විවාහයක් සඳහා කේන්දර පරීක්‍ෂා කිරීමේදී පොරොන්දම්වලට වඩා විශේෂයෙන්ම පරීක්‍ෂා කර බැලිය යුත්තේ කේන්දර දෙකෙහිම ග්‍රහ හැසිරීම් රටාව ගැනයි. ග්‍රහ දෝෂ යෙදී ඇත්නම් සාම්ප්‍රදායික පොරොන්දම් ගැළපීම් ලකුණු 36ක්ම ඇතත් විවාහ වීමට හැකි වුවත් එය ස්ථීවරම දිවි ඇතිතෙක් ගෙන යෑමට නොහැකි වෙයි.
විවාහයට කේන්දර දෙකක් ගැළපීම දුෂ්කරය. දෝෂ නැති කේන්දර නොමැත. විවාහ දෝෂ බිඳී යන අන්දම ගැන පිරික්‍ෂා කර බැලිය යුතු වෙයි. මංගල දෝෂ, භෞම දෝෂ නමින් හැඳින්වෙන කුජගේ දෝෂ කේන්දරයක 1, 2, 4, 7, 8, 12 යන ස්ථානවල යෙදී තිබිය හැකිය.
මේෂ 2, මිථුන 4, තුලා 8, වෘශ්චික 8, ධනු 7, මීන 4 සහ 7 යන ස්ථානවල කුජ සිටීමෙන් භෞම දෝෂය සෑදේ.
වෘෂභ, කටක, සිංහ, කන්‍යා, මකර, කුම්භ ලග්නයන්ට කුජ භෞම දෝෂය නොමැත. කුජගේ භෞම දෝෂය කේන්දර දෙකෙහිම යෙදී ඇත්නම් එය භංග වෙයි. ගුරුගේ සංයෝගයන් පෙනීමක් හරහාද දෝෂය භංග වෙයි. අනෙක් ග්‍රහ දෝෂ ගැනද විමසා බැලිය යුතු වෙයි.
එක ග්‍රහයකු නරක තැනක සිටි පළියටම විවාහ දෝෂ හටනොගන්නා බැව් දක්වමු. එකී දෝෂ බිඳෙන අවස්ථා එමට ඇත. ප්‍රබලතම විවාහ දෝෂ 20ක්ම ඇත.
කුජ, අඟහරු 7 වැන්නේ සිටින විට අනෙක් කේන්දරයේද 7 වැන්නේම කුජ සිටින කේන්දර හිමියන් සෙවීමේ ක්‍රමයක්ද සමාජය තුළ පැතිර පවතී.
මෙය මිථ්‍යාවකි. කුජ 7 වැන්නේ සිටින අය අතිසාර්ථක යුගදිවි ගතකරන බැව් සොයාගෙන තිබේ. තවද කුජ 7 වැන්නේ සිටීම මහා පාපයක් පෙර කරන ලද මහා අකුසල මූලයක් බැව්ද යන්න තවත් මතයකි. විවාහයක් සාර්ථක වීමට හෝ අසාර්ථක වීමට කුජගේ බලපෑම මූලික වේ යැයි සිතීමද වැරැදි මතයකි. කුජට පමණක් හැකිද විවාහයක් කඩාබිඳ දැමීමට. විවාහය ප්‍රමාද වීමට හෝ විවාහ ගැටලු ඇති වීමට කුජ පමණක් නොව වෙනත් ග්‍රහයන්ගේද බලපෑම් තිබිය යුතු වෙයි.
7 වැන්නේ කෲරතම ග්‍රහයන් සිටින කේන්දර හිමියන් සාර්ථක යුග දිවි ගෙවන බැව් අප අත්දැක තිබේ. අන්‍ය භාවාධිපතීන්ගේ බල ශක්තිය ලැබී ඇති නිසා කටක ලග්න හිමියකුගේ කේන්දරයේ කුජ 7 වැන්නේ සිටීමෙන්ද, මකර ලග්න හිමියකුගේ කුජ 7 වැන්නේ සිටීමෙන්ද ඇති වන ප්‍රතිපල දෙකකි. කටකයට සුබයි, මකරයට අසුබයි. 7 වැන්නේදී කුජටත් වඩා රවි, බුධ, ගුරු ආදීහු යුගදිවියේ අසහනය මතු කොට දක්වන බවද පැහැදිලි කරුණකි.
රාහු හා කේතු සුබ – අසුබ නොතකා 7 වැන්නට අහිතකර බලපෑම් එල්ල කරනු ලැබේ. ඔබේ කේන්දරයේ අඟහරු 7 නම් බිය නොවන්න. විවාහයට බාධාවක් යැයි නොසිතන්න. අත්දැකීම් හරහා මෙවැන්නක් එළිදක්වමු. ‘ඉර පායන විට බටර් උණු වෙයි, මඩ තද වෙයි’ කුජගේ කතාවත් ඒ වගේමයි.
7 වැන්නට ලැබී ඇති අන්‍ය ග්‍රහ දුෂ්ටි කුජ තැන්පත් නැකැත 7 වැන්නාධිපති තැන්පත් නැකැත නවාංශක කේන්දරයේ ග්‍රහ හැසිරීම චන්ද්‍ර රාශිගෙන් හතර වැනි 22 වැනි දෙර්කාණාධිපති 64 වැනි නවාංශකාධිපති ආදී විවිධ පැතිකඩ පරීක්‍ෂාවට ලක් කළ යුතු වෙයි. 7 වැන්නේ සිටින කුජ ලග්නය මෙන්ම දෙවැන්නත් දස වැන්නත් දැකීම හරහා සුබපල ගෙන දෙනු ඇත. පාපියකු යැයි නම් කර ඇති පලියටම ඕනෑම ග්‍රහයකු අපල ගෙන දෙන්නේ යැයි සිතීම මිථ්‍යාවකි.
අන්‍ය ග්‍රහ බලය අනුවද දුෂ්ටි හරහාද පුද්ගලයකුට සුබපල ලැබෙන බැව් දක්වමු.
කුජ නිසා විවාහය ගැන කුකුසෙන්, සැකයෙන්, බියෙන් සිටිනවාට වඩා ගැඹුරින් ඔබේ කේන්දරයේ අඟහරු හැසිරෙන ආකාරය සොයා බලන්න. එය ඔබේ ජීවිතයට වැඩදායි වෙයි.
ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල











