• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

වංශකතාවලින් අඩපණ කරපු නරේන්ද්‍රසිංහ රජුගෙ සැඟවුණු ඇත්ත

October 10, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
වංශකතාවලින් අඩපණ කරපු නරේන්ද්‍රසිංහ රජුගෙ සැඟවුණු ඇත්ත
Share on WhatsAppShare on Facebook

සිංහලය හෙවත් වත්මන් ශ්‍රී ලංකාවේ අවසන් සිංහල රජතුමා “ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ” රජතුමා බව වර්තමාන සමාජයේ පොදු මතය බවට පත්වී තිබේ. ඇතැම් විද්වතුන් ඒ මතය පිළිගැනීමට අකමැති වූවද බහුතර මතය වන්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා මෙරට අවසන් සිංහල රජතුමා බවයි. නැටුම් – ගැයුම් – වැයුම්, ස්ත්‍රිය – සුරාව – සූදුව ප්‍රිය කළ කෙළිලොල් රජෙකු ලෙස සඳහන් වෙන මේ රජතුමා, රාජ්‍ය නායකයා ලෙස තම වගකීම් ඉටු නොකළ දුර්වල පාලකයකු ලෙසත් වඩුගයකුට සිංහල සිහසුන උරුම කර දුන් ජාතිද්‍රෝහියකු ලෙසත් සලකමින් මෙරට අති බහුතරයක් අදටත් මේ රජතුමා ගර්හාවට ලක් කරති. මේ රජතුමා තුළ පැවති ස්ත්‍රී ලෝලීත්වය, සුරා ලෝලීත්වය, විනෝදකාමී බව නිසා රාජ්‍ය පාලනය නිසි පරිදි සිදු නොකළා යැයි ජන මතයක් බිහි වී තිබෙන අතර ඒ නිසා මේ රජතුමා හඳුන්වන්නේ “සෙල්ලම් නිරිඳු” නමිනි.

සැබවින්ම ඔහු ජාතිද්‍රෝහී දුර්වල පාලකයෙක්ද? ජනප්‍රවාදයේ එන බොහෝ කතා ප්‍රවෘත්තීන්ට අනුව ඔහු ජාතිද්‍රෝහී දුර්වල පාලකයෙක් බව දැක්වෙන අතර එය එසේ නොවන බව දැක්වෙන ජනප්‍රවාදයන්ද අතරින් පතර හමුවේ. ඔහුගේ පාලන සමයේ ගත් ඇතැම් තීන්දු සහ තීරණ ඔහුගේ තනි මතයට ගත් තීන්දු සහ තීරණ නොවන බවත් රාජ සභාවේ බලපෑම මත ඔහුට තීරණ ගැනීමට සිදුවූ බවත් එම ජනකතාවන් පෙන්වා දෙයි. ජනප්‍රවාදයන් තුළ ඔහු ජාතිද්‍රෝහී දුර්වල පාලකයෙක් ලෙස මතු කිරීමට උත්සාහ දැරුවද ඇතැම් ලිඛිත මූලාශ්‍ර හා පුරාවිද්‍යාත්මත සාධක දෙස බැලීමේදී පෙනීයන්නේ ඔහුගේ පාලන සමය වන විට රට තුළ පැවති දේශපාලන අස්ථාවරභාවය සහ උඩරට රාජ්‍ය වෙත එල්ල වෙමින් පැවති දැඩි බාහිර බලපෑම් හමුවේ වුවද ඔහු රට සංවර්ධනය කරමින් ජනතා සේවයක් ඉටු කිරීමට උත්සාහ ගත් බවයි.

