• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සිදුහත් කුමරුගෙ මඟුල් කඩුවත් ලංකාවේ

October 3, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
සිදුහත් කුමරුගෙ මඟුල් කඩුවත් ලංකාවේ
Share on WhatsAppShare on Facebook

නිල්ල පිරුණු ගහකොළ අතරින් හමාගෙන එන මඳ සුළඟ සිතටත්, ගතටත් ගෙනදෙන්නේ අප්‍රමාණ සුවයකි. සැනසීමකි. ගතට දැනෙන වෙහෙසකර බවත්, සිතට දැනෙන වෙහෙසකර බවත් මේ බිමේදී අතුරුදන් වන්නේය. මේ හැඟීම් කොහේ, කොතැනක අතුරුදන් වෙනවා දැයි නොතේරේ. දැනෙන්නේ අමිල වූ සිසිලසක අප්‍රමාණ වූ සන්සුන් බවකි. බැලූ බැලූ හැම පැත්තේම, පරිසරයේ නිදහස භුක්ති විඳින සතා සිවුපාවන්ගේ දසුන්ය.

එය හදවතේ බර නිදහස් කරන අපූරු ඖෂධයක් හා සමානය. දැවෙන කෙනකුට නිවෙන්නට මෙතරම් මනරම් ඉසව්වක් තවත් වේදැයි කෙනකුට සිතෙන්නටද බැරි නැත. මේ ඉසව්ව එතරම්ම පින්බර වන්නට තවත් අතිපූජනීය කාරණාවක් හේතුපාදකව ඇති බව කිව යුතුමය. ඒ මේ සුන්දර පරිසරය මධ්‍යයේ පිහිටි කිරිවෙහෙර චෛත්‍ය රාජයා නිසාවෙනි. නිල්වන් ගහකොළ අතරින් විරාජමානව කිරි සුදු පැහැයෙන් අහසට නැගි කිරිවෙහෙර මළුවේදී නොනිමෙන සිතක් නැත්තේමය. මේ ඉසව්ව එතරම් ශාන්තය. පින්බරය. එතරම් අප්‍රමාණ වූ ශාන්ත බවක් ලද කිරිවෙහෙරේ කතාව දිගු ඉතිහාස කතාවකට මඟ පෑදෙන්නේය.

මෙරට විවිධ ප්‍රදේශයන් ගැන කතා කරද්දී ගෞතම බුදුන් වහන්සේ සම්බන්ධ බොහෝමයක් දේ ගැන කියැවෙයි. ඒ අතර උන්වහන්සේ වැඩම කළ ස්ථාන ගැන මෙන්ම බහුතරයක් කතාවට ගැනෙන්නේ සර්වඥ ධාතුන් තැන්පත් කළ විවිධ ස්ථාන සම්බන්ධවයි. මහනුවර දළදා මාලිගය, මහියංගනය චෛත්‍යය, රුවන්වැලි මහා සෑය වැනි ප්‍රධාන ස්ථාන අතර තවත් බොහෝමයක් ස්ථාන සර්වඥ ධාතුන් සම්බන්ධයෙන් කතාබහට ගැනෙයි. මේ හේතුව නිසාම උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා ඉන්දියාවටත් වඩා වැඩි ප්‍රමාණයක් ලංකා භූමිය තුළ වැඩ සිටිනවාය කියලා කෙනකුට පහසුවෙන්ම තර්කයක් ගෙන එන්නත් හැකියාව නැතුවා නොවේ.

මෙවැනි කතා සමඟ බලද්දී තවත් විශේෂ කාරණාවකුත් කතාබහට එකතු වෙයි. ඒ බුදුන්වහන්සේ බුද්ධත්වයට පෙර එනම් ගිහිගෙයි සිටියදී භාවිත කළ දේද ශ්‍රී ලංකාව තුළ නිධන් කර තිබීමේ රහසයි. ඒ අතර ප්‍රධානම කාරණාව වෙන්නේ කතරගම මේ කිහිරි වෙහෙරයි. එහෙමත් නැත්නම් පසුකාලීන කිරිවෙහෙර නමින් ප්‍රකට වෙච්ච සුප්‍රසිද්ධ චෛත්‍ය තුළ සිදුහත් කුමරු භාවිත කළ මඟුල් කඩුව තැන්පත් කර තිබෙනවාය කියන කාරණාවය.

ආර්යපර්යේෂණ සූත්‍රයට අනුව නම් සිදුහත් කුමරු ගිහිගෙයින් නික්ම ගොස් ඇත්තේ හිස්කෙස් ඛේදනය කිරීමෙන් අනතුරුවයි. එසේ නම් එම කටයුත්තට පාවිච්චි කළ කඩුව ගිහිගෙය හැර යන මොහොතේ රැගෙන ගියායැයි කිසිවකුටත් තර්ක කළ නොහැකිය. එසේ බැලූ විට මඟුල් කඩුව තිබිය යුත්තේ සිදුහත් කුමරු එම මොහොතේ වාසය කළ මාලිගාවේය. එම මාලිගය සුද්දෝධන මහරජුට අයත් මාලිගයක් වී නම් තම පුතු භාවිත කළ මඟුල් කඩුව ලංකාද්වීපයේ පාලන කටයුතු කළ මහසේන නම් රජුට ලබා දෙන්නට තරම් සුද්දෝධන රජු පරිත්‍යාගශීලී වේද යන්න දෙවරක් සිතිය යුතුය. එසේම එහි තවත් විශේෂ කාරණාවක් කියැවෙන්නේය. ඒ බුදුන් වහන්සේ ජීවමාන සමයේම මෙම කඩුව තැන්පත් කර මහාසේන රජු විසින් කිරිවෙහෙර චෛත්‍ය ඉදිකරවීමය. එය තරමක් ගැඹුරින් සිතිය යුතු ප්‍රශ්නයක් දක්වා මෙම මාතෘකාව රැගෙන යන්නකි. කෙසේ නමුදු මේ වෙද්දි තර්කයකින් තොරව පිළිගන්නා යමක් වෙයි. ඒ කිරිවෙහෙර චෛත්‍යය රාජයාණන් වහන්සේ තුළ සිදුහත් කුමරුගෙ මඟුල් කඩුව තැන්පත් කර තිබෙනවාය යන කාරණාය.

මේ සියල්ල සමගින් මතුවන ප්‍රධාන කතිකාවතක් යළිත් මතකයට නැඟෙයි. ඒ බුදුන් වහන්සේ උපන් බිම හා බුද්ධත්වය ලැබූ දීපය පිළිබඳව කතිකාවතයි. එසේම උන්වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේ විශාල ප්‍රමාණයක් මෙරට විවිධ ස්ථානයන්හි වැඩ වාසය කිරීමේ රහසත් සමඟින් මේ කතිකාවත තවත් කතාබහට ගතයුතු යැයි කෙනකුට සිතෙන්නට ඉඩකඩ ඇත. එසේ සිතන කෙනකුට අවසානයේ යම් තීන්දුවකට එළැමිය හැකිය. ඒ තීන්දුවේ සත්‍ය – අසත්‍යතාව මතු දිනයකදී යථාර්ථයක් සේ ලෝකය හමුවේ හෙළි පෙහෙළි වනු ඇත.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

ෆොන්ටෙරා සමාගම කිරි ගොවීන් සමග එක්වී බිම් මට්ටමින් විසඳුම් සොයයි

Next Post

ඔබත් ගණ දෙවියන් යාළු කරගන්න

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.