• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

රෑ ඩැනියෙල් දවල් මිගෙල් සමඟ අපි නැවත හමුවෙමු

October 3, 2020
in Heart
Reading Time: 3 mins read
A A
රෑ ඩැනියෙල් දවල් මිගෙල් සමඟ අපි නැවත හමුවෙමු
Share on WhatsAppShare on Facebook

‘ප්‍රේක්‍ෂකයන් සිනහා ගැන්වීම තරම් අමාරු කාරියක් රංගනය තුළ තවත් නැතැයි…’ ලෝකප්‍රකට රංගවේදීයකු වූ ‘චාලි චැප්ලින්’ පැවැසූ වාර අනන්තය. එහි අසත්‍යයක් නැත. සත්තකින්ම සංකීර්ණ චරිත රඟපාමින් ප්‍රේක්‍ෂකයන් මවිතයට පත්කිරීම, ඔවුන්ව සිනා ගන්වනවාට වඩා පහසුය. දුක හිතෙන චරිතයක් තුළ ප්‍රේක්‍ෂකයන් හැඬවීමද හිනා ගස්සනවාට වඩා බොහෝ පහසුය. කිසිදුම කඩවැස්මක් නැති ඉතා කුඩා සිරුරක් සහිත මිනිසකු වූ චාලි චැප්ලින් මියගියද තවමත් අංක 1 අසුන් පෙළෙහි ප්‍රේක්‍ෂක සිත් අතර ජීවත් වන්නේද ප්‍රහර්සන කලාව තුළ ඔහු ප්‍රේක්‍ෂකයාට දුන් සුපිරි ආතල් එක නිසාය. ප්‍රහර්සන කාර්යයෙහි ගැඹුර කොතෙක් දැයි සරලව විග්‍රහ කරලීමට චාලි චැප්ලින් ගැන හීනියට කතා කළද මේ මොහොතේ පෑන අතට ගත්තේ ලාංකේය සිනමාවේ ප්‍රහර්සන කලාව තුළ නම රැන්දූ තවත් එක් අපූරු කවටයකු වූ ටෙනිසන් කුරේ ගැන දුක්බර සටහනක් තබන්නටය.

ජීවිතය අනියතයි, මරණය නියතයි, යනුවෙන් බොහෝ පොත්පත්වල සඳහන්ව තිබුණද කිසිවකු මරණය සමඟ නෑදෑකම් ඇතිකර ගන්නේ නැත. එලෙසම බොහෝ දෙනකු ‘වයස යනු ඉලක්කමක් පමණය’ යන මතය තුළ හැට පැන්නත් යොවුන් ගැටවරයන්සේ ජීවිතය අත්විඳිති. රංගනය ජීවිතය කරගත් කලාකරුවන් අතර එම න්‍යාය වඩා සුවිශේෂී විය. ටෙනිසන් කුරේ නම් වූ ප්‍රහර්සනවේදියාටද එය එලෙසම විය. ‘දෙයියනේ, ටෙනිසන් කුරේට 68ක්ද, කියන්නත් බැහැ නේද..?

හදිසියේම ජීවිත කලාවෙන් සමුගත් ටෙනිසන් කුරේ නම් වූ කලාකරුවා ගැන වතගොත, මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වන විට වැඩි හරියක් දෙනාගේ මුවින් එලෙස කියැවී තිබිණි.

ඒ කියන්නේ 68ක් වුවද ටෙනිසන් 38 කොල්ලෙකු සේ ප්‍රේක්‍ෂකයාව සිනා සයුරෙහි ගිල්වමින් සිය රංගන ප්‍රතිභාව තුළ කලර්ස් පෙන්වූයේය. සිනමාව, වේදිකාව, ටෙලි තිරය මෙන්ම ප්‍රසංග වේදිකාව ඔස්සේද ටෙනිසන් කුරේ ප්‍රේක්‍ෂක සිත් කුල්මත් කළේය.

1986 ටෙනිසන් සිනමාවට පැමිණියේ දිනේෂ් ප්‍රියසාද්ගේ ‘පෙරළිකාරයෝ’ හරහාය. පෙරළිකාරයෝ චිත්‍රපටයෙහි තිර පිටපත් රචකයාද වූ හෙතෙම එහි විජය කුමාරතුංගගේ සහෝදරයකු ලෙස චරිත නිරූපණයෙහිද යෙදුණේය. කෝලකාරයකු ලෙස නළියමින් විකට රංගනයෙහි යෙදුණු සැහැල්ලු මිනිසකු වුවද ‘දෙමෝදර පාලම’ සහ ‘කොළොම්පුර්’ යන වාර්තාගත චිත්‍රපට සඳහාද තිරපිටපත් සැකසුණේ, ටෙනිසන් කුරේගේ නිර්මාණ කුසලතාව මතය.