මහාවංශයට අනුව ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ මහ රජතුමාද රට හා ආගම වෙනුවෙන් සැලකිය යුතු සේවාවක් සිදුකළ අයෙකි. “ඉනික්බිත්තෙන් ඒ නරේන්ද්‍රයාණන් පුත්‍ර වූ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ නම් වූ කුමාර තෙම රජ වූයේ ය. ප්‍රඥාවීරගුණයන්ට මන්දිරායමාන වූ නරේන්ද්‍රසිංහ නම් වූ ඒ රජ තෙම ලංකා රාජ්‍ය රක්ෂා කරනු පිණිස මධුරා පුරයෙන්ද රාජ කන්‍යාවන් ගෙන්වා අගමෙහෙසුන් කොට දානාදී පින්කම් හා දන්තධාතු පූජාද දවසක් දවසක් පාසා කරන්නේම පුණ්‍යස්කන්ධයක්ද රැස් කළේය. පිය රජාණන්ගේ කාලයෙහි උපසම්පදා ලත් භික්ෂූන්ට උපකාර කරන්නාවූ හේ තෙමේ බොහෝ කුල පුත්‍රයන් පැවදි කරවා ශ්‍රද්ධාවෙන් ශාසන සංග්‍රහ කෙළේය” යනුවෙන් මහා වංශය නරේන්ද්‍රසිංහ රජතුමාගේ රජවීම පිළිබඳ සඳහන් කරයි.

එලෙස මහා වංශයේ දැක්වෙන පරිදිම නරේන්ද්‍රසිංහ රජ බුදු සසුන වෙනුවෙන් බොහෝ සේවාවන් සිදු කොට තිබේ. රාජ්‍යත්වයට පත්වූ නරේන්ද්‍රසිංහ රජතුමා සර්වඥයන් වහන්සේ ජීවමාන කාලයෙහිදීම කරවන ලද මහියංගන මහ සෑය වන්දනා පිණිස මහා පිරිසක් සමග වැඩම කොට නානාවිධ වස්ත්‍රයන්, රිදී මල් හා රන් මල්, දියෙහි හටගන්නා නානාප්‍රකාර සුගන්ධයන්ගෙන් යුත් පුෂ්පයන්ගෙන් සමන්විත මහා පූජාවක් සිදුකොට තිබේ. මෙලෙස දෙවතාවක්ම මහා පුද පූජාකොට පින් රැස් කරගත් බව මහා වංශයේ දැක්වෙයි. නරේන්ද්‍රසිංහ රජතුමා ශ්‍රී පාද වන්දනාවද දෙවතාවක්ම සිදු කොට ඇති අතර මහ පිරිසක් සමග මහනුවර සිට අනුරාධපුරය දක්වා ගොස් මහා පූජාවක් කළ බවද මහා වංශයෙහි දක්වා තිබේ. නරේන්ද්‍රසිංහ මහරජතුමා කුණ්ඩසාලේ නම් ප්‍රදේශයේ සිය රජ මාලිගාව ඉදිකොට රට පාලනය කිරීම සිදුකළ අතර රටෙහි ආරාම සේනාසන ඉදිකොට සාමණේර හිමිවරුන්ට අවශ්‍ය පහසුකම් ලබා දී ධර්ම ග්‍රන්ථ රචනා කරවා මහත් ශාසන සේවාවවන් සිදුකළ බව “මූල නගරයෙන් නුදුරු වූ සිත් කළු ගං ඉවුරෙහි මහපොල් උයනෙහි කුණ්ඩසාලය යන නමැත්තාවූ ශාඛා නගරයෙක් කොට වස්සා වූ ඒ නරේන්ද්‍ර තෙමේ එහි මනා කොට සෙනසුන් කරවා සාමණේරවරයන් වාසය කරවා දානාදී බොහෝ කුසල් දිනක් දිනක් පාසා කරන්නේ පුස්තකයන්ද ලියවා ” යනුවෙන් මහා වංශයෙහි දක්වා තිබේ.

