• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අපූර්වත්වය පිරි ඒ හඬ අමරණීයයි

October 3, 2020
in Heart
Reading Time: 2 mins read
A A
අපූර්වත්වය පිරි ඒ හඬ අමරණීයයි
Share on WhatsAppShare on Facebook

සකල වූ ලෝක ධාතුව ඉතාම දරුණු ලෙස වටලමින් ‘කෝවිඞ්-19’ හෙවත් කොරෝනාව කළ හිතක්, පපුවක් නැති විනාශයෙහි තවත් එක් අතුරු ප්‍රතිඵලයක කටුක පුවතක් පසුගිය අගෝස්තු මස අග භාගයෙහි ලොව පුරා පැතිර ගියේය.

ඒ සුප්‍රසිද්ධ ඉන්දියානු ගායක එස්. පී. බාලසුබ්‍රමනියම්ගේ දුක්ඛිත මරණයයි.
ඉලක්කමක් ලෙස ගත් කල බාලසුබ්‍රමනියම් වයස 74ක් වුවද ඔහුගේ හඬෙහි නම් වූයේ තරුණ හාදයකුගේ ස්වරය සහ ගාම්භීර බවය. ඒ නිසාවෙන් සුබ්‍රමනියම් මියෙන ආසන්නයට පැමිණෙන තුරුම හරිම අපූරුවට තාල අල්ලමින් සුමධුර හඬින් ගීත ගායනා කළේය.
ඉන්දිරා ගාන්ධිගේ සොඳුරු ලේලිය සහ රාජිව් ගාන්ධිගේ පියකරු බිරිය වූ සෝනියා ගාන්ධි, යම් උත්සව අවස්ථාවකදී සුබ්‍රමනියම්ගෙන් අසා තිබුණේ,

‘ඔබ කටහඬ මිහිරි වන්නට වැල්මී කොච්චරක් දවසකට කනවාදැයි..,’
කියාය.
බාල සුබ්‍රමනියම් මහා හඬින් සිනාසෙමින් සෝනියාට කීයේ වැල්මී කියන්නේ මොන රසයක් තියෙන දෙයක් දැයි තමා නොදන්නා බවය.
‘මා දන්නා තරමින් ඔබට වයස 70ක් අවසානයි.., අදටත් ඔබේ හඬ එදා ඔබට වයස 24දී මම ඇසුවා වාගේමයි. කියන්න එහි රහස කුමක්ද..?’
සෝනියා දෙවනුව ඇසුවාය.
‘මේ අහන්න මැඩම්..,
දෙවියන් වහන්සේ මිනිසා කියන සත්වයා නිර්මාණය කරන විට සොබාදහම සමඟ මිතුරු වෙලා ඇතැමුන්ට යම් සුවිශේෂී දෑ අතමිට මොළවනවා. ඉතින් කුමක් හෝ අහම්බයකින් උන්වහන්සේ තෝරාගත් ඒ ඇතැම් දෙනා අතර මමද සිටින්නට ඇති. මහලු නොවන අපූරු හඬක් මට තෑගි ලැබුණේ ඒ නිසයි.’

බාලසුබ්‍රමනියම්ගේ පිළිතුර ඔහුගේ හඬ තරමට සොඳුරු විය. සෝනියා ඔහු දෙස බලා සිටියේද ඔහු කෙතරම් සුන්දර මිනිසෙකුද යන වග අදහාගන්නට බැරිවා වාගේය.
බාලසුබ්‍රමනියම් ගැන එවැනි සොඳුරු සිදුවීම් ඕනෑ තරම් විය. එය එකින් එක පෙළ ගැස්වීමට නම් ශුද්ධවූ බයිබලය තරමට ග්‍රන්ථයක් නිකුත් කළ යුතු බව ඔහුගේ එකම පුතු ‘බරන් සුබ්‍රමනියම්’ විසින් පවසා තිබිණි.

ඇත්තෙන්ම බාලසුබ්‍රමනියම් තමාව හඳුන්වා දුන් ආකාරයටම ඔහු දෙවියන් විසින් ලොවට දායාද කළ සුවිශේෂී දීමනාවක්ම විය. සුබ්‍රමනියම් ගී ගැයීම ආරම්භ කළේ ඔහුට වයස 24 පසුවන විටමය. එයට පසුව 50 වසරක් තුළ සිය වෘත්තීමය ජීවිතයෙහි සංගීතය යන ඉසව්ව තුළ සුබ්‍රමනියම් ඔටුනු පැලඳ සිටියේය. 50 වසරක් සපිරුණු සුබ්‍රමනියම්ගේ සංගීත ජීවිතය තුළ සම්මාන රාශියක් දිනාගත් අතර, පද්ම භූෂාන් සහ පද්ම ශ්‍රී සම්මානද මෑතදී එයට එකතු විය.
භාෂා 16කින් ඉතා සුමධුර සිය ගී හඬ විස්මයට පත් කළ ඔහු සුවිශේෂීව දමිළ, තෙළිඟු සහ හින්දි බසින් වැඩි හරියක් ගී ගැයුවේය. මියෙන්නට පෙරාතුව ගැයූ ඒ ගීත ගණනට ඉලක්කමක අගයක් තබන්නේ නම් එය 40,000කට වඩා වැඩිය. ගිනස් පොතට ඔහුගේ නම වැටුණේද ඒ නිසාය.
උතුරු ඉන්දීය සිනමාවේ හින්දි බසින් ගී ගයන ගායකයන් සිටියද බොහෝ සංගීත අධ්‍යක්‍ෂවරුන් අජේ දේව්ගන්, අක්ෂය කුමාර්, සංජේ දත් සහ සුනිල් ෂෙට්ටිගේ ප්‍රතිරූප සඳහා ගීත ගායනයට එක්කළේ බාලසුබ්‍රමනියම්ය. එය ඔහු තමාට ලැබුණු කදිම අවස්ථාවක් ලෙස සැලකුවේය.
බොහෝ කෙටියෙන් සාරාංශමය වශයෙන් දැක්වූ ඔය කෙටි තොරතුරු තුළින් බාලසුබ්‍රමනියම්ගේ වටිනාකම කොතෙක් දැයි ඔබට වැටහුණා නිසැකය.