චිත්‍රපට 80ක් පමණ සිය හාස්‍යමය රංගනයෙන් ඔපමට්ටම් කළ ටෙනිසන් පාර්ලිමන්ට් ජෝක්ස්, රෑ දනියෙල් දවල් මිගෙල්, රන්ජා, නොම්මර එකයි, තෑන්ක් යූ බර්ටි නම් වාර්තාගත චිත්‍රපටවල ප්‍රධාන චරිත සඳහා සුවිශේෂීව පණ පෙවුවේය. වේදිකාව තුළ කළ සුවිශේෂී රංගනයන් හමුවේද ප්‍රේක්‍ෂක සිත් අතර නොමැකෙන මතකයක් තැබූ ටෙනිසන් කුරේ පසුකලෙක වේදිකා නාට්‍ය නිෂ්පාදනයද ඉතා දැවැන්ත ලෙස ආරම්භ කළේය.

ගේ පද රචනය සඳහා ද ඉතාම සොඳුරු වදන් පෙළගන්වන්නට හැකියාව දැක්වූ මේ කදිම ප්‍රහර්සන රංගනවේදියා ගායනයටද පිවිසුණේ, ‘ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත’ කියන කියමන මුසාවක් කරවමිනි.

ටෙනීගේ සිත තුළ කලාව වෙනුවෙන් මහා මෙහෙවරක් කිරීමේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. ‘ගරා වැටෙන්නට යන සිංහල චිත්‍රපට කලාව වෙනුවෙන් යමක් කළයුතු යැයි යන හැඟීම තුළ තදින්ම ක්‍රියාකිරීමේ උනන්දුව වගේම කැමැත්තද ටෙනී අයියාගේ හිතේ මහා පරිමාණෙන් තිබුණු බව හැමෝම දන්නා කාරණයක්. ඇත්තෙන්ම, ජීවත් වෙන්න තණ්හාවක් නොතිබ්බට මරණය මේ තරම් ඉක්මනට ඔහුව කැන්දාගෙන යාවි කියලා අපි වාගේම ඔහුවත් හිතුවේ නැතුව ඇති. ටෙනිසන් කුරේ සමඟ සමීප හිතමිතුරුකම් පැවැත්වූ සහෝදර කලා ශිල්පිනියක එලෙස පැවැසුවේ දැඩි සංතාපයකිනි.

මෑත දිනයක ප්‍රසාංගික හමුවකට පැමිණ සිටි ටෙනී එයටම සමාන කතාවක් එම ප්‍රසාංගික වැඩසටහන මෙහෙය වූ ශිල්පියා සමඟද පවසා තිබිණි.

අලුතෙන් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න යනවා කියලා ආරංචියක් තියෙනවා…’
ටෙනිසන් කුරේගෙන් නිවේදන ශිල්පියා ඇසුවේ වැඩසටහන අතරතුරය.
‘ඔව්… එහෙම අදහසකුත් තියෙනවා. තව මහ ගොඩක් වැඩ කරන්නටත් තියෙනවා… බලාපොරොත්තු එමටයි… කාලය ඒ වෙනුවෙන් මට වේලාව දෙනතුරු බලා ඉන්නවා…’
සිනහා පිරි මුවින් ටෙනිසන් එලෙස පවසා තිබිණි.

පැවැසූ ලෙසම ඔහු යම් යම් සැලැසුම් මත සිනමාව, වේදිකාව සහ ප්‍රසාංගික වේදිකාව තුළ විවිධ වූ නිර්මාණකරණයන් සඳහා පිඹුරුපත් සකසමින් සිටියේය.
දවස ගෙවිණි… කාලය ඉකුත් විය…

ටෙනිසන් කුරේ නම් ප්‍රහර්සනවේදියාට දෛවය විසින් නොසිතූ පරිදි යම් විරාමයක් සිය ජීවිතයට ලබා දී තිබිණි. ඒ.., ඔහු එදා පැවැසූ ආකාරයට ‘මහා ගොඩක් වැඩ කරන්නට හෝ එමට තිබු බලාපොරොත්තු ඉටුකර ගන්නට නම් නොවේය…

ඇරැයුම ලැබී තිබුණේ, සුදු ඇඳ ඇතිරිලි මතට වි මරණය සමඟ අසුබ ගනුදෙනුවක් කරන්නටය. ටෙනිසන් බිය වූයේ නැත. ඔහු උපේක්‍ෂකව පෙරදැරිව දෛවය දුන් අකාරුණික තීන්දුවට මුහුණ දුන්නේය. අඬන්නට සූදානම්ව සිටින්නන්ටද, සිනාසෙන්නට අවැසි ප්‍රහර්සනය නිර්ලෝභීව දායාද කළ මේ කදිම කලාකරුවා මරණය පෙනි පෙනී වුවද සිනාවෙන් මුව සරසා සිටින්නට වෙරදැරීය. තමා හමුවට පැමිණෙන අය සමඟ හොඳින් කතා බහ කළේය.

මොනවා හරි යමක් කරන්නට, අලුත් පෙරළියක් ඇති කරන වැඩක් කරන්නට නිතර පෙරළිකාරයෝ තුළින් සිනමාවට පැමිණි මේ පෙරළිකාර විකට රසවතා රෝගී යහන මත හිඳගෙනද ඒ ගැන අන්‍යයන් සමඟ කතාබහ කළේය.

එහෙත් ඊළඟ මොහොත අවිනිශ්චිතයැ’යි, යම් තැනක සඳහන්ව තිබුණා සේම තමා සැලැසුම් නොකළ ගමනක් යන්නට ටෙනීට දෙවියන් වහන්සේ විසින් හදිසියේම වීසා නිකුත් කොට තිබිණි.
ඒ ආපසු එන්නට නම් නොව, සදහටම කලා අසපුවක් ජීවිත අසපුවක් අතහැර යන්නටය.
‘මරණයේ හැටි එහෙමය…’

වරෙන්තුව නිකුත් වූ කල එයට විරුද්ධව නැහැ බැහැ කියන්නට උපන් කෙරුම්කාරයකු තවමත් මෙලොව බිහිවූයේ නැත. මහ වැඩ ගොඩක් කරන්නට බලා සිටි ටෙනිසන් කුරේටද එය එලෙසම විය. 1952 අප්‍රේල් 30 වැනිදාවේ මෙලොවට පැමිණ 1986 වසරෙහි සිනමාවට පය තැබූ විවාහකයකු වූ ටෙනිසන් කුරේ, 2020 සැප්තැම්බර් මස 21 වැනිදා මරණය සමඟ ගිවිසුම අස්සන් කරන තුරුම වසර තිස් ගණනක් පුරා සිය ප්‍රහර්සන හැකියාව පෙන්වීය. මියගිය පසුව කිසිවකු ගැන බොරු පාරට්ටු කීම, ගුණ ගැයීම හෝ ආ වැඩීම බොහෝ විට අවැඩකි. එලෙසම කලාකරුවකු වෙනුවෙන් ජීවත්ව සිටියදී නොදැක්වූ ගරු බුහුමන් මියගිය පසුව දැක්වීම නොහොබිනා විහිළුවකැයි ප්‍රවීණ ගායක සුනිල් පෙරේරා ප්‍රසිද්ධ ගීතයක් හරහා රසිකයන් දැනුවත් කළේද අද ඊයෙක නොවේය.

නමුත්..,
මියගිය පසුව කලාකරුවකු ගැන යම් සංවේදී සටහනක් පුවත් පතක පිටුවක් මත අකුරු කිරීම නම් සදාචාරසම්පන්න නොවේ යැයි සිතිය නොහැකිය.

එබැවින්..,
කාටත් නොකියාම යන්නට ගිය රංගන ශිල්පී ටෙනිසන් කුරේ ගැන මෙම සොඳුරු මතක සටහන තබන්නට අපි ඔබෙන් අවසර පතමු. රංගන ජීවිතය තුළ පමණක් නොව පුද්ගලිකය කියන ජීවිත රටාව තුළද ටෙනීට යහළුවන් බොහොමයක් විය. ඕනෑම තැනක ඉල ඇදෙන විහිළුවක් කොට කලාකාමී මිතුරන් අතර අසීමිත ජනප්‍රියත්වයක් ගොඩනඟාගෙන සිටි ටෙනීට සමීපතමයන්ගෙන් හිඟයක්ද නොවීය. ඔහු ගැන යමක් අසන්නට ඔවුන් සොයා යන්නට අපට සිතුණේ ඔහුගේ දුක්බර හදිසි වියෝව ගැන ඔවුනට දැනෙන සංතාපය ගැන වදනක් ලියන්නටය.
බොහෝ දෙනකුගේ ජංගම දුරකතන ක්‍රියා විරහිතව තිබිණි. ඇතැමුන් ‘ලයින් බිසි’ ය. තවත් කිහිප දෙනකුගෙන් රිංග්ස් ගියා මිස කතාබහ නැත.