සිය පියරජු වූ විමලධර්මසූරිය රජතුමා විසින් දන්ත ධාතූන් වහන්සේ උදෙසා ඉදිකළ දළදා මාලිගාව ජරා ජීර්ණව විනාශව පවතින දැන ගත් නරේන්ද්‍රසිංහ රජතුමා එය සිතුවමින් අලංකාර, දෙමහල් මැඳුරක් ලෙස ඉදිකොට බෝධි වෘක්ෂය, නාථ දේවාලයද ඇතුළු කොට පවුරක්ද තනා දළදා මාලිගය අලංකාර කර බව “පියරජාණන් විසින් දන්ත ධාතූන් වහන්සේ උදෙසා මහනුවර කරවන ලද මන්දිරය ජීර්ණවූවා දැක කම්පිත වූ සිත් ඇති ඒ නරේන්ද්‍ර තෙම දෙමහල් උතුම් ශුභ ප්‍රාසාදයක් කරවන්නේ නානා විධවිචිත්‍ර කර්මයෙන් බබළන ද්වාරයෙන් යුක්ත කොට කලධෞත පර්වතයක් මෙන් සුණුවමින්බැබළුම් ඇති තොට පලයෙන අලංකෘත කොට මාලකද්වයෙහි භිත්තිහි විදුර ජාතකය ගුත්තිල උම්මග්ග ජාතකය දධී වාහන මහා කණහ සුතනු ජාතකය ඡද්දන්ත ධම්මධ්වජ ධම්මපාල ජාතකය මහාජනක ජාතකය පදමානවක ධම්ම සොණ්ඩි මහානාරද කස්සප ජාතකය මහපදුම තේලපත්ත චුල්ලපදුම ජාතකය සත්තූභත්ත අන්ධභූත චම්පෙය්‍ය සස ජාතකය විසයහ කුස සුතසොම තේමිය යන ජාතකද චුල්ලධනුර්ධර ජාතකය හා සච්චංකිර ජාතකයද දුම්මෙධ ජාතකය හා කාලිංගබෝධි ජාතකයද සීලව ජාතකය හා එසේම මණ්ඩබ්බ ජාතකයද වෙස්සන්තර ජාතකය යන මේ ජාතක දෙතිස විචිත්‍ර වූ සිත්තමින් මොනවට කරවා නරේන්ද්‍ර තෙමේ අප්‍රමාණ වූ පුණ්‍යස්කන්ධයක් රැස් කළේ යි. ඒ නුවර මැද මහා බෝධි වෘක්ෂ හා චෛත්‍යයද නාථ දේවාලයද ඇතුළු කොට හාත්පසින් ගලින් නිමවන ලද්දා වූ ඝනොත්තුංග වූ සුණුවමින් බබළන්නා වූ පුරස්ත්‍රියගේ ශ්‍රීවාලංකාරයට මුක්තාහරයක් මෙන් යහපත් වූ ප්‍රාකාරයක්ද කරවා කීර්ති දේහය පැවැත්වූයේ ය.” යනුවෙන් මහා වංශයේ දක්වා තිබේ. ඒ අනුව වර්තමානයේ පවතින දළදා මාලිගය ඉදිකිරීමේ ගෞරවය හිමි වන්නේද නරේන්ද්‍රසිංහ රජතුමාටය.

