පාස්කු ප්‍රහාරයට වගකිවයුතු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්අඩංගුවට නොගැනීම මුල් කරගෙන ‘කතෝලික විභාවනය’ සංවිධානයේ සභාපති චිරන්ත අමරසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවසට පිවිසෙන අතුරු මාර්ගය අසල ප්‍රධාන මාර්ගයේ දී උපවාසයක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
හෙට (29) දින පෙරවරු 6.30 – 9.30 අතර කාලයේ මෙම උපවාසය සිදු කිරීමට හෙතෙම කටයුතු සූදානම් කර ඇත.
ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සහ මිරිහාන පොලිස් සථානාධිපති දැනුවත් කරමින් ලිපියක් යොමු කොට ඇති ඒ මහතා, ඊට විරෝධයක් ඇත්නම් අධිකරණ මාර්ගයෙන් තමන්ට එය දැනුම් දෙන ලෙස ඉල්ලීමක්ද කර තිබේ.