එහෙත්..,
ටෙනීව ඉතාම සමීපව ඇසුරු කළ කිහිපදෙනකු අප හා සුහදව සිය දුක බෙදා හදා ගන්නට තරම් කාරුණික විය. මේ අකුරුවලට පෙරළෙන්නේ ඔවුන් පැවැසූ සංවේගදායි කතාබහය.

ප්‍රවීණ නර්තන සහ රංගන ශිල්පිනී අනුෂා දමයන්ති සිය කතාබහ ආරම්භ කළේ කඳුළක්ද සමඟය.
ටෙනී අයියා ගැන මේ වාගේ කමෙන්ට් එකක් මේ තරම් ඉක්මනට දෙන්නට වෙයි කියලා මම හිනෙකින්වත් හිතුවේ නැහැ. ආරංචිය දැනගත්ත වෙලාවේ මට දැනුණේ හැමදේම මොහොතකට නතර වුණා කියලයි. මම කවුද? මොනවද? ඊළඟට කරන්නේ කියන සිතුවිල්ලට එන්න මට විනාඩි ගණනක් ගියා. අති දක්‍ෂ කවට රසවතෙක්, තිර රචකයෙක් වාගේම සිනමාව ගොඩනැඟීමේ කාර්යයට සුළු මෙහෙවරකින් හෝ උර දෙන්නට බලා සිටි නිෂ්පාදකවරයෙක් අපට අහිමිව ගියා කියලා තමයි පළමුවෙන්ම කියන්න වෙන්නේ. මම සිනමාවට එනවිට ටෙනිසන් කුරේ කියන්නේ ප්‍රවීණත්වයට පත් පුද්ගලයෙක්. ඔහු සමඟ කරටකර රඟපාන විට ඔහු දුන්න සහයෝගය දැක්වූ නිහතමානීකම ඇත්තෙන්ම අගය කළ යුතුමයි. 68ක් කියන්නේ, මම හිතන්නේ කලාකරුවකුට එතරම් වයසක් නෙවෙයි.
මේ ළඟදි දවසකත් ටෙනී අයියා කිව්වේ,
‘කරන්න වැඩ මහ ගොඩක් තියෙනවා, හැම දෙයක්ම පටන්ගන්න කලින් මම කෙළින් වෙන්න එපායැ’ කියලයි.
කෙනෙක් මැරුණාට පස්සේ මොනවා කීවත් මොකටදැයි කියලා කවුරුත් කිව්වට මියගිය කෙනකු ගැන ගුණවත් යමක් කියන්නට ලැබීමත් භාග්‍යයක්. ඒ හින්දා මම මෙහෙම කියන්නම්, රටක් හිනැස්සූ අපේ ටෙනී අයියා.., කාටත් රහසේ රටක් හඬවා යන්නට ගියා. ආයම කොයිතරම් විහිළුකාරයකු ආවත් ටෙනිසන් කුරේ කියන බොහෝ හැකියාවන් තිබුණු ප්‍රවීණයාව අපට මුණනොගැහෙන බව ඒකාන්තයි.

ක්‍රියාකාරී දේශපාලනඥයකු වූ ජීවන් කුමාරණතුංග සිය සමීපතම මිතුරා ගැන තැබුවේ මෙවන් සටහනකි.
සිනමාව තුළ රංගන කාර්යය හරහා අප අතර තිබුණු බැඳීමට වඩා වැඩි බැඳීමක් පුද්ගලික ජීවිතය තුළ ටෙනී සහ මා අතර තිබුණා.
මමයි, ටෙනියි, සිනමාවට ආවේ එකටම වාගේ ‘පෙරළිකාරයෝ’ චිත්‍රපටය තුළින්. මමත් ඔහුත් පුදුම විදියට සමීප වුණා. විශේෂයෙන් මම විජය කුමාරණතුංග කියන ප්‍රවීණ රංගන ශිල්පියාගේ ඥාතියකු වීම තුළ ටෙනි මට වඩාත් ප්‍රිය කරන්නට ගත්තා මම හිතන්නේ. ඉන්පසු කෙටි කලකදීම ඔහු අපේ පවුලේද සමීපතමයකු වූයේ ඉබේමයි.
වැඩි චිත්‍රපට ගණනක එකට රඟපෑම තුළ ටෙනිත් මමත් ඉතාම දැඩි සහෝදර බැඳීමක් ඇතිකර ගත්තාය කිව්වොත් එය අතිශයෝක්තියක් නෙවෙයි. අනෙක ප්‍රේක්‍ෂකයන්ව සතුටින් තබන්නට ටෙනී කළ මෙහෙවර හැමෝටම කරන්නට බැහැ.
මේ දුක්බර පුවත දැනගත්ත ඒ අසුබ මොහොතේ මම මොහොතක් කම්පනයට මැදිව සිටියා.
අසනීපව සිටියත් මෙතරම් ඉක්මනට ටෙනී අපව හැර යයි කියා මම සිතුවේ නැහැ. ඉතින් දැන් කියන්නට ඇත්තේ,
‘ඔහුට මොක්සුව හිමි වේවාය’ කියා පමණයි.