මෙරට බුදු සසුන නගා සිටුවීමෙහිලා සුවිශේෂී සේවාවක් ඉටුකළ සරණංකර සංඝරාජ හිමියන් සඳහා අවශ්‍ය අනුග්‍රහය ලබා දෙමින් බුදුසසුන දියුණු කිරීමටද නරේන්ද්‍රසිංහ රජතුමා තම දායකත්වය ලබාදී තිබේ. රජතුමා සංඝරාජ හිමියන් හට ධර්මාමිස සංග්‍රහයෙන් නැවත නැවත සංග්‍රහ කළ බව මහා වංශය කියයි. අඩ රියනක් උස කරඬුවක් සකස් කොට එහි රන් ආලේප කොට මැණික් ගල් සත් සියයක් එහි බඳවා දිලිසෙන්නාවූ එම සධාතුක කරඬුව සහ නේකවිධ වූ සද්ධර්ම පුස්තකයන්ද උන්වහන්සේට ප්‍රධානය කළ බවත් සංඝරාජ හිමියන් හට කැපකරුවන් දානය කොට ආමිසයෙන් සංග්‍රහ කළ බවත් මහා වංශයේ දක්වා තිබේ. එමෙන්ම සද්ධර්මය බොහෝ කල් පිහිටු වනු පිණිස ග්‍රන්ථ සම්පාදනයට අනුග්‍රහය දැක්වූ බවද “නරේශ්වරතෙම සද්ධර්මය බොහෝ කල් පිහිටු වනු පිණිස යහපත් සේ ආරාධනා කොට එකොළොස් දහසක් ග්‍රන්ථයන්ගේ ප්‍රතිමණ්ඩිත වූ සාරත්ථ සංග්‍රහ නම් වූ සද්ධර්ම ප්‍රකරණයක්ද, මහා බෝධිවංශයට සිංහල භාෂාත්ථ වර්ණනාවක්ද, පූර්ව කාලයෙහි බෝධි වංශයට සිංහල භාෂාත්ථ වර්ණාවක්ද පූර්ව කාලයෙහි ජම්බුද්‍රොණිපුරයෙහි පරාක්‍රමබාහු නම් රජහු රජ කරණ කල්හි පස්පිරිවෙන් වාසීන්ට ප්‍රධාන වූ පණ්ඩිත කුසලාර්ථ වූ ස්ථවිරයන් විසින් ප්‍රතිපත්ති පුරන්නා වූ සියලු භික්ෂු මෙයින් නිරෝගී වෙත්වායි ආශංසනය කොට කරණ ලද භෛසජ්‍ය මංජුසාවට අත්ථ වර්ණනාවද ඒ නැණැත්තා වූ පරිශුද්ධ සමබෝධිය පතන්නාවූ සරණංකර නම් සාමණේරයාණන් ලවා කර වූයේය” යනුවෙන් මහා වංශයේ දක්වා තිබේ. මේ අනුව සෙල්ලම් නිරිඳු වශයෙන් ප්‍රකට වූවද සිංහල රාජවංශයේ අනෙක් රජවරුන් හා සම තත්ත්වයෙහි ලා සැලකිය හැකි සේවාවන් රැසක් ඔහු සිදුකොට තිබේ. බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් බඳු වත්මන් දළදා මැඳුරේ නිර්මාණයද ඔහුගේ ශාසනික කාර්යයකි.

මහා වංශයේ දැක්වෙන්නේ මෙම රජතුමා සිදුකළ ශාසනික කාර්යයන් පිළිබද තොරතුරු පමණි. නමුත් ඔහුගේ කාලයේ ගෘහ නිර්මාණ, වාරි කර්මාන්ත මෙන්ම සාහිත්‍ය කලා ක්ෂේත්‍රයන්ගෙන්ද දියුණුවක් ලැබූ බවට සාධක හමුවී තිබේ. මෙම රජ සමයේ මෙරට සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ දියුණුවටද ඉහළ අනුග්‍රහයක් හිමිවූ බව සැලකෙන අතර ප්‍රකට සාහිත්‍ය ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් මෙම කාලයේ ලියවුණු බව සඳහන් වේ. අදටත් භාවිතාවන වටිනා කලා කෘතියක් වන දහඅට වන්නම ද මෙම රජතුමාගේ කාලයේ බිහිවූ බව විශ්වාස කරයි. නරේන්ද්‍රසිංහ රජු රට පාලනය සඳහා අලංකාර රජමාලිගාවක් කුණ්ඩසාලේ ඉදිකළ බව සඳහන් වේ. උස් කඳුගැටයක විවිධ කලා ශිල්ප උපයෝගී කොටගෙන සම්පූර්ණයෙන්ම දැවයෙන් නිර්මාණය කළ මෙම රාජ මාලිගය කලා නිකේතනයක සිරිගත් බවත් රාත්‍රි කාලයට දුම්මල ආදී කැලයෙන් සොයාගත් තෙල් වර්ග, සුවඳ දුම් ආදියෙන් මාලිගය ඒකාලෝක කළ විට දිව්‍ය විමානයක සිරිගෙන තිබූ බවත් සඳහන් වේ. පසුව මෙම රජමාලිගාව ඉංග්‍රීසින් විනාශ කොට එහි තිබූ වටිනා දෑ කොල්ල කෑ බව සඳහන් වේ.

