ලංකා බැංකුවේ 21 වැනි මහා කළමනාකාරවරයා වශයෙන් ඩී.පී.කේ. ගුණසේකර මහතා අද දින සිට ධුරයේ වැඩ භාරගනු ලැබේ. අත්දැකීම්වලින් පරිපූර්ණ බැංකුකරුවකු වූ ඒ මහතා මින් පෙර ලංකා බැංකුවේ ආයතනික සහ විධායක කළමනාකාරීත්වයේ විවිධ තනතුරු හොබවා ඇත. ඒ මහතා 2010 වසරේ සිට සහකාර මහා කළමනාකරු (ආයතනික සබඳතා), සහකාර මහා කළමනාකරු (විදේශ ශාඛා), නියෝජ්‍ය මහා කළමනාකරු (ආයතනික සහ අක්වෙරළ බැංකු කටයුතු), ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය හා කළමනාකරු (ජාත්‍යන්තර භාණ්ඩාගාර සහ ආයෝජන) යන තනතුරු හොබවා ඇත.
1980 වසරේ ලංකා බැංකුවේ සේවයට බැඳුණු ඒ මහතා දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ශාඛා රැසක සේවය කරමින් ශාඛා බැංකු කටයුතු පිළිබඳව මනා පරිචයකින් හෙබි අයෙකි. භාණ්ඩාගාර මෙහෙයුම්, විදේශ විනිමය, වෙළෙඳ කටයුතු, මුදල් වෙළෙඳපොළ මෙහෙයුම් කටයුතු, රජයේ සුරැකුම්පත් ආශ්‍රිත වෙළෙඳ කටයුතු පිළිබඳව විශේෂඥ දැනුමකින් හෙබි ඩී.පී.කේ. ගුණසේකර මහතා ලංකා බැංකුව ලන්ඩන් ශාඛාවෙහි සේවය කරමින් ලද පුළුල් අත්දැකීම්වලට අමතරව විදේශ විනිමය වෙළෙඳාම පිළිබඳව ලන්ඩනයේ American Express සහ Lloyds Bank යන බැංකු ආයතනවල පුහුණුව ලබා ඇත.
ගුණසේකර මහතා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය, ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශය සහ ලංකා බැංකුව මඟින් පාලනය වන උප සමාගම්වල අධ්‍යක්ෂවරයෙක් ලෙස සේවය කරයි.