පුංචි ශ්‍රීදේවිය ලෙස සිංහල සිනමාවට පැමිණි දිල්හානි ඒකනායක ටෙනිසන් කුරේ සමඟ බොහෝ චිත්‍රපටවල රංගනයෙන් දායක වූ රංගන ශිල්පිනියකි. එහෙත්.., දිල්හානි අපට කීවේ සිනමාවේ මිතුරු කමට වඩා ටෙනිසන් සමඟ තමාගේ තිබූ පෞද්ගලික මිත්‍රත්වය ඉතාම සමීප බවය. ඈ අප හා එක් වූයේද හොඳ මිතුරකු ලෙස ටෙනී අයියා තමා වෙත දැක්වූ හිතවත්කම කියන්නටය.
මට දැනෙන විදියට ටෙනිසන් කුරේ නොම්මර එකේ විකට නළුවෙක්. සෙට් එකේදී ඔහුව දැක්කත් අපට හිනා යන තරමට ඔහු අපට කරන විහිළු – තහළු අපූරුයි.
හැබැයි..,

ඒ රංගනවේදියාට වඩා මිතුරකු ලෙස මම හඳුනාගත් ටෙනී අයියාට මම ගරු කරනවා.
රංගනයෙන් බැහැරට ගිය කල මමත් ටෙනී අයියත් අතර තිබුණු මිත්‍රකම පුදුමාකාරයි. මගේ සැපතේදී, සතුටු වෙන ඔහු මට දුකක් දැනුණු කළ නොසැලී මා අසලම හිටියා. හිතන්න බැහැ ඔහු වාගේ හොඳ යහළුවන් තවත් ඇතැයි කියා. මගේ හිතට දැනෙන මගේ සමීපතමයන් අතර හිටපු තවත් සොඳුරු මිතුරෙක් මාව දාලා යන්න ගියා.
බොහෝ විට මම ලෞකිකත්වයෙන් බැහැරව ගිය කෙනෙක්… උපත සමඟ මරණයද, උරුමයැයි සිතන කෙනෙක්.

හැබැයි..,
ටෙනී අයියා නැතිවුණා කියන ආරංචිය දැනගත් මොහොතේ ඒ නියමය මට මොහොතකට අමතකව ගියා. මම වික්‍ෂිප්ත වුණාය කිව්වොත් හරි. තවමත්, මේ මොහොතෙත් මම ඉන්නේ ඒ තිගැස්ම තුළ. තව දිගු කාලයක් මට මේ සංතාපය දැනේවි.
දුක කියන්නේ විලාප දීලා, අඬන එක නෙවෙයි. සිත කොනක විඳවන එකටයි. අන්න ඒ විඳවීම තුළ මම ටෙනී අයියා ගැන දුක් වෙනවා.

අවසාන වශයෙන් මෙහෙම කියන්නම්,
‘සිංහල සිනමාවට හොඳ කවටයකු වාගේම මට අපූරු යාළුවෙකුත් නැතිවුණා. ඒ නැතිව යෑමේ දුක මුළු ජීවිත කාලයටම මාව පෙළාවි. මොකද, ඒ වාගේ හොඳ යාළුවෙක් නිතර හමුවෙන්නෙ නැති නිසා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

හදපු ගෙයක් ගන්නවා නම් දෙපාරක් හිතන්න

Next Post

කුජ 7ට කුජ 7ම හරියයිද

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාභයගේ නඩුවට නාමල් රාජපක්ෂත් අධිකරණයට.. Sri Lanka Latest News

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.