නරේන්ද්‍රසිංහ රජු රණකාමියකු නොවූවද ඔහුගේ පාලනයට එරෙහිව නැඟුණු කැරලි සාර්ථකව මැඩ පැවැත්වීමට ඔහුට හැකි වූ නිසා ඔහු දුර්වල පාලයකු ලෙස සැලකීම යුක්තිසහත නොවන අතර හොඳ සංවිධානාත්මක හැකියාවක් තිබූ පාලකයෙක් ලෙස සැලකිය හැකිබව උගතුන් පෙන්වා දෙයි. මහා වංශයේ සඳහන් නොවූවද නරේන්ද්‍රසිංහ රජතුමා සිදුකළ වාරිකර්මාන්ත පිළිබඳවද බොහෝ තොරතුරු වාර්තා වී තිබෙන බව වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂව සිටි එස්.කේ. ජයවර්ධන මහතා ඒ පිළිබඳව අධ්‍යයනය කොට ලිපියක් ලියමින් දක්වා තිබේ. එහි දැක්වෙන පරිදි බණ්ඩාර ඇළ නම් ඇළ මාර්ගය කැප්පවීම රජුගේ වාරිකර්මාන්න අතුරින් ප්‍රධාන තැනක් ගනී. හුන්නස්ගිරි කන්දෙන් ගලා එන රවන්ඔය නැමති දිය පහරක් උඩුගොඩ දී හරස්කොට අමුණක් බැඳ ඒ අමුණ හරහා බණ්ඩාර ඇළ නම් ඇළ දිගේ සැතපුම් දොළහක් පමණ දිගට ජලය ගෙන යමින් කුඹුරුයායන් සඳහා අවශ්‍ය ජලය සම්පාදනයට රජු කටයුතු කළ බව සඳහන් වේ. රජු විසින් කුණ්ඩසාලේට නුදුරු ප්‍රදේශයක දම්බරාව වැව නම් වූ තවත් වැවක් කරවූ අතර බණ්ඩාර ඇළ දිගේ රවන්ඔයේ ජලය දම්බරාව වැව දක්වා ගෙන යයි. දම්බරාව වැව අක්කර විස්සක පමණ ප්‍රදේශයක විහිදගිය විශාල වැවක් වන අතර දම්බරාව වැව පෝෂණය වනුයේ බණ්ඩාර ඇළෙනි.ඒ නිසා එය ඉතා වැදගත් වාරි කර්මාන්තයක් ලෙස ඉතිහාසයට එක්වේ. දම්බරාව වැව අද්දර ඇති පුරාණ පිටියේ දේවාලයද නරේන්ද්‍ර සිංහ රජතුමා විසින් කරවන ලද්දැයි යැයි සැලකේ. දම්බරාව වැව සමීපයේ පිහිටි දඹවෙල වැවද නරේන්ද්‍රසිංහ රජතුමාගේ නිර්මාණයක් බවට විශ්වාස කෙරේ. පිලවල කොට්ටවැව හා අක්කර දහයකට වඩා විශාල වළල පැරැණි බණ්ඩාර වැවද නරේන්ද්‍රසිංහ රජු කරවූවකි. බණ්ඩාර ඇළ මෙන් බණ්ඩාර වැවද රජුගේ නියමයෙන් “බණ්ඩාර” නම් අධිපතියා විසින් කරවන ලදැයිද මතයක් පවතී.

