ආණ්ඩුව ඉදිරිපත් කොට ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 10 දෙනකුගෙන් යුත් කමිටුවක් පත්කර තිබේ.
ඊට නිමල් සිරිපාල ද සිල්වා, රෝහණ ලක්ෂ්මන් පියදාස, දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, ෂාන් විජයලාල් සිල්වා, ෆයිසර් මුස්තාෆා, සාරතී දුෂ්මන්ත, නීතීඥ සංජය ගමගේ, ආචාර්ය චමිල් ලියනගේ යන මහත්වරු ඇතුළත් වෙති.
මෙම කමිටුව මගින් ලබා දෙන නිර්දේශ ඉදිරියේදී ආණ්ඩුව වෙත ලබා දීමටද නියමිතය.










