• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සම්මාන නොලැබුණා කියලා දුකක් නෑ

October 10, 2020
in Heart
Reading Time: 2 mins read
A A
සම්මාන නොලැබුණා කියලා දුකක් නෑ
Share on WhatsAppShare on Facebook

ප්‍රේක්‍ෂක සිත්සතන් තුළ අලංකාර මතකයක් තැන්පත් කළ ‘දූදරුවෝ’ ටෙලි කතා මාලාවේ ‘සෙනෙහලතාගේ’ චරිතය ඔබට අමතක නැතුවාට සැකයක් නැත. සංවේදී ඒ චරිත නිරූපණයට රඟපෑමක් පමණක්ම නොවූ සජීවී රංගනයෙන් දායක වූයේ ‘දීපානි සිල්වා’ය. ටෙලි කලාව පමණක්ම නොව, සිනමාව මෙන්ම වේදිකාව තුළද කතා කළ හැකි යමක් හැමදාමත් ඉතිරි කොට තබන ඒ අති දක්‍ෂ චරිතාංග නිළිය සොයා ‘මව්රට’ පුවත්පතේ අප පිය නැඟූ සංවේදී ගමනක තොරතුරු මෙලෙස අකුරු කරන්නෙමු.
ඉතින් කොහොමද දීපානි, ඔබේ අලුත් තොරතුරු දැනගන්නට කැමැතියි?
මඳ කලකට නතර වී තිබුණු ජයසේකර අපෝන්සු මහතාගේ ‘පාතාලයේ සොල්දාදුවෝ’ නාටකය නැවැත වේදිකා ගතවීම ආරම්භ වුණා.
එහි මට හිමි චරිතය තුළ මේ දිනවල කාර්යබහුලව සිටිනවා.
වේදිකාව කියන්නේ ඔබේ කලා ජීවිතයේ ආරම්භය?
අපොයි ඔව්… 1975 තරුණ කෙල්ලක කාලේ ලයනල් වෙන්ටඞ් රඟහල විසින් මෙහෙය වූ ‘රංග ශිල්ප ශාලිකාව’ පාඨමාලාව හරහා තමයි මම වේදිකාවට පය තැබුවේ. එහිදී මට ධම්ම ජාගොඩ, ගාමිණී හත්තොටුව සහ පරාක්‍රම නිරිඇල්ල යන ප්‍රවීණයන් ඇසුරු කිරීමේ භාග්‍යය ලැබුණා.
මාස හයක් පුරා පැවැති එම පාඨමාලාව තුළින් ලද පන්නරය මෙතෙකැයි කියන්න බැහැ.
එයට පසුව ඔබ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා?
නැහැ.., පළමුව මම ගාමිණී හත්තොටුව මහතාගේ වීදි නාට්‍යය කණ්ඩායමට බැඳුණා. ඇත්තෙන්ම වීදි නාට්‍ය කලාව හරිම අපූරු අත්දැකීමක්. එයට පසුව තමයි ධම්ම ජාගොඩ මහත්තයා මාව ‘වෙස් මුහුණු’ වේදිකා නාට්‍යයට තෝරා ගත්තේ.
එහි පළමු දර්ශනයේදී ඔබට වචන පැටලුණා කියන කාරණය ඇත්තක්ද?
සම්පූර්ණ ඇත්තක්.., හිතල බලන්නකෝ එය මගේ පළමු වේදිකා රංගනය. ඕඩියන්ස් එක මගේ ඉස්සරහ, දෙබස් වැරදෙයිද කියන බය හිතට දැනෙද්දී මගේ කටහඬ ගොත ගැහුණා.
නරඹන්නන්ට එය වැටහුණේ නැතිද දීපානි?
නරඹන්නන්ට එය වැටහෙන්නට පළමුව ධම්ම ජාගොඩ මහතා ඒ සඳහා උපායක් යෙදුවා. ඔහු කළේ ඔහුගේ දෙබස් උච්චාරණයද පැටලිලි සහිතව ඉදිරිපත් කිරීමයි. මගේ හඬ වෙව්ලන කොට ඔහුද වෙව්ලමින් දෙබස් කියන්නට ගත්තා. ඒ හින්දා බලා සිටින අයට මගේ තිගැස්ම දැනුණේ නැහැ. ඇත්තටම ධම්ම ජාගොඩ වැනි ශ්‍රේෂ්ඨ කලාකරුවන් කෙටිකලක් තුළ දැයට අහිමිව යෑම මහා අවාසනාවක් බව මම මේ මොහොතේ සිහිපත් කරනවා.
ටෙලිනාට්‍ය කලාවට සම්බන්ධ වූයේ ‘දූදරුවෝ’ තුළින්ද?
නැහැ.., ‘වෙස් මුහුණු’වලින් පසුව දිගටම වේදිකා නාට්‍යවල නිරත වුණා. එයට පසු පරාක්‍රම නිරිඇල්ල ඔහුගේ ‘ඇබැද්දිය’ නම් ඒකාංගික ටෙලිනාට්‍යය සඳහා මට ආරාධනා කළා.
එය මගේ පළමු ටෙලිනාට්‍යයයි. ඉන්පසු ‘තාරා දේවි’ ටෙලිනාට්‍යයේ ‘ගොළු මෙහෙකාරිය’ගේ චරිතය ලැබුණා. ඒ සඳහා මාව තෝරා ගත්තේ ලූෂන් බුලත්සිංහලයි. ලූෂන් මහත්තයා මට කිව්වේ ‘අබුද්දස්ස කෝළමෙහි’ මා කළ රඟපෑම හරිම ප්‍රශංසනීයයි කියලයි. ‘තාරාදේවි’ හි ගොළු මෙහෙකාරියගේ චරිතය මට දෙන්නට තරම් ඔහු මගේ රංගනය ගැන පැහැදී තිබුණා. එහිදී මට දැනුණු සතුට අප්‍රමාණයි.
