ශ්‍රී ලාංකික ප්‍රජාව සවිබල ගැන්වීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ගෙන යාමේ අරමුණ පෙරදැරිව මෙරට ප්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදන සමාගමක් වන ක්‍රිස්බ්‍රෝ ජාතික ඔලිම්පික් කමිටුව සමග අවබෝධතා ගිවිසුමකට එළැඹෙමින් ‘NOCSL-CRYSBRO NEXT CHAMP’ ශිෂ්‍යත්ව වැඩසටහන පසුගියදා දියත් කරන ලදී. ක්‍රීඩා කුසලතා සහිත ශ්‍රී ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම මෙම උදාර වැඩපිළිවෙළෙහි මූලික අරමුණ වේ.
ක්‍රිස්බ්‍රෝ සහ ජාතික ඔලිම්පික් කමිටුව විසින් එළැඹි මෙම ගිවිසුමට අනුව ජාත්‍යන්තර තලයට ළඟා විය හැකි පරිසාධන මට්ටමක් සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකු 2022 දී පැවැත්වෙන යොවුන් ඔලිම්පික් තරගාවලිය, ආසියානු තරගාවලිය, 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සහ දකුණු ආසියානු තරගාවලිය වැනි ක්‍රීඩා තරගාවලි ඉලක්ක කර ගනිමින් පුහුණු කෙරෙනු ඇත.
මීටර් 200 ඉසව්වෙන් ඔලිම්පික් පදක්කමක් දිනූ ආසියාවේ එකම ක්‍රීඩිකාව සහ මලල ක්‍රීඩා සඳහා මෙරට වැඩිම පදක්කම් සංඛ්‍යවක් හිමිකර ගත් ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මිය ග්‍රාමීය මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තලය වෙත රැගෙන ‘NOCSL-CRYSBRO NEXT CHAMP’ ශිෂ්‍යත්ව වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් සිය දායකත්වය උපරිමයෙන් ලබා දෙන බව පැවසුවාය.











