කොරෝනා ආසාදිතයන් තිස් හත් දෙනකු වාර්තා වීමත් සමග ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි මාලිගාතැන්න, එළුවාපිටිය හා හූරිකඩුව යන ගම්මාන අධි ආරක්ෂිත කලාප බවට පත් කර ඇත.
දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා සඳහන් කරන්නේ මෙම ගම්මාන තුනට අයත් ග්‍රාම නිලධාරී වසම් 07ක් වෙත ඇතුළු වීම සහ ඉන් පිටවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවකි.
වාර්තා වූ ආසාදිතයන් අතර විහාරස්ථානයක හිමිවරුන් සිව්නමක්ද වෙයි.