‘තාරාදේවි’ නාට්‍යයට පසුව සුනේත්‍රා සරච්චන්ද්‍ර මාව නාලන් මෙන්ඩිස් මහතාට හඳුන්වා දුන්නා. ඒ හඳුන්වා දීමට මුල පිරුවේ ‘දූදරුවෝ’ ටෙලි කතාවෙහි ‘සෙනෙහෙලතා’ගේ චරිතයට ඔහු කෙනෙක් සොයන බව සුනේත්‍රාට කියා තිබුණු ආරංචියයි. තවත් කාරණයක් මෙතැනදී කිව යුතුයි. වේදිකාවේ වාගේ නෙවෙයි, ටෙලිනාට්‍යවලදී කවමදාකවත් මට ප්‍රධාන චරිතයක් ලැබුණේ නැහැ. ඒ වාගේම බොහෝ විට මම රඟපෑවේ මෙහෙකාර චරිතයි. කිසිවකු මගෙන් දවසක් ඇහුවා මතකයි ඇයි ඔබ මෙහෙකාරියන්ගේ චරිතවලට පමණක් කොටුව හිටින්නේ කියා.’
එතැනදී මම ඒ අයට කිවුවා, ‘චරිතයක් බාර ගැනීමේදී තරාතිරමට වැඩිය වැදගත් වන්නේ, එහි කළ හැකි යමක් ඇතිදැයි යන්න ගැන විමසිලිමත් වීමයි.
ඒ වගේම රංගවේදියකු හෝ වේදිනියක් ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයට ලක්වන්නේද, දක්‍ෂ නිරූපණයක් තුළ මිසක චරිතයෙහි ස්වභාවය අනුව නොවේ.
අදටත් ඔබට මගතොටේදී ලැබෙන්නේ ඒ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර නේද?
කියන්න සතුටුයි. ‘තාරාදේවි’ හී ගොළු මෙහෙකාරියට වාගෙම ‘දූදරුවෝ’හි සෙනෙහෙලතාටද ප්‍රේක්‍ෂක පිරිස අදටත් දක්වන ප්‍රතිචාර හරිම උණුසුම්.
‘තුන්වැනි ඇහැ’ චිත්‍රපටයේ ඔබ ප්‍රධාන චරිතයක් රඟපෑවා?
ඔව්… බොහොම සතුටින් කළ චරිත නිරූපණයක්. සුගතපාල ද සිල්වා මහතා තමයි ඒ චරිතය සඳහා මාව යෝජනා කළේ. ‘තුන්වැනි ඇහැ’ තිර නාටකය ඔහුගේ, අනුර චන්ද්‍රසිරිගේ අධ්‍යක්‍ෂණය මත එය නිෂ්පාදනය කළේ තිලක් අතපත්තුයි.
පිටේ ගෙඩියක් තියෙන, රෝගී ඉතා ධනවත් කාන්තාවකගේ ජීවිත කතාව ගැන කියන එම චරිතය මට ලැබීම මා ලද භාග්‍යයක්.
එය හොඳම නිළි සම්මානය හිමිවිය යුතු චරිතයක් නේද දීපානි?
මමත් එහෙම හිතනවා. නමුත් සම්මාන උළෙල කිහිපයකම නම නොමිනේට් වුණාට හොඳම නිළි සම්මානය වෙනුවට ලැබුණේ ජූරි සම්මානයක් පමණයි.
‘හොඳම නිළි’ සම්මානය ඔබට හිමිවිය යුතු බවට විචාරයන් පළවුණා?
මෙහෙමයි.., සම්මානය මට ලැබුණේ නැතැයි කියා කනගාටුවක් නැහැ.
අනෙක සම්මාන උළෙලක විනිශ්චය තීන්දු වන්නේ විවිධ මත හරහායි. අරයා ඕනෑ තරම් සම්මාන අරන් තියෙනවා… ඒ නිසා වෙන කෙනකුට දෙමු… මෙයාට සම්මාන ගන්න තව අවස්ථා තියෙනවා, අහවලාට දෙමු.., උනන්දුව ඇති වෙන්නත් එක්ක අලුත් අයට දෙමු… අනෙක් අය ප්‍රවීණයිනේ.., ඔන්න ඔය වාගේ ටිකක් වෙනස් අදහස් මත සමහර අවස්ථාවල යම් නොගැළපීම් ඇති වෙනවා. ඒ වගේම මොන දේ සිදුවුණත් ජූරියේ විනිශ්චයට අප ගරු කළ යුතු යැයි කියාද මම මෙහිදී කියා සිටිනවා.
රංගවේදිනියක ලෙස මෙතෙක් ආ ගමන තුළ ඔබ සෑහීමකට පත්වෙනවාද?
අනිවාර්යයෙන්ම මා කළ මෙහෙවර ගැන මම හරිම තෘප්තිමත් ‘නිළියක වීම භාග්‍යකැයි හිතෙන තරමට’ ඒ තෘප්තිය ඉහළයි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

Asian Banking & Finance සම්මාන උළෙලේදී HNB FINANCE සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

Next Post

මානසික සෞඛ්‍ය ගැටලු සඳහා පළමු කෙටි පණිවිඩ උපකාරක සේවාව එයාර්ටෙල් ලංකා සහ NIMH වෙතින්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.