්ඩායම් නායකයන් පසුගියදා ජනාධිපති හමුවීමට ගියා නේද? එහිදීවත් සාධාරණ පිළිතුරක් ලැබුණේ නැද්ද?
සංගීත කණ්ඩායම්වල නායකයන් කිහිපදෙනකු ගිහින් තිබෙනවා ජනාධිපතිතුමන් හමුවීමට. ෆ්ලෑෂ්බැක් එකේ කවුරුවත්ම ගියේ නැහැ.
‘ෆ්ලෑෂ් බැක්’වලින් අයින් වෙලා පුතාගේ සංගීත කණ්ඩායමට බැඳෙන්න අදහසක් නැද්ද?
මම මුල අමතක කරන්නෙ නැහැ. ෆ්ලෑෂ් බැක් සමග මම දිගටම වැඩ කරනවා. අනෙක් කාරණය ඒ සංගීත කණ්ඩායම පුතාගේ නෙවෙයි. ඔහු සෙල්ලම් කරනවා පමණයි. ඉතින් මට ආරාධනා ලැබුණාම ගිහින් සින්දුවක් කියලා එනවා.
මේ දවස්වල දමිත් අසංකට අන්තර්ජාලය හරහා මඩ ගහනවා. එය ගැන ඔබේ අදහස?
අපිටත් කනගාටුයි ඒ සිද්ධිය ගැන ඇහුවාම. මොකද දමිත් හිත හොඳ කොල්ලෙක්. ඔහුට හොඳ රසික පිරිසක් ඉන්නවා. මෙවැනි පුද්ගලයෙක්ව විවේචනය කිරීම, කොන් කිරීම අපරාධයක් කියලයි මට හිතෙන්නේ. හැබැයි ඒ වගේම තමයි දමිත් අන්තර්ජාලය හරහා වීඩියෝ ක්ලිප් දානවා. එහෙව දැක්කම දමිත්ට පිස්සු කියනවා. මටත් හිතාගන්න අමාරුයි මේ කියන දේවල්වල ඇත්ත නැත්ත. අසනීපයක් තිබෙනවා නම් ප්‍රතිකාර ගන්න එක තමා හොඳම දේ.
ඔය කියන අන්තර්ජාලය නිසා කිංස්ලිත් නිහඬ වුණා නේද?
දැන් යන රටාවත් එක්ක සී.ඩී. හෝ කැසට් කරලා කලාකරුවන්ට මුදල් උපයන්න අමාරුයි. අපට එයින් යමක් නොලැබෙන එක කනගාටුයි. සී.ඩී., කැසට් නැත්තටම නැතිවුණා. කාලයත් එක්ක හැමදේම වෙනස් වෙනවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

විමල් සුපිරි නිවහනක

Next Post

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකට පැමිණෙමින් සිටියදී දුරදක්නයකින් නිරීක්ෂණය කළ බව කියන පුද්ගලයින් තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.Sri...

Read more
ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.