නමුත්..,
පසුගිය දවසක ඉන්දීය මාධ්‍ය ජාලා ඔස්සේ පැපරාසින් විසින් මුදාහැර තිබූ ප්‍රවෘත්තිවල සඳහන්ව තිබුණේ, බාලසුබ්‍රමනියම්ව අකාලයේ මරාගත් බවකි.

ජීවත් කරවීම සඳහා උපරිම වූ ආධාරක මාර්ග තිබියදීත්, බාලසුබ්‍රමනියම්ගේ තත්ත්වය නරක අතට හැරෙන්නට ඉඩදී හැමෝම වාගේ බලාසිටියේ ඇයිදැයි යන්න වටහාගත නොහැකි බව එම පැපරාසින් තවදුරටත් නිවේදනය කොට තිබිණි.

‘කොරෝනා’ ආසාදිතය ශරීර ගතවීමෙන් බාලසුබ්‍රමනියම් චෙන්නායි හී එම්.ජී.එම්. හෙල්ත් කෙයාර් රෝහලට ඇතුළත් වූයේ සැප්තැම්බර් 4 වැනිදාය.

එයට පසුව මදින් මද උණ ගතිය වැඩි වීම සහ එම උණ රෝගය දරුණු නියුමෝනියාවකට අවතීරණය වීමෙන් පසුව ඔහු මරණාසන්න තත්ත්වයකට මැදිව සිටියේය. සිහියක් හෝ නිනව්වක් නොමැතිව අධි සත්කාර ඒකකයෙහි දින කිහිපයක්ම කල් ගෙවූ හෙතෙම පසුගිය 21 වැනි සඳුදා දින ජීවිතය හැරගියේය.

සියල්ල එසේ සිදුවූ බව මාධ්‍ය අනාවරණය කරන විට චෙන්නායිහී එම්. ජී. එම්. හෙල්ත් කෙයා රෝහල නිකුත් කළ නිවේදනයක දැක්වූයේ හෘදයාබාධමය තත්ත්වයක් උත්සන්න වීමෙන් බාල සුබ්‍රමනියම් මරණයට පත්වූ බවය.

කෙසේ වුවද,
සියල්ල සිදුවී හමාරය.
බාලසුබ්‍රමනියම් වෙනුවෙන් ඉන්දියාව පුරාම ගෞරව උපහාර පිදෙන අතර, ඔහුගේ අහිමි වීම දරාගත නොහැකි පාඩුවකැයි පවසමින් ඉන්දියාවේ ඉතා කීර්තිමත් පුද්ගලයන් සහ බොහෝ පිරිස් සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ තම ශෝකය පළකොට තිබිණි.

ඒ අතර,
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සුරේෂ් රයිනා..,
වියපත් නොවන ඔබේ සුමධුර හඬ අහිමිව යෑම කනගාටුයි. ඉදිරි පරම්පරාව ඔබේ ස්වරය අනුගමනය කරන්නේ නම් එය ආශිර්වාදයකි, යනුවෙන්ද,
අන්ද්‍රා ප්‍රදේශයේ මහ ඇමැති ජගන් මොහාන් රෙඞ්ඩි,
අහඹුවක් වූ ඔබේ දක්‍ෂතාවය අසාමාන්‍යයි.
යනුවෙන්ද,
උතුරු ඉන්දීය නළු අක්ෂය කුමාර,
‘ඔබ වැන්නකු නැවැතත් ඉන්දියාවටම තිළිණ කරන්නැයි’ මම දෙවියන්ට යාඥා කරන්නෙමි.
යනුවෙන්ද, තම ප්‍රාර්ථනාවන් ඉතාම සංවේදීව සටහන් කොට තිබිණි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

බදුර්දීන් එන්න හැදුවොත් එළවනවා…

Next Post

‘දිවි උදාන’ සංවර්ධන ණය යෝජනා ක්‍රමයේ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය උතුරු මැද පළාතට

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.