වර්තමානයේ දක්නට නොලැබුණද කුණ්ඩසාලේ නරේන්ද්‍රසිංහ රජු කරවූ තවත් වැව් තුනක තොරතුරු වාර්තා වී තිබෙන බව ජයවර්ධන මහතා සඳහන් කරයි. හුරීකඩුව ප්‍රදේශයේ නරේන්ද්‍රසිංහ රජු සමයේ ඉදිකරන ලද ගල්පිහිල්ල රජමහා විහාරය හා පිටියේ දේවාලය පිහිටා තිබෙන අතර මේ විහාරයට “ගල්පිහිල්ල” යන නම ලැබී ඇත්තේ විශාල ස්වාභාවික ජල උල්පතකින් වතුර ගලා ආ නිසා ය. එම දිය උල්පත හරහා එන ජලයෙන් අක්කර දෙකක පමණ වැවක් නිර්මාණය කොට තිබී ඇත. කුණ්ඩසාලේ නුදුරු මහවත්ත ගම්මානයේද නරේන්ද්‍රසිංහ රජතුමා විසින් ඉදි කරන ලදැයි සැලකෙන වැවක නටබුන් හමුවී තිබේ. මෙම වැව භූමි කම්පාවකින් විනාශ වූ බවක් ජනප්‍රවාදයේ සඳහන් බවත් “පවන” නම් ප්‍රශස්ති කාව්‍යයේ අග කවිවල එදා ලංකාවට බලපෑ භූමිකම්පා කීපයක් ගැන කියවෙන බවත් සඳහන් කරන ජයවර්ධන මහතා පෙන්වා දෙන්නේ භූමිකම්පාවකදී වැව් බැම්ම කඩාගෙන ගොස් මහවත්ත වැව විනාශ වූවා විය හැකි බවයි. කිරිමැටිය නම් ගමෙහිද නරේන්ද්‍රසිංහ රජු කල ඉදිවූවා යැයි සැක කළ හැකි වැවක නටබුන් හමුවී තිබේ. කුණ්ඩසාලේ අගනුවර කරගත් නරේන්ද්‍රසිංහ රජු පසුව තම ආරක්ෂාව පතා දියතිලක නුවර හෙවත් හඟුරන්කෙත වෙත අගනුවර ගෙන යමින් එහි සිට රට පාලනය කළ අතර හඟුරන්කෙත අවටද විශාල වැව් හා ඇළවල් රාශියක නටබුන් හමුවේ. මෙම වැව් හා ඇලවල් නරේන්ද්‍රසිංහ රජු විසින් කරවන ලද ඒවා විය හැකි බව පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් දිසානායක මහතා ලියූ “දියතිලක නුවර” ග්‍රන්ථයේද සඳහන් වේ.

මේ අනුව නරේන්ද්‍රසිංහ රජු දුර්වල සෙල්ලක්කාර පාලකයෙක් ලෙස සැලකීම යුක්තිසහගත නොවන අතර ඔහුගේ කෙළිලොල් ජීවිතයට අමතරව හරවත් යමක් ඉතිරි කළ රජතුමකු බවද සැලකිය හැකිය. එමෙන්ම නරේන්ද්‍රසිංහ රජු කළ සේවාව අමතක කොට ඔහු ජාතිද්‍රෝහී සෙල්ලම් නිරිඳකු ලෙස හැඳින්වීමට හේතුව ඔහුගෙන් පසු වඩුගයන්ට සිහසුන උරුම වීමද නොඑසේ නම් වෙනත් හේතුවක්ද යන්න පිළිබඳව සොයා බැලීමද ඉතා වැදගත්ය. “ඒ පණ්ඩිත වූ නරේශවර තෙම මේ ආදී නොයෙක් පින්කම් කොට රාජ්‍ය තිස්තුන් වර්ෂයක් කොට මරහු වසඟ විය” යනුවෙන් ඔහුගේ අවසානය පිළිබඳ මහාවංශය දක්වයි. මේ නිසා නරේන්ද්‍රසිංහ රජු පිළිබඳව විධිමත් ගවේෂණයක් සිදුකළ හැකි නම් සැඟවී ගිය ඉතිහාසයේ බොහෝ රසවත් තොරතුරු අනාවරණය කර ගැනීමට මෙන්ම නරේන්ද්‍රසිංහ රජු සැබෑ ලෙසම ජාතිද්‍රෝහී සෙල්ලම් නිරිඳකුද, නැද්ද යන්න පිළිබඳවද අනාවරණය කර ඔහුටද සාධාරණයක් ඉටුකළ හැකි වනු ඇත.

උධෘත :- සිංහල මහා වංශය – බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය
අසිරු වේදිත කරුණාරත්න

SendShareShare
Previous Post

ලග්න වාසනාවෙන් සුපිරි මෝටර් රථය අම්බලන්තොටට

Next Post

Asian Banking & Finance සම්මාන උළෙලේදී HNB FINANCE සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

"අනුරට බෑ - ජනතාවට අමාරුයි" මහජන සංවාදයේදී සජබ පා.ම. කබීර් හෂීම් දැක්වූ අදහස් Sri Lanka Latest News

Read more
මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.